සැවැත් නුවර දී ය …..
මහණෙනි, සිතෙහි අප්‍රකට ව පවතින කෙලෙස් සත ප්‍රහාණය පිණිස ත්, මුලින් ම සිඳලීම පිණිස ත් බඹසර වසනු ලැබේ. ඒ කවර සතක් ද යත්;
සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ කාමරාගය ප්‍රහාණය පිණිස ත්, මුලින් ම සිඳලීම පිණිස ත් බඹසර වසනු ලැබේ. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ ද්වේෂය ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ දෘෂ්ටිය ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ විචිකිච්ඡාව ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ මාන්නය ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ භවරාගය ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ අවිද්‍යාව ප්‍රහාණය පිණිස ත්, මුලින් ම සිඳලීම පිණිස ත් බඹසර වසනු ලැබේ.
මහණෙනි, මේ සිතෙහි අප්‍රකට ව පවතින කෙලෙස් සත ප්‍රහාණය පිණිස ත්, මුලින් ම සිඳලීම පිණිස ත් බඹසර වසනු ලැබේ.
මහණෙනි, යම් කලෙක භික්ෂුවගේ සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ කාමරාගය ප්‍රහීණ වූයේ වෙයි ද, මුලින් ම සිඳුණේ වෙයි ද, කරටිය සුන් තල් ගසක් බඳු වූයේ වෙයි ද, අභාවයට පත්වූයේ වෙයි ද, යළි නූපදින ස්වභාවයට පත්වූයේ වෙයි ද, සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ ද්වේෂය ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ දෘෂ්ටිය ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ විචිකිච්ඡාව ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ මාන්නය ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ භවරාගය ….(පෙ)…. සිතෙහි අප්‍රකට ව පවතින ක්ලේශයක් වූ අවිද්‍යාව ප්‍රහීණ වූයේ වෙයි ද, මුලින් ම සිඳුණේ වෙයි ද, කරටිය සුන් තල් ගසක් බඳු වූයේ වෙයි ද, අභාවයට පත්වූයේ වෙයි ද, යළි නූපදින ස්වභාවයට පත්වූයේ වෙයි ද, මහණෙනි, සිතෙහි අප්‍රකට ව පවතින කෙලෙස් නැති මේ භික්ෂුව තණ්හාව සිඳ දැම්මේ ය. සංයෝජන පෙරලා දැම්මේ ය. මනාකොට මාන්නය ප්‍රහාණයෙන් දුක් අවසන් කළේ ය යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
අනුසයප්පහාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M