අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.2.1. අනුසය සුත්තං

7.1.2.1. සිතෙහි අප්‍රකට ව පවතින කෙලෙස් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සිතෙහි අප්‍රකට ව පවතින කෙලෙස් සතකි. ඒ කවර සතක් ද යත්;

කාමරාගය නම් වූ සිතෙහි අප්‍රකට ක්ලේශයකි. ද්වේෂය නම් වූ සිතෙහි අප්‍රකට ක්ලේශයකි. දෘෂ්ටිය නම් වූ සිතෙහි අප්‍රකට ක්ලේශයකි. විචිකිච්ඡාව නම් වූ සිතෙහි අප්‍රකට ක්ලේශයකි. මාන්නය නම් වූ සිතෙහි අප්‍රකට ක්ලේශයකි. භවරාගය නම් වූ සිතෙහි අප්‍රකට ක්ලේශයකි. අවිද්‍යාව නම් වූ සිතෙහි අප්‍රකට ක්ලේශයකි.

මහණෙනි, මේ වනාහී සිතෙහි අප්‍රකට ව පවතින කෙලෙස් සත ය.

සාදු! සාදු!! සාදු!!!

අනුසය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M