සැවැත් නුවර දී ය …..
මහණෙනි, සප්තවිධ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ත්, මුලින් ම සිඳලීම පිණිස ත් බඹසර වසනු ලැබේ. ඒ කවර සතක් ද යත්;
කාමරාගය නම් වූ බන්ධනය ප්‍රහාණය පිණිස ත්, මුලින් ම සිඳලීම පිණිස ත් බඹසර වසනු ලැබේ. ද්වේෂය නම් වූ බන්ධනය ….(පෙ)…. දෘෂ්ටිය නම් වූ බන්ධනය ….(පෙ)…. විචිකිච්ඡාව නම් වූ බන්ධනය ….(පෙ)…. මාන්නය නම් වූ බන්ධනය ….(පෙ)…. භවරාගය නම් වූ බන්ධනය ….(පෙ)…. අවිද්‍යාව නම් වූ බන්ධනය ප්‍රහාණය පිණිස ත්, මුලින් ම සිඳලීම පිණිස ත් බඹසර වසනු ලැබේ.
මහණෙනි, මේ සප්තවිධ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ත්, මුලින් ම සිඳලීම පිණිස ත් බඹසර වසනු ලැබේ.
මහණෙනි, යම් කලක භික්ෂුවගේ කාමරාගය නම් බන්ධනය ප්‍රහීණ වූයේ වෙයි ද, මුලින් ම සිඳුණේ වෙයි ද, කරටිය සුන් තල් ගසක් බඳු වූයේ වෙයි ද, අභාවයට පත්වූයේ වෙයි ද, යළි නූපදින ස්වභාවයට පත්වූයේ වෙයි ද, ද්වේෂය නම් වූ බන්ධනය ….(පෙ)…. දෘෂ්ටිය නම් වූ බන්ධනය ….(පෙ)…. විචිකිච්ඡාව නම් වූ බන්ධනය ….(පෙ)…. මාන්නය නම් වූ බන්ධනය ….(පෙ)…. භවරාගය නම් වූ බන්ධනය ….(පෙ)…. අවිද්‍යාව නම් වූ බන්ධනය ප්‍රහීණ වූයේ වෙයි ද, මුලින් ම සිඳුණේ වෙයි ද, කරටිය සුන් තල් ගසක් බඳු වූයේ වෙයි ද, අභාවයට පත්වූයේ වෙයි ද, යළි නූපදින ස්වභාවයට පත්වූයේ වෙයි ද, මහණෙනි, මේ භික්ෂුව තණ්හාව සිඳ දැම්මේ ය. සංයෝජන පෙරලා දැම්මේ ය. මනාකොට මාන්නය ප්‍රහාණයෙන් දුක් අවසන් කළේ ය යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤෝජනප්පහාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M