අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.1.10. මච්ඡරිය සඤ්ඤෝජන සුත්තං

7.1.1.10. මසුරුකම නම් බන්ධනය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සංයෝජන සතකි. ඒ කවර සතක් ද යත්;

කාමරාගය නම් වූ බන්ධනයකි. ද්වේෂය නම් වූ බන්ධනයකි. දෘෂ්ටිය නම් වූ බන්ධනයකි. විචිකිච්ඡාව නම් වූ බන්ධනයකි. මාන්නය නම් වූ බන්ධනයකි. ඊර්ෂ්‍යාව නම් වූ බන්ධනයකි. මසුරුකම නම් වූ බන්ධනයකි.

මහණෙනි, මේ වනාහී සප්තවිධ බන්ධනයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

මච්ඡරිය සඤ්ඤෝජන සූත්‍රය නිමා විය.

පළමුවෙනි ධන වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පිය සූත්‍ර දෙක, බල සූත්‍ර දෙක, සංඛිත්ත ධන සූත්‍රය, විත්ථත ධන සූත්‍රය, උග්ග මහාමත්ත සූත්‍රය, සඤ්ඤෝජන සූත්‍රය, සඤ්ඤෝජනප්පහාන සූත්‍රය සහ මච්ඡරිය සඤ්ඤෝජන සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M