අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.1.8. සත්ත සඤ්ඤෝජන සුත්තං

7.1.1.8. බන්ධන සත ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සංයෝජන සතකි. ඒ කවර සතක් ද යත්;

කාමරාගය නම් වූ බන්ධනයකි. ද්වේෂය නම් වූ බන්ධනයකි. දෘෂ්ටිය නම් වූ බන්ධනයකි. විචිකිච්ඡාව නම් වූ බන්ධනයකි. මාන්නය නම් වූ බන්ධනයකි. භවරාගය නම් වූ බන්ධනයකි. අවිද්‍යාව නම් වූ බන්ධනයකි.

මහණෙනි, මේ වනාහී සප්තවිධ බන්ධනයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

සත්ත සඤ්ඤෝජන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M