අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.1.5. සංඛිත්ත ධන සුත්තං

7.1.1.5. සංක්ෂේපයෙන් ධනයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ ධන සතකි. ඒ කවර සතක් ද යත්;

ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, චාග ධනය සහ ප්‍රඥා ධනය යි.

මහණෙනි, මේ වනාහී ධන සත යි.

(ගාථා)

1. ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, චාග ධනය සහ සත්වෙනි ප්‍රඥා ධනය යි.

2. යම් ස්ත්‍රියකට වේවා, පුරුෂයෙකුට වේවා මේ ධනය තිබෙයි නම් හේ නොදිළින්දෙක් යැයි කියනු ලැබේ. ඔහුගේ ජීවිතය හිස් වූවක් නොවෙයි.

3. එහෙයින් ශ්‍රද්ධාව ත්, සීලය ත්, සංඝයා කෙරෙහි ප්‍රසාදය ත්, ධර්මාවබෝධය ත් ඇති නුවණැත්තා බුදුරජුන්ගේ ශාසනය සිහි කරමින් ධර්මයෙහි හැසිරෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

සංඛිත්ත ධන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M