අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.4.9. දුතිය අභබ්බට්ඨාන සුත්තං

6.2.4.9. හැකියාව නැති කරුණු ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡයිමානි භික්ඛවේ අභබ්බට්ඨානානි. කතමානි ඡ:

මහණෙනි, මේ අසමර්ථ වූ සය කරුණකි. ඒ කවර සය කරුණක් ද යත්;

අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ කඤ්චි සංඛාරං නිච්චතෝ උපගන්තුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ කඤ්චි සංඛාරං සුඛතෝ උපගන්තුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ කඤ්චි ධම්මං අත්තතෝ උපගන්තුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ ආනන්තරියකම්මං කාතුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ කෝතූහලමංගලේන සුද්ධිං පච්චාගන්තුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ ඉතෝ බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසිතුං.

සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් පිළිගන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් සැප වශයෙන් පිළිගන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා කිසි ධර්මයක් ආත්ම වශයෙන් පිළිගන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා ආනන්තරීය කර්ම කරන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා නැකත් සුභ නිමිති මංගල කරුණු ආදියට නැවත හැරී යන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා මේ සසුනෙන් බැහැර ව පින් සළකා දන් පැන් පිදීමට නිසියෙකු සොයා යන්නට අසමර්ථ වෙයි.

ඉමානි ඛෝ භික්ඛවේ ඡ අභබ්බට්ඨානානීති.

මහණෙනි, මේ වනාහී අසමර්ථ වූ සය කරුණ යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අභබ්බට්ඨාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M