අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.4.8. අභබ්බට්ඨාන සුත්තං

6.2.4.8. හැකියාව නැති කරුණු ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡයිමානි භික්ඛවේ අභබ්බට්ඨානානි. කතමානි ඡ:

මහණෙනි, මේ අසමර්ථ වූ සය කරුණකි. ඒ කවර සය කරුණක් ද යත්;

අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ සත්ථරි අගාරවෝ විහරිතුං අප්පතිස්සෝ, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ ධම්මේ අගාරවෝ විහරිතුං අප්පතිස්සෝ, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ සංඝේ අගාරවෝ විහරිතුං අප්පතිස්සෝ, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ සික්ඛාය අගාරවෝ විහරිතුං අප්පතිස්සෝ, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ අනාගමනීයං වත්ථුං පච්චාගන්තුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ අට්ඨමං භවං නිබ්බත්තේතුං.

සෝවාන් පුද්ගලයා ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන්, යටහත් පැවතුම් නැති ව වාසය කරන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා ධර්මය කෙරෙහි අගෞරවයෙන්, යටහත් පැවතුම් නැති ව වාසය කරන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා සංඝයා කෙරෙහි අගෞරවයෙන්, යටහත් පැවතුම් නැති ව වාසය කරන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා ශික්ෂාව කෙරෙහි අගෞරවයෙන්, යටහත් පැවතුම් නැති ව වාසය කරන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා දුසිල් බවට හෝ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන්ට හෝ නැවත හැරී යන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා අටවෙනි භවයක් උපදවන්නට අසමර්ථ වෙයි.

ඉමානි ඛෝ භික්ඛවේ ඡ අභබ්බට්ඨානානීති.

මහණෙනි, මේ වනාහී අසමර්ථ වූ සය කරුණ යි.

සාදු! සාදු!! සාදු!!!

අභබ්බට්ඨාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M