අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.4.7. අභබ්බ සුත්තං

6.2.4.7. අසමර්ථ බව ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡ භික්ඛවේ ධම්මේ අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ උප්පාදේතුං. කතමේ ඡ:

මහණෙනි, මේ සය කරුණ දිට්ඨි සම්පන්න හෙවත් සෝවාන් පුද්ගලයා උපදවන්නට අසමර්ථ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්;

සක්කායදිට්ඨිං, විචිකිච්ඡං, සීලබ්බතපරාමාසං, අපායගමනීයං රාගං, අපායගමනීයං දෝසං, අපායගමනීයං මෝහං.

සක්කාය දිට්ඨිය ය. විචිකිච්ඡාව ය. සීලබ්බත පරාමාස ය. අපාය කරා රැගෙන යන රාගය ය. අපාය කරා රැගෙන යන ද්වේෂය ය. අපාය කරා රැගෙන යන මෝහය ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මේ අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ උප්පාදේතුන්ති.

මහණෙනි, මේ සය කරුණ දිට්ඨි සම්පන්න හෙවත් සෝවාන් පුද්ගලයා උපදවන්නට අසමර්ථ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අභබ්බ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M