☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ සය කරුණ දිට්ඨි සම්පන්න හෙවත් සෝවාන් පුද්ගලයා හට ප්‍රහීණ වූයේ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්;
සක්කාය දිට්ඨිය ය. විචිකිච්ඡාව ය. සීලබ්බත පරාමාස ය. අපාය කරා රැගෙන යන රාගය ය. අපාය කරා රැගෙන යන ද්වේෂය ය. අපාය කරා රැගෙන යන මෝහය ය.
මහණෙනි, මේ සය කරුණ දිට්ඨි සම්පන්න හෙවත් සෝවාන් පුද්ගලයා හට ප්‍රහීණ වූයේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පහීණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M