අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.4.5. අප්පහාය සුත්තං

6.2.4.5. ප්‍රහාණය නොකිරීම ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡ භික්ඛවේ ධම්මේ අප්පහාය අභබ්බෝ දිට්ඨිසම්පදං සච්ඡිකාතුං. කතමේ ඡ:

මහණෙනි, සය කරුණක් ප්‍රහාණය නොකොට දෘෂ්ටි සම්පත්තිය හෙවත් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්;

සක්කායදිට්ඨිං, විචිකිච්ඡං, සීලබ්බතපරාමාසං, අපායගමනීයං රාගං, අපායගමනීයං දෝසං, අපායගමනීයං මෝහං.

සක්කාය දිට්ඨිය ය. විචිකිච්ඡාව ය. සීලබ්බත පරාමාස ය. අපාය කරා රැගෙන යන රාගය ය. අපාය කරා රැගෙන යන ද්වේෂය ය. අපාය කරා රැගෙන යන මෝහය ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මේ අප්පහාය අභබ්බෝ දිට්ඨිසම්පදං සච්ඡිකාතුං.

මහණෙනි, මේ සය කරුණ ප්‍රහාණය නොකොට දෘෂ්ටි සම්පත්තිය හෙවත් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට අසමර්ථ වෙයි.

ඡ භික්ඛවේ ධම්මේ පහාය භබ්බෝ දිට්ඨිසම්පදං සච්ඡිකාතුං. කතමේ ඡ:

මහණෙනි, සය කරුණක් ප්‍රහාණය කොට දෘෂ්ටි සම්පත්තිය හෙවත් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට සමර්ථ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්;

සක්කායදිට්ඨිං, විචිකිච්ඡං, සීලබ්බතපරාමාසං, අපායගමනීයං රාගං, අපායගමනීයං දෝසං, අපායගමනීයං මෝහං.

සක්කාය දිට්ඨිය ය. විචිකිච්ඡාව ය. සීලබ්බත පරාමාස ය. අපාය කරා රැගෙන යන රාගය ය. අපාය කරා රැගෙන යන ද්වේෂය ය. අපාය කරා රැගෙන යන මෝහය ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මේ පහාය භබ්බෝ දිට්ඨිසම්පදං සච්ඡිකාතුන්ති.

මහණෙනි, මේ සය කරුණ ප්‍රහාණය කොට දෘෂ්ටි සම්පත්තිය හෙවත් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට සමර්ථ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අප්පහාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M