අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.4.10. තතිය අභබ්බට්ඨාන සුත්තං

6.2.4.10. හැකියාව නැති කරුණු ගැන වදාළ තෙවෙනි දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡයිමානි භික්ඛවේ අභබ්බට්ඨානානි. කතමානි ඡ:

මහණෙනි, මේ අසමර්ථ වූ සය කරුණකි. ඒ කවර සය කරුණක් ද යත්;

අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ මාතරං ජීවිතා වෝරෝපේතුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ පිතරං ජීවිතා වෝරෝපේතුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ අරහන්තං ජීවිතා වෝරෝපේතුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදේතුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ සංඝං භින්දිතුං, අභබ්බෝ දිට්ඨිසම්පන්නෝ පුග්ගලෝ අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං.

සෝවාන් පුද්ගලයා මව් ජීවිතයෙන් තොර කරන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා පියා ජීවිතයෙන් තොර කරන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා රහතුන් ජීවිතයෙන් තොර කරන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරින් ලේ සොළවන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා සංඝ භේදය කරන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා අන්‍ය වූ ශාස්තෘවරයෙක් සරණ යන්නට අසමර්ථ වෙයි.

ඉමානි ඛෝ භික්ඛවේ ඡ අභබ්බට්ඨානානීති.

මහණෙනි, මේ වනාහී අසමර්ථ වූ සය කරුණ යි.

සාදු! සාදු!! සාදු!!!

තතිය අභබ්බට්ඨාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M