සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ අසමර්ථ වූ සය කරුණකි. ඒ කවර සය කරුණක් ද යත්;
සෝවාන් පුද්ගලයා සැප දුක් තමා විසින් කරන ලද්දේ යැයි පිළිගන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා සැප දුක් අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදියෙකු විසින් කරන ලද්දේ යැයි පිළිගන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා සැප දුක් තමා විසිනුත් කරන ලද්දේ ය, අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදියෙකු විසිනුත් කරන ලද්දේ ය යැයි පිළිගන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා සැප දුක් තමා විසින් නොකරන ලද්දේ, ඉබේ හටගත්තේ යැයි පිළිගන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා සැප දුක් අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදියෙකු විසින් නොකරන ලද්දේ, ඉබේ හටගත්තේ යැයි පිළිගන්නට අසමර්ථ වෙයි. සෝවාන් පුද්ගලයා සැප දුක් තමා විසිනුත් නොකරන ලද්දේ, අන්‍යයෙකු විසිනුත් නොකරන ලද්දේ, ඉබේ හටගත්තේ යැයි පිළිගන්නට අසමර්ථ වෙයි. එයට හේතුව කුමක්ද? මහණෙනි, සෝවාන් පුද්ගලයා විසින් දුකෙහි හේතුව මැනැවින් දකින ලද්දේ වෙයි. ඒ හේතූන්ගෙන් හටගත් ධර්මයන් ද මැනැවින් දකින ලද්දේ වෙයි. එහෙයිනි.
මහණෙනි, මේ වනාහී අසමර්ථ වූ සය කරුණ යි.
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ අභබ්බට්ඨාන සූත්‍රය නිමා විය.
සිව්වෙනි සීති වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සීතිභාව සූත්‍රය, ආවරණ සූත්‍රය, වෝරෝපිත සූත්‍රය, සුස්සූසති සූත්‍රය, අප්පහාය සූත්‍රය, පහීණ සූත්‍රය, අභබ්බ සූත්‍රය, සහ අභබ්බට්ඨාන සූත්‍ර සතර වශයෙන් මෙහි සූත්‍ර එකොළසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M