සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
මව ජීවිතයෙන් තොර කළේ වෙයි. පියා ජීවිතයෙන් තොර කළේ වෙයි. රහතුන් ජීවිතයෙන් තොර කළේ වෙයි. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලේ සෙලවූයේ වෙයි. සංඝයා භේද කරන ලද්දේ වෙයි. ප්‍රඥාව නැත්තේ, ජඩ වූයේ, කෙළතොළු වූයේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ ම කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
මව ජීවිතයෙන් තොර නොකළේ වෙයි. පියා ජීවිතයෙන් තොර නොකළේ වෙයි. රහතුන් ජීවිතයෙන් තොර නොකළේ වෙයි. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලේ නොසෙල්වූයේ වෙයි. සංඝයා භේද නොකරන ලද්දේ වෙයි. ප්‍රඥාව ඇත්තේ, ජඩ නොවූයේ, කෙළතොළු නොවූයේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ ම කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
වෝරෝපිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M