අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.4.2. ආවරණ සුත්තං

6.2.4.2. වැසීයාම ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට හැකියාව නැත්තේ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්,

කම්මාවරණතාය සමන්නාගතෝ හෝති, කිලේසාවරණතාය සමන්නාගතෝ හෝති, විපාකාවරණතාය සමන්නාගතෝ හෝති, අස්සද්ධෝ ච හෝති, අච්ඡන්දිකෝ ච, දුප්පඤ්ඤෝ ච.

කර්ම ආවරණයෙන් යුක්ත වූයේ වෙයි. ක්ලේශ ආවරණයෙන් යුක්ත වූයේ වෙයි. විපාක ආවරණයෙන් යුක්ත වූයේ වෙයි. ශ්‍රද්ධාව නැත්තේ වෙයි. කුසල් වැඩීමෙහි ආශා නැත්තේ වෙයි. ප්‍රඥාව නැත්තේ වෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ නමුත් කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැස ගන්නට හැකියාව නැත්තේ වෙයි.

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං භබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ ම කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට හැකියාව ඇත්තේ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්,

න කම්මාවරණතාය සමන්නාගතෝ හෝති, න කිලේසාවරණතාය සමන්නාගතෝ හෝති, න විපාකාවරණතාය සමන්නාගතෝ හෝති, සද්ධෝ ච හෝති, ඡන්දිකෝ ච, පඤ්ඤවා ච.

කර්ම ආවරණයෙන් යුක්ත නොවූයේ වෙයි. ක්ලේශ ආවරණයෙන් යුක්ත නොවූයේ වෙයි. විපාක ආවරණයෙන් යුක්ත නොවූයේ වෙයි. ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. කුසල් වැඩීමෙහි ආශා ඇත්තේ වෙයි. ප්‍රඥාව ඇත්තේ වෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං භබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තන්ති.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය අසන්නේ ම කුසල් දහම්හි නිවැරදි බව නම් වූ ධර්ම මාර්ගයට බැසගන්නට හැකියාව ඇත්තේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ආවරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M