අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.4.1. සීතිභාව සුත්තං

6.2.4.1. සිහිල් බව ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අභබ්බෝ අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව අනුත්තර වූ සිහිල් බව සාක්ෂාත් කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;

ඉධ භික්ඛවේ භික්ඛු යස්මිං සමයේ චිත්තං නිග්ගහේතබ්බං, තස්මිං සමයේ චිත්තං න නිග්ගණ්හාති. යස්මිං සමයේ චිත්තං පග්ගහේතබ්බං, තස්මිං සමයේ චිත්තං න පග්ගණ්හාති. යස්මිං සමයේ චිත්තං සම්පහංසිතබ්බං, තස්මිං සමයේ චිත්තං න සම්පහංසේති. යස්මිං සමයේ චිත්තං අජ්ඣුපෙක්ඛිතබ්බං, තස්මිං සමයේ චිත්තං න අජ්ඣුපෙක්ඛති. හීනාධිමුත්තිකෝ ච හෝති සක්කායාධිරතෝ ච.

මහණෙනි, මෙහිලා භික්ෂුව යම් කලක සිතට නිග්‍රහ කළ යුතු නම් එසමයෙහි සිතට නිග්‍රහ නොකරයි. යම් කලක සිතට වීර්යය ඉපිද විය යුතු නම් එසමයෙහි සිතට වීරිය ඉපිද වීම නොකරයි. යම් කලක සිත සමාධියෙන් සතුටු කළ යුතු නම් එසමයෙහි සිත සමාධියෙන් සතුටු නොකරයි. යම් කලක සිත උපේක්ෂාවෙන් තැන්පත් කළ යුතු නම් එසමයෙහි සිත උපේක්ෂාවෙන් තැන්පත් නොකරයි. ලාමක අදහස් ඇත්තේ ද වෙයි. සක්කායෙහි සතුටින් බැස ගත්තේ වෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අභබ්බෝ අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව අනුත්තර වූ සිහිල් බව සාක්ෂාත් කරන්නට අසමර්ථ වෙයි.

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු භබ්බෝ අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව අනුත්තර වූ සිහිල් බව සාක්ෂාත් කරන්නට සමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;

ඉධ භික්ඛවේ භික්ඛු යස්මිං සමයේ චිත්තං නිග්ගහේතබ්බං, තස්මිං සමයේ චිත්තං නිග්ගණ්හාති. යස්මිං සමයේ චිත්තං පග්ගහේතබ්බං, තස්මිං සමයේ චිත්තං පග්ගණ්හාති. යස්මිං සමයේ චිත්තං සම්පහංසිතබ්බං, තස්මිං සමයේ චිත්තං සම්පහංසේති. යස්මිං සමයේ චිත්තං අජ්ඣුපෙක්ඛිතබ්බං, තස්මිං සමයේ චිත්තං අජ්ඣුපෙක්ඛති. පණීතාධිමුත්තිකෝ ච හෝති නිබ්බානාධිරතෝ ච.

මහණෙනි, මෙහිලා භික්ෂුව යම් කලක සිතට නිග්‍රහ කළ යුතු නම් එසමයෙහි සිතට නිග්‍රහ කරයි. යම් කලක සිතට වීර්යය ඉපිද විය යුතු නම් එසමයෙහි සිතට වීරිය ඉපිද වීම කරයි. යම් කලක සිත සමාධියෙන් සතුටු කළ යුතු නම් එසමයෙහි සිත සමාධියෙන් සතුටු කරයි. යම් කලක සිත උපේක්ෂාවෙන් තැන්පත් කළ යුතු නම් එසමයෙහි සිත උපේක්ෂාවෙන් තැන්පත් කරයි. උතුම් අදහස් ඇත්තේ ද වෙයි. නිවනෙහි සතුටින් බැස ගත්තේ වෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු භබ්බෝ අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුන්ති.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව අනුත්තර වූ සිහිල් බව සාක්ෂාත් කරන්නට සමර්ථ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සීතිභාව සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M