සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව අග්‍ර ධර්මය වන අරහත්වය සාක්ෂාත් කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධා නැත්තේ වෙයි. පවට ලැජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. කුසීත වෙයි. ප්‍රඥා නැත්තේ වෙයි. කය ත්, ජීවිතය ත් කෙරෙහි අපේක්ෂා ඇත්තේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව අග්‍ර ධර්මය වන අරහත්වය සාක්ෂාත් කරන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව අග්‍ර ධර්මය වන අරහත්වය සාක්ෂාත් කරන්නට සමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධා ඇත්තේ වෙයි. පවට ලැජ්ජා ඇත්තේ වෙයි. පවට භය ඇත්තේ වෙයි. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වෙයි. කය ත්, ජීවිතය ත් කෙරෙහි අපේක්ෂා නැත්තේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව අග්‍ර ධර්මය වන අරහත්වය සාක්ෂාත් කරන්නට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අග්ගධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M