සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව හට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව හානියක් ම කැමති විය යුත්තේ ය. දියුණුවක් නොවෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලද පමණින් සතුටු නොවෙයි, මහත් ආශාවෙන් යුතුව පීඩිත ව වසයි. ශ්‍රද්ධා නැත්තේ වෙයි. දුස්සීල වෙයි. කුසීත වෙයි. මුළා වූ සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා නැත්තේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව හට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව හානියක් ම කැමති විය යුත්තේ ය. දියුණුවක් නොවෙයි.
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව හට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුත්තේ ය. හානියක් නොවෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලද පමණින් සතුටු වෙයි, මහත් ආශාවෙන් තොර ව, පීඩාවෙන් තොර ව වසයි. ශ්‍රද්ධා ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. පටන්ගත් වීරියෙන් යුතු වෙයි. සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා ඇත්තේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව හට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙයි නම් කුසල් දහම් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුත්තේ ය. හානියක් නොවෙයි.
සාදු! සාදු!! සාදු!!!
රත්තිදිවස සූත්‍රය නිමා විය.
තෙවෙනි අරහත්ත වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
දුක්ඛ සූත්‍රය, අරහත්ත සූත්‍රය, උත්තරිමනුස්සධම්ම සූත්‍රය, සුඛ සෝමනස්ස සූථ්‍රය, අධිගම සූත්‍රය, මහන්තත්ත සූත්‍රය, නිරය සූත්‍ර දෙක, අග්ගධම්ම සූත්‍රය සහ රත්තිදිවස සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M