අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.3.8. දුතිය නිරය සුත්තං

6.2.3.8. නිරය ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර සය කරුණකින් ද යත්;

මුසාවාදී හෝති, පිසුණවාචෝ හෝති, ඵරුසාවාචෝ හෝති, සම්ඵප්පලාපී හෝති, ලුද්ධෝ ච, පගබ්භෝ ච.

බොරු කියන්නේ වෙයි. කේලාම් කියන්නේ වෙයි. දරුණු වචන කියන්නේ වෙයි. නිසරු කතා කියන්නේ වෙයි. ලෝභී වෙයි. හිතුවක්කාර වෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ’ති.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං සග්ගේ. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර සය කරුණකින් ද යත්;

මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුණවාචා පටිවිරතෝ හෝති, ඵරුසාවාචා පටිවිරතෝ හෝති, සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති, අලුද්ධෝ ච, අප්පගබ්භෝ ච.

බොරු කීමෙන් වැළකුණේ වෙයි. කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි. නිසරු වචන කීමෙන් වැළකුණේ වෙයි. නිර්ලෝභී වෙයි. හිතුවක්කාර නොවෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං සග්ගේ’ති.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය නිරය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M