සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර සය කරුණකින් ද යත්;
සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. පවිටු ආශා ඇත්තේ වෙයි. මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර සය කරුණකින් ද යත්;
සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. අල්පේච්ඡ වූයේ වෙයි. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තැනැත්තා ඔසොවාගෙන පැමිණි දෙයක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
පඨම නිරය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M