අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.3.4. සුඛ සෝමනස්ස සුත්තං

6.2.3.4. සැප සොම්නස ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ සුඛසෝමනස්සබහුලෝ විහරති, යෝනි චස්ස ආරද්ධා හෝති ආසවානං ඛයාය. කතමේහි ඡහි:

මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව මෙලොවදී ම සැප සොම්නස් බහුල ව වාසය කරයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පටන් ගත් වීරිය ද අරඹන ලද්දේ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;

ඉධ භික්ඛවේ භික්ඛු ධම්මාරාමෝ හෝති, භාවනාරාමෝ හෝති, පහානාරාමෝ හෝති, පවිවේකාරාමෝ හෝති , අව්‍යාපජ්ඣාරාමෝ හෝති, නිප්පපඤ්චාරාමෝ හෝති.

මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මයෙහි ඇලුණේ වෙයි. භාවනාවෙහි ඇලුණේ වෙයි. කෙලෙස් ප්‍රහාණය කිරීමෙහි ඇලුණේ වෙයි. හුදෙකලා විවේකයෙහි ඇලුණේ වෙයි. අව්‍යාපාදයෙහි ඇලුණේ වෙයි. ප්‍රපංච රහිත නිවනෙහි ඇලුණේ වෙයි.

ඉමේහි ඛෝ භික්ඛවේ ඡහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ සුඛසෝමනස්සබහුලෝ විහරති, යෝනි චස්ස ආරද්ධා හෝති ආසවානං ඛයායා’ති.

මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව මෙලොවදී ම සැප සොම්නස් බහුල ව වාසය කරයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පටන් ගත් වීරිය ද අරඹන ලද්දේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සුඛ සෝමනස්ස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M