අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.3.3. උත්තරමනුස්සධම්ම සුත්තං

6.2.3.3. උතුරු මිනිස් දහම් ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං

සැවැත් නුවර දී ය …..

ඡ භික්ඛවේ ධම්මේ අප්පහාය අභබ්බෝ උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකාතුං. කතමේ ඡ:

මහණෙනි, සය කරුණක් ප්‍රහාණය නොකොට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උතුම් වූ ආර්ය ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නට හැකියාව නැත්තේ ය. ඒ කවර සය කරුණක් ද යත්;

මුට්ඨසච්චං, අසම්පජඤ්ඤං, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතං, භෝජනේ අමත්තඤ්ඤුතං, කුහනං, ලපනං.

මුළා සිහි ඇති බව, විදසුන් නුවණ නැති බව, ඉන්ද්‍රියයන්හි නොවැසූ දොරටු ඇති බව, භෝජනයෙහි අරුත් නොදන්නා බව, කුහකකම, ලාභය පිණිස වංචනික කතා කීම ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මේ අප්පහාය අභබ්බෝ උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකාතුං.

මහණෙනි, මේ සය කරුණ ප්‍රහාණය නොකොට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උතුම් වූ ආර්ය ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නට හැකියාව නැත්තේ ය.

ඡ භික්ඛවේ ධම්මේ පහාය භබ්බෝ උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකාතුං.කතමේ ඡ:

මහණෙනි, සය කරුණක් ප්‍රහාණය කොට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උතුම් වූ ආර්ය ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නට හැකියාව ඇත්තේ ය. ඒ කවර සය කරුණක් ද යත්;

මුට්ඨසච්චං, අසම්පජඤ්ඤං, ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතං, භෝජනේ අමත්තඤ්ඤුතං, කුහනං, ලපනං.

මුළා සිහි ඇති බව, විදසුන් නුවණ නැති බව, ඉන්ද්‍රියයන්හි නොවැසූ දොරටු ඇති බව, භෝජනයෙහි අරුත් නොදන්නා බව, කුහකකම, ලාභය පිණිස වංචනික කතා කීම ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මේ පහාය භබ්බෝ උත්තරිමනුස්සධම්මං අලමරියඤාණදස්සනවිසේසං සච්ඡිකාතුන්ති.

මහණෙනි, මේ සය කරුණ ප්‍රහාණය කොට මනුෂ්‍ය ධර්මයන්ට වඩා උතුම් වූ ආර්ය ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නට හැකියාව ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

උත්තරිමනුස්සධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M