සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණක් ප්‍රහාණය නොකොට අරහත්වය සාක්ෂාත් කිරීමට අසමර්ථ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්;
කුල ගෝත්‍ර වශයෙන් හටගත් මානය, අන්‍යයන්ට හීන වෙමි යි හටගත් ඕමානය, ඉතා උසස් වෙමි යි හටගත් අතිමානය, නොලැබූ අධිගමයන් ලැබූ බවට හටගත් අධිමානය, ක්‍රෝධය ත් මානය ත් දෙකින් යුතුව හටගත් දැඩිබව නම් වූ ථම්භය, හීනයාට ත් වඩා හීන වෙමි යි අතිනිපාතය ය.
මහණෙනි, මේ සය කරුණ ප්‍රහාණය නොකොට අරහත්වය සාක්ෂාත් කිරීමට අසමර්ථ වෙයි.
මහණෙනි, සය කරුණක් ප්‍රහාණය කොට අරහත්වය සාක්ෂාත් කිරීමට සමර්ථ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්;
කුල ගෝත්‍ර වශයෙන් හටගත් මානය, අන්‍යයන්ට හීන වෙමි යි හටගත් ඕමානය, ඉතා උසස් වෙමි යි හටගත් අතිමානය, නොලැබූ අධිගමයන් ලැබූ බවට හටගත් අධිමානය, ක්‍රෝධය ත් මානය ත් දෙකින් යුතුව හටගත් දැඩිබව නම් වූ ථම්භය, හීනයාට ත් වඩා හීන වෙමි යි අතිනිපාතය ය.
මහණෙනි, මේ සය කරුණ ප්‍රහාණය කොට අරහත්වය සාක්ෂාත් කිරීමට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අරහත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M