සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව සාක්ෂාත් නොකළ කුසල ධර්මයන් සාක්ෂාත් කරන්නට හෝ සාක්ෂාත් කළ කුසල ධර්මයන් දියුණු කරගන්නට හෝ අසමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව තමා තුළට පැමිණෙන දේ තේරුම් ගන්නට හැකියාව නැත්තේ වෙයි. තමාගෙන් ගිලිහෙන කුසල් තේරුම් ගන්නට හැකියාව නැත්තේ වෙයි. උපායෙහි හැකියාව නැත්තේ වෙයි. සාක්ෂාත් නොකළ කුසල් දහම් සාක්ෂාත් කිරීම පිණිස කැමැත්ත නූපදවයි. සාක්ෂාත් කළ කුසල් දහම් ආරක්ෂා නොකරයි. නිතර නිතර ප්‍රතිපදාවෙහි යෙදෙමින් කුසල් දහම් සම්පාදනය නොකරයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව සාක්ෂාත් නොකළ කුසල ධර්මයන් සාක්ෂාත් කරන්නට හෝ සාක්ෂාත් කළ කුසල ධර්මයන් දියුණු කරගන්නට හෝ අසමර්ථ වෙයි.
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව සාක්ෂාත් නොකළ කුසල ධර්මයන් සාක්ෂාත් කරන්නට හෝ සාක්ෂාත් කළ කුසල ධර්මයන් දියුණු කරගන්නට හෝ සමර්ථ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව තමා තුළට පැමිණෙන දේ තේරුම් ගන්නට හැකියාව ඇත්තේ වෙයි. තමාගෙන් ගිලිහෙන කුසල් තේරුම් ගන්නට හැකියාව ඇත්තේ වෙයි. උපායෙහි හැකියාව ඇත්තේ වෙයි. සාක්ෂාත් නොකළ කුසල් දහම් සාක්ෂාත් කිරීම පිණිස කැමැත්ත උපදවයි. සාක්ෂාත් කළ කුසල් දහම් ආරක්ෂා කරයි. නිතර නිතර ප්‍රතිපදාවෙහි යෙදෙමින් කුසල් දහම් සම්පාදනය කරයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව සාක්ෂාත් නොකළ කුසල ධර්මයන් සාක්ෂාත් කරන්නට හෝ සාක්ෂාත් කළ කුසල ධර්මයන් දියුණු කරගන්නට හෝ සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අධිගම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M