සැවැත් නුවර දී ය …..
මහණෙනි, කරුණු සයක් ප්‍රහාණය නොකොට ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරන්නට හැකියාව නැත්තේ ය. ඒ කවර කරුණු සයක් ද යත්;
කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ය. ඔහු විසින් කාමයන්ගේ ආදීනව පිළිබඳ ව මනා නුවණින් යුතුව ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකිරීම ය.
මහණෙනි, මේ කරුණු සය ප්‍රහාණය නොකොට ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරන්නට හැකියාව නැත්තේ ය.
මහණෙනි, කරුණු සයක් ප්‍රහාණය කොට ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරන්නට හැකියාව ඇත්තේ ය. ඒ කවර කරුණු සයක් ද යත්;
කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ය. ඔහු විසින් කාමයන්ගේ ආදීනව පිළිබඳ ව මනා නුවණින් යුතුව ඒ වූ සැටියෙන් ම අවබෝධ කිරීම ය.
මහණෙනි, මේ කරුණු සය ප්‍රහාණය කොට ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරන්නට හැකියාව ඇත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
පඨමජ්ඣාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M