සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණෙන්නට හැකියාව නැත්තේ ය. ඒ කවර කරුණු සයකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සමාධියට සමවැදීමෙහි දක්ෂ නොවෙයි. සමාධිය පවත්වාගැනීමෙහි දක්ෂ නොවෙයි. සමාධියෙන් නැගිටීමෙහි දක්ෂ නොවෙයි. සකස් කොට කරන්නේ ද නොවෙයි. නිතර නිතර කරන්නේ ද නොවෙයි. සමාධියට හිත නොවන ක්‍රියාවන් කරන්නේ ද වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණෙන්නට හැකියාව නැත්තේ ය.
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණෙන්නට හැකියාව ඇත්තේ ය. ඒ කවර කරුණු සයකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සමාධියට සමවැදීමෙහි දක්ෂ වෙයි. සමාධිය පවත්වාගැනීමෙහි දක්ෂ වෙයි. සමාධියෙන් නැගිටීමෙහි දක්ෂ වෙයි. සකස් කොට කරන්නේ ද වෙයි. නිතර නිතර කරන්නේ ද වෙයි. සමාධියට හිත වූ ක්‍රියාවන් කරන්නේ ද වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ භික්ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණෙන්නට හැකියාව ඇත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
බල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M