අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.2.10. දුතිය පඨමජ්ඣාන සුත්තං

6.2.2.10. පළමු ධ්‍යානය ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡ භික්ඛවේ ධම්මේ අප්පහාය අභබ්බෝ පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමේ ඡ:

මහණෙනි, කරුණු සයක් ප්‍රහාණය නොකොට ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරන්නට හැකියාව නැත්තේ ය. ඒ කවර කරුණු සයක් ද යත්;

කාමවිතක්කං, ව්‍යාපාදවිතක්කං, විහිංසාවිතක්කං, කාමසඤ්ඤං, ව්‍යාපාදසඤ්ඤං, විහිංසාසඤ්ඤං.

කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, කාම සංඥාව ය, ව්‍යාපාද සංඥාව ය, විහිංසා සංඥාව ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මේ අප්පහාය අභබ්බෝ පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.

මහණෙනි, මේ කරුණු සය ප්‍රහාණය නොකොට ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරන්නට හැකියාව නැත්තේ ය.

ඡ භික්ඛවේ ධම්මේ පහාය භබ්බෝ පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමේ ඡ:

මහණෙනි, කරුණු සයක් ප්‍රහාණය කොට ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරන්නට හැකියාව ඇත්තේ ය. ඒ කවර කරුණු සයක් ද යත්;

කාමවිතක්කං, ව්‍යාපාදවිතක්කං, විහිංසාවිතක්කං, කාමසඤ්ඤං, ව්‍යාපාදසඤ්ඤං, විහිංසාසඤ්ඤං.

කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, කාම සංඥාව ය, ව්‍යාපාද සංඥාව ය, විහිංසා සංඥාව ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මේ පහාය භබ්බෝ පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුන්ති.

මහණෙනි, මේ කරුණු සය ප්‍රහාණය කොට ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරන්නට හැකියාව ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය පඨමජ්ඣාන සූත්‍රය නිමා විය.

අනාගාමි වග්ගෝ දුතියෝ.

දෙවෙනි අනාගාමී වර්ගය අවසන් විය.

තස්සුද්දානං:

එහි පිළිවෙල උද්දානයයි :

අනාගාමි අරහං මිත්තා සංගණිකාරාමදේවතා
සමාධිසක්ඛිභබ්බං බලං තජ්ඣානා අපරේ දුවේති.

අනාගාමීඵල සූත්‍රය, අරහත්තඵල සූත්‍රය, මිත්ත සූත්‍රය, සංගණිකාරාම සූත්‍රය, දේවතා සූතය, සමාධි සූත්‍රය, සක්ඛිභබ්බ සූත්‍රය, බල සූත්‍රය, පඨමඣාන සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M