අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.2.3. මිත්ත සුත්තං

6.2.2.3. මිතුරා ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

සෝ වත භික්ඛවේ භික්ඛු පාපමිත්තෝ පාපසහායෝ පාපසම්පවංකෝ, පාපමිත්තේ සේවමානෝ භජමානෝ පයිරුපාසමානෝ, තේසඤ්ච දිට්ඨානුගතිං ආපජ්ජමානෝ, ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතීති නේතං ඨානං විජ්ජති. ආභිසමාචාරිකං ධම්මං අපරිපූරෙත්වා සේඛං ධම්මං පරිපූරෙස්සතීති නේතං ඨානං විජ්ජති. සේඛං ධම්මං අපරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතීති නේතං ඨානං විජ්ජති. සීලානි අපරිපූරෙත්වා කාමරාගං වා රූපරාගං වා අරූපරාගං වා පජහිස්සතීති නේතං ඨානං විජ්ජති.

මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව පවිටු මිතුරන් ඇත්තේ, පවිටු යහළුවන් ඇත්තේ, පවිටු මිතුරන් වෙත නැඹුරු වූයේ, පවිටු මිතුරන් ඇසුර කරන්නේ, නිතර ඇසුරු කරන්නේ, ඔවුන්ගේ අදහස්වලට අනුව පවතින්නේ ආභිසමාචාරික ධර්මය පිරිපුන් කරන්නේ ය යන කරුණ දකින්නට නොහැකි දෙයකි. ආභිසමාචාරික ධර්මයන් නොපුරා සේඛ ධර්මය පුරන්නේ ය යන කරුණ දකින්නට නොහැකි දෙයකි. සේඛ ධර්මය නොපුරා සිල් පුරන්නේ ය යන කරුණ දකින්නට නොහැකි දෙයකි. සිල් නොපුරා කාමරාගය වේවා, රූප රාගය වේවා, අරූප රාගය වේවා දුරු කරන්නේ ය යන කරුණ දකින්නට නොහැකි දෙයකි.

සෝ වත භික්ඛවේ භික්ඛු කල්‍යාණමිත්තෝ කල්‍යාණසහායෝ කල්‍යාණසම්පවංකෝ, කල්‍යාණමිත්තේ සේවමානෝ භජමානෝ පයිරුපාසමානෝ, තේසඤ්ච දිට්ඨානුගතිං ආපජ්ජමානෝ, ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතීති ඨානමේතං විජ්ජති. ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙත්වා සේඛං ධම්මං පරිපූරෙස්සතීති ඨානමේතං විජ්ජති. සේඛං ධම්මං පරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතීති ඨානමේතං විජ්ජති. සීලානි පරිපූරෙත්වා කාමරාගං වා රූපරාගං වා අරූපරාගං වා පජහිස්සතීති ඨානමේතං විජ්ජතීති.

මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ, කලණ යහළුවන් ඇත්තේ, කලණ මිතුරන්ට නැඹුරු වූයේ, කලණ මිතුරන් ඇසුර කරන්නේ, නිතර ඇසුරු කරන්නේ, ඔවුන්ගේ අදහස්වලට අනුව පවතින්නේ ආභිසමාචාරික ධර්මය පිරිපුන් කරන්නේ ය යන කරුණ දකින්නට හැකි දෙයකි. ආභිසමාචාරික ධර්මයන් පුරා සේඛ ධර්මය පුරන්නේ ය යන කරුණ දකින්නට හැකි දෙයකි. සේඛ ධර්මය පුරා සිල් පුරන්නේ ය යන කරුණ දකින්නට හැකි දෙයකි. සිල් පුරා කාමරාගය වේවා, රූප රාගය වේවා, අරූප රාගය වේවා දුරු කරන්නේ ය යන කරුණ දකින්නට හැකි දෙයකි.

සාදු! සාදු!! සාදු!!!

මිත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M