සැවැත් නුවර දී ය …..
මහණෙනි, කරුණු සයක් ප්‍රහාණය නොකොට අරහත්වය සාක්ෂාත් කරන්නට හැකියාව නැත්තේ ය. ඒ කවර කරුණු සයක් ද යත්;
නිදිමත, අලස බව, සිතෙහි විසිරීම, පසුතැවීම, ශ්‍රද්ධාව නැති බව, ප්‍රමාදය ය.
මහණෙනි, මේ කරුණු සය ප්‍රහාණය නොකොට අරහත්වය සාක්ෂාත් කරන්නට හැකියාව නැත්තේ ය.
මහණෙනි, කරුණු සයක් ප්‍රහාණය කොට අරහත්වය සාක්ෂාත් කරන්නට හැකියාව ඇත්තේ ය. ඒ කවර කරුණු සයක් ද යත්;
නිදිමත, අලස බව, සිතෙහි විසිරීම, පසුතැවීම, ශ්‍රද්ධාව නැති බව, ප්‍රමාදය ය.
මහණෙනි, මේ කරුණු සය ප්‍රහාණය කොට අරහත්වය සාක්ෂාත් කරන්නට හැකියාව ඇත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අරහත්තඵල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M