අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.2.1. අනාගාමී ඵල සුත්තං

6.2.2.1. අනාගාමී ඵලය ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡ භික්ඛවේ ධම්මේ අප්පහාය අභබ්බෝ අනාගාමිඵලං සච්ඡිකාතුං. කතමේ ඡ:

මහණෙනි, කරුණු සයක් ප්‍රහාණය නොකොට අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට හැකියාව නැත්තේ ය. ඒ කවර කරුණු සයක් ද යත්;

අස්සද්ධියං, අහිරිකං, අනොත්තප්පං, කෝසජ්ජං, මුට්ඨසච්චං, දුප්පඤ්ඤතං.

ශ්‍රද්ධාව නැති බව ය, පවට ලැජ්ජාව නැති බව ය, පවට භය නැති බව ය, කුසීත බව ය, සිහි මුලා වූ බව ය, ප්‍රඥාව නැති බව ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මේ අප්පහාය අභබ්බෝ අනාගාමිඵලං සච්ඡිකාතුං.

මහණෙනි, මේ කරුණු සය ප්‍රහාණය නොකොට අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට හැකියාව නැත්තේ ය.

ඡ භික්ඛවේ ධම්මේ පහාය භබ්බෝ අනාගාමිඵලං සච්ඡිකාතුං. කතමේ ඡ:

මහණෙනි, කරුණු සයක් ප්‍රහාණය කොට අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට හැකියාව ඇත්තේ ය. ඒ කවර කරුණු සයක් ද යත්;

අස්සද්ධියං, අහිරිකං, අනොත්තප්පං, කෝසජ්ජං, මුට්ඨසච්චං, දුප්පඤ්ඤතං.

ශ්‍රද්ධාව නැති බව ය, පවට ලැජ්ජාව නැති බව ය, පවට භය නැති බව ය, කුසීත බව ය, සිහි මුලා වූ බව ය, ප්‍රඥාව නැති බව ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මේ පහාය භබ්බෝ අනාගාමිඵලං සච්ඡිකාතුන්ති.

මහණෙනි, මේ කරුණු සය ප්‍රහාණය කොට අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට හැකියාව ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

අනාගාමී ඵල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M