අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.2.4. සංගණිකාරාම සුත්තං

6.2.2.4. පිරිස සමඟ ඇලී සිටීම ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

සෝ වත භික්ඛවේ භික්ඛු සංගණිකාරාමෝ සංගණිකාරතෝ සංගණිකාරාමතං අනුයුත්තෝ, ගණාරාමෝ ගණරතෝ ගණාරාමතං අනුයුත්තෝ, ඒකෝ පවිවේකේ අභිරමිස්සතීති නේතං ඨානං විජ්ජති. ඒකෝ පවිවේකේ අනභිරමන්තෝ චිත්තස්ස නිමිත්තං ගණ්හිස්සතීති නේතං ඨානං විජ්ජති. චිත්තස්ස නිමිත්තං අගණ්හන්තෝ සම්මාදිට්ඨිං පරිපූරෙස්සතීති නේතං ඨානං විජ්ජති. සම්මාදිට්ඨිං අපරිපූරෙත්වා සම්මාසමාධිං පරිපූරෙස්සතීති නේතං ඨානං විජ්ජති. සම්මාසමාධිං අපරිපූරෙත්වා සඤ්ඤෝජනානි පජහිස්සතීති නේතං ඨානං විජ්ජති. සඤ්ඤෝජනානි අප්පහාය නිබ්බානං සච්ඡිකරිස්සතීති නේතං ඨානං විජ්ජති.

මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව පිරිස සමඟ ඇළුණේ, පිරිස හා එක් ව සිටීමට ආශා ඇත්තේ, පිරිස හා නැවත නැවත එක් ව වසන්නේ, පිරිසෙහි ඇළුණේ, පිරිසට ආශා ඇත්තේ, පිරිස හා නැවත නැවත එක්වන්නේ, තනි ව හුදෙකලා විවේකයෙහි සිත් අලවා වසන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නම් නොවේ. තනි ව හුදෙකලාවේ සිත් අලවා නොවසන්නේ සමථ විදර්ශනා නිමිත්ත ගන්නේය යන කරුණ විය හැකි දෙයක් නම් නොවේ. සමථ විදර්ශනා නිමිත්ත නොගන්නේ සම්මා දිට්ඨිය පුරන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නම් නොවේ. සම්මා දිට්ඨිය නොපුරා සම්මා සමාධිය පුරන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නම් නොවේ. සම්මා සමාධිය නොපුරා සංයෝජනයන් දුරු කරන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නම් නොවේ. සංයෝජනයන් ප්‍රහාණය නොකොට නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නම් නොවේ.

සෝ වතභික්ඛවේ භික්ඛු න සංගණිකාරාමෝ න සංගණිකාරතෝ න සංගණිකාරාමතං අනුයුත්තෝ, න ගණාරාමෝ න ගණරතෝ න ගණාරාමතං අනුයුත්තෝ, ඒකෝ පවිවේකේ අභිරමිස්සතීති ඨානමේතං විජ්ජති. ඒකෝ පවිවේකේ අභිරමන්තෝ චිත්තස්ස නිමිත්තං ගණ්හිස්සතීති ඨානමේතං විජ්ජති. චිත්තස්ස නිමිත්තං ගණ්හන්තෝ සම්මාදිට්ඨිං පරිපූරෙස්සතීති ඨානමේතං විජ්ජති. සම්මාදිට්ඨිං පරිපූරෙත්වා සම්මාසමාධිං පරිපූරෙස්සතීති ඨානමේතං විජ්ජති. සම්මාසමාධිං පරිපූරෙත්වා සඤ්ඤෝජනානි පජහිස්සතීති ඨානමේතං විජ්ජති. සඤ්ඤෝජනානි පහාය නිබ්බානං සච්ඡිකරිස්සතීති ඨානමේතං විජ්ජතී’ති.

මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව පිරිස සමඟ නොඇළුණේ, පිරිස හා එක් ව සිටීමට ආශා නැත්තේ, පිරිස හා නැවත නැවත එක් ව නොවසන්නේ, පිරිසෙහි නොඇළුණේ, පිරිසට ආශා නැත්තේ, පිරිස හා නැවත නැවත එක් නොවන්නේ, තනි ව හුදෙකලා විවේකයෙහි සිත් අලවා වසන්නේ ය යන කරුණ විය හැකි දෙයකි. තනි ව හුදෙකලාවේ සිත් අලවා වසන්නේ සමථ විදර්ශනා නිමිත්ත ගන්නේය යන කරුණ විය හැකි දෙයකි. සමථ විදර්ශනා නිමිත්ත ගන්නේ සම්මා දිට්ඨිය පුරන්නේ ය යන කරුණ විය හැකි දෙයකි. සම්මා දිට්ඨිය පුරා සම්මා සමාධිය පුරන්නේ ය යන කරුණ විය හැකි දෙයකි. සම්මා සමාධිය පුරා සංයෝජනයන් දුරු කරන්නේ ය යන කරුණ විය හැකි දෙයකි. සංයෝජනයන් ප්‍රහාණය කොට නිර්වාණය සාක්ෂාත් කරන්නේ ය යන කරුණ විය හැකි දෙයකි.

සාදු! සාදු!! සාදු!!!

සංගණිකාරාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M