අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.1.8. පුරිසින්ද්‍රියඤාණ සුත්තං

6.2.1.8. පුරුෂ ඉන්ද්‍රිය ඥානය ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං යේන දණ්ඩකප්පකං නාම කෝසලානං නිගමෝ තදවසරි. අථ ඛෝ භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ පඤ්ඤත්තේ ආසනේ නිසීදි. තේ ච භික්ඛූ දණ්ඩකප්පකං පවිසිංසු ආවසථං පරියේසිතුං.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහත් භික්ෂු සංඝයා සමඟ චාරිකාවෙහි වඩිනා සේක් දණ්ඩකප්පක නම් කෝසලවාසීන්ගේ නියම්ගමට වැඩම කළ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත් ව එක්තරා රුක් සෙවණක පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ඒ භික්ෂූන් ද දණ්ඩකප්පක නියම්ගමට ආවාසයක් සොයන්නට පිවිසියහ.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ සම්බහුලේහි භික්ඛූහි සද්ධිං යේන අචිරවතී නදී තේනුපසංකමි ගත්තානි පරිසිඤ්චිතුං. අචිරවතියා නදියා ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා ඒකචීවරෝ අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානෝ.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බොහෝ භික්ෂූන් සමඟ පැන් පහසු වීම පිණිස අචිරවතී නදිය කරා එළඹියහ. අචිරවතී නදියෙහි පැන්පහසු වී ගොඩට පැමිණ හඳන සිවුර පමණක් ඇති ව, සිරුරෙහි තෙත වියළමින් සිටියහ.

අථ ඛෝ අඤ්ඤතරෝ භික්ඛු යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං ඒතදවෝච:

එකල්හී එක්තරා භික්ෂුවක් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය සැළ කළේ ය.

“කිං නු ඛෝ ආවුසෝ ආනන්ද සබ්බං චේතසෝ සමන්නාහරිත්වා නු ඛෝ දේවදත්තෝ භගවතා බ්‍යාකතෝ ‘ආපායිකෝ දේවදත්තෝ නේරයිකෝ කප්පට්ඨෝ අතේකිච්ඡෝ’ති, උදාහු කේනචිදේව පරියායේනා”ති.

“කිම, ආයුෂ්මත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ සියල්ල ම තම සිතින් හොඳින් විමසා බලා ද දේවදත්තයන් අරභයා මෙවැනි ප්‍රකාශයක් වදාරණ ලද්දේ? එනම්, ‘දේවදත්ත තෙමේ අපායෙහි උපදින්නෙකි. නිරයෙහි වැටෙන්නෙකි. කල්පයක් විඳවන්නෙකි. පිළියම් කළ නොහැක්කේ ය’ වශයෙන්. එසේ ත් නැත්නම් වෙනත් කිසියම් ක්‍රමයකින් ද?”

‘ඒවං ඛෝ පනේතං ආවුසෝ භගවතා බ්‍යාකත’න්ති.

“ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙය එසේ ම ය.”

අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච:

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහනසේට මෙකරුණ සැළ කළහ.

ඉධාහං භන්තේ සම්බහුලේහි භික්ඛූහි සද්ධිං යේන අචිරවතී නදී තේනුපසංකමිං ගත්තානි පරිසිඤ්චිතුං. අචිරවතියා නදියා ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා ඒකචීවරෝ අට්ඨාසිං ගත්තානි පුබ්බාපයමානෝ. අථ ඛෝ භන්තේ අඤ්ඤතරෝ භික්ඛු යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං ඒතදවෝච:

“ස්වාමීනී, මෙහි මම බොහෝ භික්ෂූන් සමඟ පැන් පහසු වීම පිණිස අචිරවතී නදිය කරා එළඹියෙමි. අචිරවතී නදියෙහි පැන්පහසු වී ගොඩට පැමිණ හඳන සිවුර පමණක් ඇති ව, සිරුරෙහි තෙත වියළමින් සිටියෙමි. එකල්හී එක්තරා භික්ෂුවක් මා කරා පැමිණියේ ය. පැමිණ මට මෙය සැළ කළේ ය.

“කිං නු ඛෝ ආවුසෝ ආනන්ද සබ්බං චේතසෝ සමන්නාහරිත්වා නු ඛෝ දේවදත්තෝ භගවතා බ්‍යාකතෝ ‘ආපායිකෝ දේවදත්තෝ නේරයිකෝ කප්පට්ඨෝ අතේකිච්ඡෝ’ති, උදාහු කේනචිදේව පරියායේනා”ති. ඒවං වුත්තේ අහං භන්තේ තං භික්ඛුං ඒතදවෝචං: “ඒවං ඛෝ පනේතං ආවුසෝ භගවතා බ්‍යාකත”න්ති.

‘කිම, ආයුෂ්මත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ සියල්ල ම තම සිතින් හොඳින් විමසා බලා ද දේවදත්තයන් අරභයා මෙවැනි ප්‍රකාශයක් වදාරණ ලද්දේ? එනම්, ‘දේවදත්ත තෙමේ අපායෙහි උපදින්නෙකි. නිරයෙහි වැටෙන්නෙකි. කල්පයක් විඳවන්නෙකි. පිළියම් කළ නොහැක්කේ ය’ වශයෙන්. එසේ ත් නැත්නම් වෙනත් කිසියම් ක්‍රමයකින් ද?’

මෙසේ පැවසූ කල්හී ස්වාමීනී, මම ඒ භික්ෂුවට මෙය පැවසූවෙමි. ‘ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙය එසේ ම ය’ යි.

සෝ වා ඛෝ ආනන්ද භික්ඛු නවෝ භවිස්සති අචිරපබ්බජිතෝ, ථේරෝ වා පන බාලෝ අබ්‍යත්තෝ. කථං හි නාම යං මයා ඒකංසේන බ්‍යාකතං, තත්ථ ද්වෙජ්ඣං ආපජ්ජිස්සති? නාහං ආනන්ද අඤ්ඤං ඒකපුග්ගලම්පි සමනුපස්සාමි, යෝ ඒවං මයා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා බ්‍යාකතෝ යථයිදං දේවදත්තෝ. යාවකීවඤ්චාහං ආනන්ද දේවදත්තස්ස වාලග්ගකෝටිනිත්තුද්දනමත්තම්පි සුක්කං ධම්මං අද්දසං, නේව තාවාහං දේවදත්තං බ්‍යාකාසිං ‘ආපායිකෝ දේවදත්තෝ නේරයිකෝ කප්පට්ඨෝ අතේකිච්ඡෝ’ති. යතෝ ච ඛෝ අහං ආනන්ද දේවදත්තස්ස වාලග්ගකෝටිනිත්තුද්දනමත්තම්පි සුක්කං ධම්මං න අද්දසං, අථාහං දේවදත්තං බ්‍යාකාසිං ‘ආපායිකෝ දේවදත්තෝ නේරයිකෝ කප්පට්ඨෝ අතේකිච්ඡෝ’ති.

“ආනන්දයෙනි, ඒ භික්ෂුව අළුත පැවිදි වූ නවකයෙක් විය හැකියි. එසේ ත් නැත්නම් බාල වූ අව්‍යක්ත වූ ස්ථවිර භික්ෂුවක් හෝ විය හැකියි. මා විසින් ඒකාන්ත කොට පවසන ලද දෙයක් කෙසේ නම් දෙපරිදි වන්නේ ද? ආනන්දයෙනි, මෙසේ යම්බඳු පුද්ගලයෙක් පිළිබඳ ව සියල්ල සිතින් විමසා බලා පවසන ලද්දේ ද, ඒ මේ දේවදත්ත බඳු අන් එක පුද්ගලයෙක් ගැනවත් එසේ විමසා නොබැලුවෙමි. ආනන්දයෙනි, යම්තාක් මම දේවදත්තගේ අස්ලොම් අගක් තැවරෙනා තැනක් පමණක් වූ හෝ කුසල ධර්මයක් දැක්කෙම් ද, ඒ තාක් මම දේවදත්ත පිළිබඳ ව ‘දේවදත්ත තෙමේ අපායෙහි උපදින්නෙකි. නිරයෙහි වැටෙන්නෙකි. කල්පයක් විඳවන්නෙකි. පිළියම් කළ නොහැක්කේ ය’ වශයෙන් නොපැවසූයෙමි. ආනන්දයෙනි, යම් විටක මම දේවදත්තගේ අස්ලොම් අගක් තැවරෙනා තැනක් පමණක් වූ හෝ කුසල ධර්මයක් නොදැක්කෙම් ද, එකල්හී මම දේවදත්ත පිළිබඳ ව ‘දේවදත්ත තෙමේ අපායෙහි උපදින්නෙකි. නිරයෙහි වැටෙන්නෙකි. කල්පයක් විඳවන්නෙකි. පිළියම් කළ නොහැක්කේ ය’ වශයෙන් පැවසූයෙමි.

සෙය්‍යථාපි ආනන්ද ගූථකූපෝ සාධිකපෝරිසෝ පූරෝ ගූථස්ස සමතිත්තිකෝ, තත්ථ පුරිසෝ සසීසකෝ නිමුග්ගෝ අස්ස, තස්ස කෝචිදේව පුරිසෝ උප්පජ්ජෙය්‍ය අත්ථකාමෝ හිතකාමෝ යෝගක්ඛේමකාමෝ තම්හා ගූථකූපා උද්ධරිතුකාමෝ. සෝ තං ගූථකූපං සමන්තා අනුපරිගච්ඡන්තෝ න පස්සෙය්‍ය තස්ස පුරිසස්ස වාලග්ගකෝටිනිත්තුද්දනමත්තම්පි ගූථේන අමක්ඛිතං යත්ථෙතං ගහෙත්වා උද්ධරෙය්‍ය. ඒවමේව ඛෝ අහං ආනන්ද යතෝ දේවදත්තස්ස වාලග්ගකෝටිනිත්තුද්දනමත්තම්පි සුක්කං ධම්මං න අද්දසං, අථාහං දේවදත්තං බ්‍යාකාසිං “ආපායිකෝ දේවදත්තෝ නේරයිකෝ කප්පට්ඨෝ අතේකිච්ඡෝ”ති.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂ ප්‍රමාණයට අධික වූ අශුචියෙන් මුවවිට තෙක් පිරීගිය අශුචි වලක් ඇද්ද, එහි හිස ත් සහිත ව ගිලී ගිය පුරුෂයෙක් සිටියේ වෙයි ද, ඔහුගේ යහපත කැමති, හිත කැමති, නිර්භය කැමති, ඒ අශුචි වලෙන් ඔහු ගොඩට ගනු කැමති කිසියම් පුරුෂයෙක් උපදින්නේ ය. හේ ඒ අශූචි වල වටා ඇවිද ඇවිද යම් අශුචි නොතැවරුණු තැනකින් අල්ලා ඔහු ගොඩට ගත හැකි නම් ඒ පුරුෂයාගේ අස්ලෝමයක අගක් පමණ හෝ අශුචියෙන් නොතැවරුණු තැනක් අල්ලා ගැනීමට සොයන්නේ නොදකින්නේ ය. එසෙයින් ම ආනන්දයෙනි, යම් විටක මම දේවදත්තගේ අස්ලොම් අගක් තැවරෙනා තැනක් පමණක් වූ හෝ කුසල ධර්මයක් නොදැක්කෙම් ද, එකල්හී මම දේවදත්ත පිළිබඳ ව ‘දේවදත්ත තෙමේ අපායෙහි උපදින්නෙකි. නිරයෙහි වැටෙන්නෙකි. කල්පයක් විඳවන්නෙකි. පිළියම් කළ නොහැක්කේ ය’ වශයෙන් පැවසූයෙමි.

සචේ තුම්හේ ආනන්ද සුණෙය්‍යාථ තථාගතස්ස පුරිසින්ද්‍රියඤාණානි විභජන්තස්සාති. ඒතස්ස භගවා කාලෝ, ඒතස්ස සුගත කාලෝ, යං භගවා පුරිසින්ද්‍රියඤාණානි විභජෙය්‍ය. භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති. තේනහානන්ද, සුණාහි සාධුකං මනසිකරෝහි, භාසිස්සාමීති. “ඒවං භන්තේති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

ආනන්දයෙනි, ඉදින් ඔබ තථාගතයන්ගේ පුරුෂ ඉන්ද්‍රිය ඥානය පිළිබඳ ව විග්‍රහ කොට පැවසීම අසන්නහු ද?”

“යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ පුරුෂ ඉන්ද්‍රිය ඥානයන් බෙදා පෙන්වන සේක් ද, භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලය යි. සුගතයන් වහන්ස, මේ එයට කාලය යි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහු ය.”

“එසේ වී නම් ආනන්දයෙනි, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

(1) ඉධාහං ආනන්ද ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මාති.” තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස කුසලා ධම්මා අන්තරහිතා, අකුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වස්ස කුසලමූලං අසමුච්ඡින්නං, තම්හා තස්ස කුසලමූලා කුසලං පාතුභවිස්සති. ඒවමයං පුග්ගලෝ ආයතිං අපරිහානධම්මෝ භවිස්සතී”ති.

1. ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ තිබූ කුසල් දහම් නැති වී ගොසින් ය. අකුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුදු මොහුගේ කුසල මූලයන් නොනැසී ඇත්තේ ය. මොහුගේ ඒ කුසල මූලයෙන් කුසල් මතු වන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි නොපිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය.

සෙය්‍යථාපි ආනන්ද, බීජානි අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරදානි සුඛසයිතානි සුඛෙත්තේ සුපරිකම්මකතාය භූමියා නික්ඛිත්තානි, ජානෙය්‍යාසි ත්වං ආනන්ද ඉමානි බීජානි වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සන්තී’ති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. නොකැඩුණු, කුණු නොවූ, අව් සුළඟින් විනාශ නොවුණු, සාරය ඇති සුව සේ රැස් කළ බීජයෝ හොඳ කුඹුරක හොඳින් පිරියම් කළ බිමක වපුරත් නම් ආනන්දයෙනි, මේ බීජයෝ වැඩීමට අභිවෘද්ධියට විපුල බවට පත්වන්නාහු යැයි ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

ඒවමේව ඛෝ අහං ආනන්ද, ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස කුසලා ධම්මා අන්තරහිතා, අකුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වස්ස කුසලමූලං අසමුච්ඡින්නං, තම්හා තස්ස කුසලමූලා කුසලං පාතුභවිස්සති. ඒවමයං පුග්ගලෝ ආයතිං අපරිහානධම්මෝ භවිස්සතී”ති. ඒවම්පි ඛෝ, ආනන්ද, තථාගතස්ස පුරිසපුග්ගලෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

“එසෙයින් ම ආනන්දයෙනි, මම මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ තිබූ කුසල් දහම් නැති වී ගොසින් ය. අකුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුදු මොහුගේ කුසල මූලයන් නොනැසී ඇත්තේ ය. මොහුගේ ඒ කුසල මූලයෙන් කුසල් මතු වන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි නොපිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය.

ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසින්ද්‍රියඤාණං චේතසා චේතෝ පරිච්ච විදිතං හෝති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ ඉන්ද්‍රිය ඥානය සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් අනාගතයෙහි ඔවුන් තුළ හටගන්නා දේ ගැන සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

(2) ඉධ පනාහං ආනන්ද, ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි. “ඉමස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස අකුසලා ධම්මා අන්තරහිතා, කුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වස්ස අකුසලමූලං අසමුච්ඡින්නං, තම්හා තස්ස අකුසලමූලා අකුසලං පාතුභවිස්සති. ඒවමයං පුග්ගලෝ ආයතිං පරිහානධම්මෝ භවිස්සතී”ති.

2. ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ තිබූ අකුසල් දහම් නැති වී ගොසින් ය. කුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුදු මොහුගේ අකුසල මූලයන් නොනැසී ඇත්තේ ය. මොහුගේ ඒ අකුසල මූලයෙන් අකුසල් මතු වන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි පිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය.

සෙය්‍යථාපි ආනන්ද බීජානි අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරදානී සුඛසයිතානි පුථුසීිලාය නික්ඛිත්තානි, ජානෙය්‍යාසි ත්වං ආනන්ද නයිමානි බීජානි වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජස්සන්තීති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. නොකැඩුණු, කුණු නොවූ, අව් සුළඟින් විනාශ නොවුණු, සාරය ඇති සුව සේ රැස් කළ බීජයෝ ගල්තලාවක වපුරත් නම් ආනන්දයෙනි, මේ බීජයෝ වැඩීමට අභිවෘද්ධියට විපුල බවට නොපත්වන්නාහු යැයි ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

ඒවමේවං ඛෝ අහං ආනන්ද ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස අකුසලා ධම්මා අන්තරහිතා, කුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වස්ස අකුසලමූලං අසමුච්ඡින්නං, තම්හා තස්ස අකුසලමූලා අකුසලං පාතුභවිස්සති. ඒවමයං පුග්ගලෝ ආයතිං පරිහානධම්මෝ භවිස්සතී”ති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

“එසෙයින් ම ආනන්දයෙනි, මම මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ තිබූ අකුසල් දහම් නැති වී ගොසින් ය. කුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුදු මොහුගේ අකුසල මූලයන් නොනැසී ඇත්තේ ය. මොහුගේ ඒ අකුසල මූලයෙන් අකුසල් මතු වන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි පිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසින්ද්‍රියඤාණං චේතසා චේතෝ පරිච්ච විදිතං හෝති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ ඉන්ද්‍රිය ඥානය සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් අනාගතයෙහි ඔවුන් තුළ හටගන්නා දේ ගැන සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

(3) ඉධ පනාහං, ආනන්ද ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: නත්ථි ඉමස්ස පුග්ගලස්ස වාලග්ගකෝටිනිත්තුද්දනමත්තෝපි සුක්කෝ ධම්මෝ, සමන්නාගතෝයං පුග්ගලෝ ඒකන්තකාළකේහි අකුසලේහි ධම්මේහි, කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතී”ති.

3. ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ අස්ලොම් අග තැවරෙන පමණකවත් කුසල ධර්ම මාත්‍රයක් නැත්තේ ය. මේ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් කළු පැහැ ගත් අකුසල ධර්මයන්ගෙන් සමන්විත වූයේ ය. කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ ය.

සෙය්‍යථාපි ආනන්ද බීජානි ඛණ්ඩානි පූතීනි වාතාතපහතානි සුඛෙත්තේ සුපරිකම්මකතාය භූමියා නික්ඛිත්තානි, ජානෙය්‍යාසි ත්වං ආනන්ද, නයිමානි බීජානි වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සන්තී’ති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. කැඩුණු, කුණු වූ, අව් සුළඟින් විනාශ වුණු බීජයෝ හොඳ කුඹුරක හොඳින් පිරියම් කළ බිමක වපුරත් නම් ආනන්දයෙනි, මේ බීජයෝ වැඩීමට අභිවෘද්ධියට විපුල බවට නොපත්වන්නාහු යැයි ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

ඒවමේවං ඛෝ අහං ආනන්ද ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “නත්ථි ඉමස්ස පුග්ගලස්ස වාලග්ගකෝටිනිත්තුද්දනමත්තෝපි සුක්කෝ ධම්මෝ, සමන්නාගතෝයං පුග්ගලෝ ඒකන්තකාළකේහි අකුසලේහි ධම්මේහි, කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතී”ති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

“එසෙයින් ම ආනන්දයෙනි, මම මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ අස්ලොම් අග තැවරෙන පමණකවත් කුසල ධර්ම මාත්‍රයක් නැත්තේ ය. මේ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් කළු පැහැ ගත් අකුසල ධර්මයන්ගෙන් සමන්විත වූයේ ය. කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ ය.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසින්ද්‍රියඤාණං චේතසා චේතෝ පරිච්ච විදිතං හෝති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝතී’ති.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ ඉන්ද්‍රිය ඥානය සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් අනාගතයෙහි ඔවුන් තුළ හටගන්නා දේ ගැන සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: සක්කා නු ඛෝ භන්තේ ඉමේසං තිණ්ණං පුග්ගලානං අපරේපි තයෝ පුග්ගලා සප්පටිභාගා පඤ්ඤාපේතුන්ති. සක්කා ආනන්දාති භගවා අවෝච.

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය වදාළ සේක.

“ස්වාමීනී, මේ පුද්ගලයන් තිදෙනා සමඟ සැසඳෙන්නා වූ වෙනත් පුද්ගලයන් තිදෙනෙකු පැණවිය හැකි සේක් ද?” “හැකිය ආනන්දයෙනි” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

(4) ඉධාහං ආනන්ද ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස කුසලා ධම්මා අන්තරහිතා අකුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වස්ස කුසලමූලං අසමුච්ඡින්නං, තම්පි සබ්බේන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. ඒවමයං පුග්ගලෝ ආයතිං පරිහානධම්මෝ භවිස්සතී”ති.

4. ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ තිබූ කුසල් දහම් නැති වී ගොසින් ය. අකුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුදු මොහුගේ කුසල මූලයන් නොනැසී ඇත්තේ ය. එය ද සර්වප්‍රකාරයෙන් සමූලඝාතනයට පත් වන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි පිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය.

සෙය්‍යථාපි ආනන්ද අංගාරානි ආදිත්තානි සම්පජ්ජලිතානි සජෝතිභූතානි පුථුසිලාය නික්ඛිත්තානි, ජානෙය්‍යාසි ත්වං ආනන්ද, නයිමානි අංගාරානි වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සන්තීති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. ගිනිගත් දැල්වෙන ගිනි දැල්ලෙන් යුතු අඟුරු ගල් තලාවක දමයි නම්, ආනන්දයෙනි, මේ ගිනි අඟුරු වැඩීමට අභිවෘද්ධියට විපුල බවට පත් නොවන්නේ ය යැයි ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

සෙය්‍යථාපි වා පනානන්ද සායන්හසමයං සුරියේ ඕගච්ඡන්තේ ජානෙය්‍යාසි ත්වං ආනන්ද ආලෝකෝ අන්තරධායිස්සති අන්ධකාරෝ පාතුභවිස්සතී’ති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සවස් වරුවෙහි හිරු බැසයන කල්හී ආලෝකය අතුරුදහන් වන්නේ ය. අන්ධකාරය පහළ වන්නේ ය යන කරුණ ආනන්දයෙනි, ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

සෙය්‍යථාපි වා පනානන්ද අභිදෝ අඞ්ඪරත්තං භත්තකාලසමයේ, ජානෙය්‍යාසි ත්වං ආනන්ද ආලෝකෝ අන්තරහිතෝ අන්ධකාරෝ පාතුභූතෝති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. අඩ රැයක් ගෙවී යාමට ආසන්නයේදී බත් අනුභව කරන සමයෙහි ආලෝකය අතුරුදහන් වන්නේ ය. අන්ධකාරය පහළ වන්නේ ය යන කරුණ ආනන්දයෙනි, ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

ඒවමේව ඛෝ අහං ආනන්ද ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස කුසලා ධම්මා අන්තරහිතා, අකුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වස්ස කුසලමූලං අසමුච්ඡින්නං, තම්පි සබ්බේන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. ඒවමයං පුග්ගලෝ ආයතිං පරිහානධම්මෝ භවිස්සත”ති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

“එසෙයින් ම ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ තිබූ කුසල් දහම් නැති වී ගොසින් ය. අකුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුදු මොහුගේ කුසල මූලයන් නොනැසී ඇත්තේ ය. එය ද සර්වප්‍රකාරයෙන් සමූලඝාතනයට පත් වන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි පිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසින්ද්‍රියඤාණං චේතසා චේතෝ පරිච්ච විදිතං හෝති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ ඉන්ද්‍රිය ඥානය සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් අනාගතයෙහි ඔවුන් තුළ හටගන්නා දේ ගැන සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

(5) ඉධ පනාහං ආනන්ද ඒකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස අකුසලා ධම්මා අන්තරහිතා, කුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වස්ස අකුසලමූලං අසමුච්ඡින්නං, තම්පි සබ්බේන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. ඒවමයං පුග්ගලෝ ආයතිං අපරිහානධම්මෝ භවිස්සතී”ති.

5. ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ තිබූ අකුසල් දහම් නැති වී ගොසින් ය. කුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුදු මොහුගේ අකුසල මූලයන් නොනැසී ඇත්තේ ය. එය ද සර්වප්‍රකාරයෙන් සමූලඝාතනයට පත් වන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි නොපිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය.

සෙය්‍යථාපි ආනන්ද අංගාරානි ආදිත්තානි සම්පජ්ජලිතානි සජෝතිභූතානි සුක්ඛේ තිණපුඤ්ජේ වා කට්ඨපුඤ්ජේ වා නික්ඛිත්තානි, ජානෙය්‍යාසි ත්වං ආනන්ද ඉමානි අංගාරානි වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සන්තීති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. ගිනිගත් දැල්වෙන ගිනි දැල්ලෙන් යුතු අඟුරු වියළි තණ කොළ ගොඩකට හෝ ලී ගොඩකට හෝ දමයි නම් ආනන්දයෙනි, මේ ගිනි අඟුරු වැඩීමට අභිවෘද්ධියට විපුල බවට පත් වන්නේ ය යැයි ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

සෙය්‍යථාපි වා පනානන්ද රත්තියා පච්චූසසමයං සුරියේ උග්ගච්ඡන්තේ ජානෙය්‍යාසි ත්වං ආනන්ද අන්ධකාරෝ අන්තරධායිස්සති ආලෝකෝ පාතුභවිස්සතී’ති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. රාත්‍රී පශ්චිම යාමයෙහි හිරු උදාවන කල්හී අන්ධකාරය අතුරුදහන් වන්නේ ය. ආලෝකය පහළ වන්නේ ය යන කරුණ ආනන්දයෙනි, ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

සෙය්‍යථාපි වා පනානන්ද අභිදෝ මජ්ඣන්තිකේ භත්තකාලසමයේ, ජානෙය්‍යාසි ත්වං ආනන්ද අන්ධකාරෝ අන්තරහිතෝ ආලෝකෝ පාතුභූතෝති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. මධ්‍යහ්නය ආසන්නයේදී බත් අනුභව කරන සමයෙහි අන්ධකාරය අතුරුදහන් වන්නේ ය. ආලෝකය පහළ වන්නේ ය යන කරුණ ආනන්දයෙනි, ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

ඒවමේව ඛෝ අහං ආනන්ද ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි:“ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස අකුසලා ධම්මා අන්තරහිතා, කුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වස්ස අකුසලමූලං අසමුච්ඡින්නං, තම්පි සබ්බේන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. ඒවමයං පුග්ගලෝ ආයතිං අපරිහානධම්මෝ භවිස්සතී”ති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

“එසෙයින් ම ආනන්දයෙනි, මෙහිලා මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ තිබූ අකුසල් දහම් නැති වී ගොසින් ය. කුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුදු මොහුගේ අකුසල මූලයන් නොනැසී ඇත්තේ ය. එය ද සර්වප්‍රකාරයෙන් සමූලඝාතනයට පත් වන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි නොපිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසින්ද්‍රියඤාණං චේතසා චේතෝ පරිච්ච විදිතං හෝති. ඒවම්පි ඛො ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ ඉන්ද්‍රිය ඥානය සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් අනාගතයෙහි ඔවුන් තුළ හටගන්නා දේ ගැන සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

(6) ඉධ පනාහං ආනන්ද ඒකච්චං පුග්ගලං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “නත්ථි ඉමස්ස පුග්ගලස්ස වාලග්ගකෝටිනිත්තුද්දනමත්තෝපි අකුසලෝ ධම්මෝ. සමන්නාගතෝයං පුග්ගලෝ ඒකන්තසුක්කේහි අනවජ්ජේහි ධම්මේහි දිට්ඨේව ධම්මේ පරිනිබ්බායිස්සතී”ති.

6. ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ අස්ලොම් අග තැවරෙන පමණකවත් අකුසල ධර්ම මාත්‍රයක් නැත්තේ ය. මේ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් සුදු පැහැයෙන් යුතු නිරවද්‍ය ධර්මයන්ගෙන් යුතුව මෙලොවදී ම පිරිනිවීමට පත්වන්නේ ය.

සෙය්‍යථාපි ආනන්ද අංගාරානි සීතානි නිබ්බුතානි සුක්ඛේ තිණපුඤ්ජේ වා කට්ඨපුඤ්ජේ වා නික්ඛිත්තානි, ජානෙය්‍යාසි ත්වං ආනන්ද නයිමානි අංගාරානි වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සන්තීති. ඒවං භන්තේ.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සිසිල් වී ගිය, නිවී ගිය අඟුරු වියළි තණකොළ ගොඩකට හෝ ලී ගොඩකට හෝ දමන්නේ නම් ආනන්දයෙනි, මේ අඟුරු වැඩීමට අභිවෘද්ධියට විපුල බවට නොපත්වන්නේ ය යැයි ඔබ දන්නෙහි ද?” “එසේ ය, ස්වාමීනී”

ඒවමේව ඛෝ අහං ආනන්ද ඉධේකච්චං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “ඉමස්ස ඛෝ පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමේනං අපරේන සමයේන ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි: “නත්ථි ඉමස්ස පුග්ගලස්ස වාලග්ගකෝටිනිත්තුද්දනමත්තෝපි අකුසලෝ ධම්මෝ. සමන්නාගතෝයං පුග්ගලෝ ඒකන්තසුක්කේහි අනවජ්ජේහි ධම්මේහි දිට්ඨේව ධම්මේ පරිනිබ්බායිස්සතී”ති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

“එසෙයින් ම ආනන්දයෙනි, මම මෙහිලා මෙහිලා ඇතැම් පුද්ගලයෙකු පිළිබඳ ව මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි. එනම් මේ පුද්ගලයා තුළ කුසල් දහම් ද, අකුසල් දහම් ද, දකින්නට තිබේ ය කියා. පසු කලක ඔහු පිළිබඳ ව මෙසේ මා සිතින් පිරිසිඳ දකිමි. මේ පුද්ගලයා තුළ අස්ලොම් අග තැවරෙන පමණකවත් අකුසල ධර්ම මාත්‍රයක් නැත්තේ ය. මේ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් සුදු පැහැයෙන් යුතු නිරවද්‍ය ධර්මයන්ගෙන් යුතුව මෙලොවදී ම පිරිනිවීමට පත්වන්නේ ය.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස පුරිසින්ද්‍රියඤාණං චේතසා චේතෝ පරිච්ච විදිතං හෝති. ඒවම්පි ඛෝ ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති.

මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් පුරුෂ ඉන්ද්‍රිය ඥානය සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. මෙසේ ත් ආනන්දයෙනි, තථාගතයන් විසින් අනාගතයෙහි ඔවුන් තුළ හටගන්නා දේ ගැන සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි.

තත්‍ර ආනන්ද යේ තේ පුරිමා තයෝ පුග්ගලා, තේසං තිණ්ණං පුග්ගලානං ඒකෝ අපරිහානධම්මෝ, ඒකෝ පරිහානධම්මෝ, ඒකෝ ආපායිකෝ නේරයිකෝ. තත්‍ර ආනන්ද යේ මේ පච්ඡිමා තයෝ පුග්ගලා, ඉමේසං තිණ්ණං පුග්ගලානං ඒකෝ පරිහානධම්මෝ, ඒකෝ අපරිහානධම්මෝ, ඒකෝ පරිනිබ්බානධම්මෝති.

ආනන්දයෙනි, එහිලා කලින් පැවසූ පුද්ගලයෝ තිදෙනෙක් වෙත් ද, ඒ තුන් වැදෑරුම් පුද්ගලයන්ගේ කෙනෙක් නොපිරිහී යන ස්වභාව ඇත්තෙකි. අනිත් කෙනා පිරිහෙන ස්වභාව ඇත්තෙකි. අනිත් කෙනා අපායෙහි උපදින, නිරයෙහි උපදින කෙනෙකි.

ආනන්දයෙනි, එහිලා පසු ව පැවසූ පුද්ගලයෝ තිදෙනෙක් වෙත් ද, ඒ තුන් වැදෑරුම් පුද්ගලයන්ගේ කෙනෙක් පිරිහී යන ස්වභාව ඇත්තෙකි. අනිත් කෙනා නොපිරිහෙන ස්වභාව ඇත්තෙකි. අනිත් කෙනා පිරිනිවන් පාන ස්වභාව කෙනෙකි.

සාදු! සාදු!! සාදු!!!

පුරිසින්ද්‍රියඤාණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M