අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.1.7. මජ්ඣේ සුත්තං

6.2.1.7. මැද තිබෙන දේ ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තේන ඛෝ පන සමයේන සම්බහුලානං ථේරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලේ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: වුත්තමිදං ආවුසෝ භගවතා පාරායනේ මෙත්තෙය්‍යපඤ්හේ:

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩම කොට මණ්ඩලමාලයෙහි රැස් වී හුන්නා වූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර මේ කථාව හටගත්තේ ය.

“ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන වර්ගයෙහි තිස්ස මෙත්තෙය්ය මාණවකයාගේ ප්‍රශ්නයෙහි දී මෙය වදාරණ ලද්දේ ය.

සෝ උභන්තේ විදිත්වාන – මජ්ඣේ මන්තා න ලිප්පති
තං බ්‍රෑමි මහා පුරිසෝ’ති – සෝ’ධ සිබ්බනි මච්චගා

‘ඒ ක්ෂීණාශ්‍රව භික්ෂුව අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කොට එහි මැද නුවණින් යුතුව නොතැවරී සිටියි ද, ඔහු මහා පුරුෂයා යැයි කියමි. ඔහු මේ ලෝකයෙහි මරණයෙන් පසු යළි උපත මූට්ටු කරදෙන තෘෂ්ණාව ඉක්ම ගියේ ය’ යනුවෙනි.

කතමෝ නු ඛෝ ආවුසෝ ඒකෝ අන්තෝ, කතමෝ දුතියෝ අන්තෝ, කිං මජ්ඣේ, කා සිබ්බනීති.

ආයුෂ්මත්නි, ඒක අන්තයක් කුමක් ද? දෙවන අන්තය කුමක් ද? මැද යනු කුමක් ද? මූට්ටු කිරීම යනු කුමක් ද?”

(1) ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “ඵස්සෝ ඛෝ ආවුසෝ ඒකෝ අන්තෝ, ඵස්සසමුදයෝ දුතියෝ අන්තෝ, ඵස්සනිරෝධෝ මජ්fක්‍ධ්, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති. අභිඤ්ඤෙය්‍යං අභිජානන්තෝ පරිඤ්ඤෙය්‍යං පරිජානන්තෝ දිට්ඨේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝතී”ති.

1. මෙසේ පැවසූ කල්හී එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත්නි, ස්පර්ශය යනු එක් අන්තයකි. ස්පර්ශය හටගැනීම යනු දෙවෙනි අන්තය යි. ස්පර්ශ නිරෝධය යනු මැද යි. මූට්ටු කිරීම යනු තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම ස්පර්ශයත්, ස්පර්ශය හටගැනීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

(2) ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “අතීතං ඛෝ ආවුසෝ ඒකෝ අන්තෝ, අනාගතං දුතියෝ අන්තෝ, පච්චුප්පන්නං මජ්fක්‍ධ්, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති. අභිඤ්ඤෙය්‍යං අභිජානන්තෝ පරිඤ්ඤෙය්‍යං පරිජානන්තෝ දිට්ඨේව ධම්මේ දුක්ඛස්සන්තකරෝ හෝතී”ති.

2. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත්නි, අතීතය යනු එක් අන්තයකි. අනාගතය යනු දෙවෙනි අන්තය යි. වර්තමානය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම අතීතය ත් අනාගතයත් වර්තමානය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

(3) ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “සුඛා ආවුසෝ වේදනා ඒකෝ අන්තෝ, දුක්ඛා වේදනා දුතියෝ අන්තෝ, අදුක්ඛමසුඛා වේදනා මජ්fක්‍ධ්, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති ….(පෙ)…. දිට්ඨේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝතී”ති.

3. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි. දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි. දුක් සැප රහිත විඳීම යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම සැප ත්, දුක ත්, දුක් සැප රහිත විඳීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

(4) ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “නාමං ඛෝ ආවුසෝ ඒකෝ අන්තෝ, රූපං දුතියෝ අන්තෝ, විඤ්ඤාණං මජ්fක්‍ධ්, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති ….(පෙ)…. දිට්ඨේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝතී”ති.

4. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත්නි, නාමය යනු එක් අන්තයකි. රූපය යනු දෙවෙනි අන්තය යි. විඤ්ඤාණය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම නාමය ත්, රූපය ත්, විඤ්ඤාණය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

(5) ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “ඡ ඛෝ ආවුසෝ අජ්ඣත්තිකානි ආයතනානි ඒකෝ අන්තෝ, ඡ බාහිරානි ආයතනානි දුතියෝ අන්තෝ, විඤ්ඤාණං මජ්fක්‍ධ්, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති ….(පෙ)…. දිට්ඨේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝතී”ති.

5. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත්නි, ආධ්‍යාත්මික ආයතන හය යනු එක් අන්තයකි. බාහිර ආයතන හය යනු දෙවෙනි අන්තය යි. විඤ්ඤාණය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම ආධ්‍යාත්ම ආයතන හයත්, බාහිර ආධ්‍යාත්ම ආයතන හය ත්, විඤ්ඤාණය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

(6) ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “සක්කායෝ ඛෝ ආවුසෝ ඒකෝ අන්තෝ, සක්කායසමුදයෝ දුතියෝ අන්තෝ, සක්කායනිරෝධෝ මජ්fක්‍ධ්, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති. අභිඤ්ඤෙය්‍යං අභිජානන්තෝ පරිඤ්ඤෙය්‍යං පරිජානන්තෝ දිට්ඨේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝතී”ති.

6. මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත්නි, සක්කාය යනු එක් අන්තයකි. සක්කාය සමුදය යනු දෙවෙනි අන්තය යි. සක්කාය නිරෝධය යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම සක්කාය ත්, සක්කාය සමුදය ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. ආයුෂ්මත්නි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “බ්‍යාකතං ඛෝ ආවුසෝ අම්හේහි සබ්බේහේව යථාසකං පටිභානං. ආයාමාවුසෝ, යේන භගවා තේනුපසංකමිස්සාම, උපසංකමිත්වා භගවතෝ ඒකමත්ථං ආරෝචෙස්සාම, යථා නෝ භගවා ව්‍යාකරිස්සතී, තථා නං ධාරෙස්සාමා”ති. ඒවමාවුසෝ’ති ඛෝ ථේරා භික්ඛූ තස්ස භික්ඛුනෝ පච්චස්සෝසුං.

මෙසේ පැවසූ කල්හී එක්තරා භික්ෂුවක් ස්ථවිර භික්ෂූන්ට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත්නි, අප සියළු දෙනා විසින් ම තම තමන්ගේ වැටහීම පරිදි පවසන ලද්දේ ය. යමු ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙමු. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කරන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි අපට වදාරණ සේක් නම් ඒ අයුරින් අපි දරා ගන්නෙමු.”

“එසේ ය, ආයුෂ්මත” යි ස්ථවිර භික්ෂූහු ඒ භික්ෂුවට පිළිවදන් දුන්හ.

අථ ඛෝ ථේරා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, ඒකමන්තං නිසින්නා ඛෝ ථේරා භික්ඛූ යාවතකෝ අහෝසි සබ්බේහේව සද්ධිං කථාසල්ලාපෝ, තං සබ්බං භගවතෝ ආරෝචේසුං: කස්ස නු ඛෝ භන්තේ සුභාසිත’න්ති.

ඉක්බිති ස්ථවිර භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ ස්ථවිර භික්ෂූහු සියල්ලන් හා සමඟ යම්තාක් කතා සල්ලාපයක් ඇති වූයේ ද, ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.

“ස්වාමීනී, කවුරුන්ගේ භාෂිතය සුභාෂිතය වෙයි ද?”

සබ්බේසං වෝ භික්ඛවේ සුභාසිතං පරියායේන, අපි ච යං මයා සන්ධාය භාසිතං පාරායනේ මෙත්තෙය්‍යපඤ්හේ:

“සෝ උභන්තේ විදිත්වාන මජ්ඣේ මන්තා න ලිප්පති, තං බ්‍රෑමි මහාපුරිසෝති සෝ’ධ සිබ්බනිමච්චගා”ති – තං සුණාථ සාධුකං මනසිකරෝථ, භාසිස්සාමීති:

“මහණෙනි, ඔබ සියල්ලන්ගේ ම භාෂිතය ඒ ඒ අයුරින් සුභාෂිත වෙයි. නමුත් මා විසින් පාරායනයෙහි මෙත්තෙය්ය ප්‍රශ්නයෙහිලා යමක් අරභයා පවසන ලද්දේ ද, එනම්, ‘ඒ ක්ෂීණාශ්‍රව භික්ෂුව අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කොට එහි මැද නුවණින් යුතුව නොතැවරී සිටියි ද, ඔහු මහා පුරුෂයා යැයි කියමි. ඔහු මේ ලෝකයෙහි මරණයෙන් පසු යළි උපත මූට්ටු කරදෙන තෘෂ්ණාව ඉක්ම ගියේ ය’ යනුවෙන්. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

ඒවං භන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං, භගවා ඒතදවෝච:

“එසේය ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ඵස්සෝ ඛෝ භික්ඛවේ ඒකෝ අන්තෝ, ඵස්සසමුදයෝ දුතියෝ අන්තෝ, ඵස්සනිරෝධෝ මජ්ඣේ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛෝ භික්ඛවේ භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති. අභිඤ්ඤෙය්‍යං අභිජානන්තෝ පරිඤ්ඤෙය්‍යං පරිජානන්තෝ දිට්ඨේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝතී’ති.

මහණෙනි, ස්පර්ශය යනු එක් අන්තයකි. ස්පර්ශය හටගැනීම යනු දෙවෙනි අන්තය යි. ස්පර්ශ නිරෝධය යනු මැද යි. මූට්ටු කිරීම යනු තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම ස්පර්ශය ත්, ස්පර්ශය හටගැනීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. මහණෙනි, මෙපමණකින් භික්ෂුව විශේෂයෙන් දත යුතු දේ විශේෂයෙන් දැනගනියි. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගනියි. විශේෂයෙන් දත යුතු දේ දැනගන්නේ, පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දන්නේ මෙලොව දී ම දුක් කෙළවර කරන්නේ ය.”

සාදු! සාදු!! සාදු!!!

මජ්ඣේ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M