අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.1.6. හත්ථිසාරිපුත්ත සුත්තං

6.2.1.6. හත්ථිසාරිපුත්ත තෙරුන් අරභයා වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තේන ඛෝ පන සමයේන සම්බහුලා ථේරා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා මණ්ඩලමාලේ සන්නිසින්නා සන්නිපතිතා අභිධම්මකථං කථෙන්ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි බොහෝ ස්ථවිර භික්ෂූහු පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩම කොට මණ්ඩලමාලයෙහි රැස් ව ගැඹුරු ධර්ම කථාවන් කතා කරති.

තත්‍රසුදං ආයස්මා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ ථේරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඕපාතේති. අථ ඛෝ ආයස්මා මහාකොට්ඨිතෝ ආයස්මන්තං චිත්තං හත්ථිසාරිපුත්තං ඒතදවෝච: “මා ආයස්මා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ ථේරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඕපාතේසි. කථාපරියෝසානං ආයස්මා චිත්තෝ ආගමේතූති.

එහි හත්ථිසාරිපුත්ත ආයුෂ්මත් චිත්ත තෙරණුවෝ ස්ථවිර භික්ෂූන් වහන්සේලා ගැඹුරු ධර්මය කතා කරද්දී අතරමැදින් තම කතාව ඇද දමති. එකල්හී ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ හත්ථිසාරිපුත්ත ආයුෂ්මත් චිත්ත තෙරුන්ට මෙය පැවසූහ.

“ආයුෂ්මත් හත්ථිසාරිපුත්ත චිත්තයෙනි, ස්ථවිර භික්ෂූන් වහන්සේලා ගැඹුරු ධර්මය කතා කරද්දී අතරින් පතර කතාවන් ඇද නොදමත්වා. කතාව අවසන් වන තෙක් ආයුෂ්මත් චිත්තයෝ ඉවසත්වා.”

ඒවං වුත්තේ ආයස්මතෝ චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං මහාකොට්ඨිතං ඒතදවෝචුං: “මා ආයස්මා මහාකොට්ඨිතෝ ආයස්මන්තං චිත්තං හත්ථිසාරිපුත්තං අපසාදේසි. පණ්ඩිතෝ ආයස්මා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ. පහෝති චායස්මා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ ථේරානං භික්ඛූනං අභිධම්මකථං කථේතුං”ති.

මෙසේ පැවසූ කල්හී ආයුෂ්මත් හස්ථිසාරිපුත්ත චිත්ත තෙරුන්ගේ මිත්‍ර වූ භික්ෂූහු ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුණුවෝ ආයුෂ්මත් හත්ථිසාරිපුත්ත චිත්ත තෙරුන් හා නොගැටෙත්වා! ආයුෂ්මත් හත්ථිසාරිපුත්ත චිත්තයෝ පණ්ඩිතයහ. ආයුෂ්මත් හත්ථිසාරිපුත්ත චිත්තයෝ ස්ථවිර භික්ෂූන්ගේ ගැඹුරු ධර්ම කථාව කතා කරන්නට දක්ෂයහ.”

දුජ්ජානං ඛෝ ඒතං ආවුසෝ පරස්ස චේතෝපරියායං අජානන්තේහි.

“ආයුෂ්මත්නි, අන්‍යයන්ගේ චිත්තාචාරයන් නොදන්නවුන් විසින් මෙකරුණ නොදත හැක්කේ ය.

(1) ඉධාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ තාවදේව සෝරතසෝරතෝ හෝති, නිවාතනිවාතෝ හෝති, උපසන්තුපසන්තෝ හෝති යාව සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානීයං සබ්‍රහ්මචාරිං. යතෝ ච ඛෝ සෝ වපකස්සතේව සත්ථාරා, වපකස්සති ගරුට්ඨානීයේහි සබ්‍රහ්මචාරීහි. සෝ සංසට්ඨෝ විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකේහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තේහි තිත්ථියේහි තිත්ථියසාවකේහි. තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතෝ රාගෝ චිත්තං අනුද්ධංසේති. සෝ රාගානුද්ධංසේන චිත්තේන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

1. ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් යම්තාක් ශාස්තෘන් වහන්සේ හෝ අන්‍ය වූ ගරුකටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වෙසෙත් නම් ඒ තාක් හේ කීකරුකමෙනුත් කීකරු වෙයි. යටහත්කමෙනුත් යටහත් වෙයි. ශාන්ත බවෙනුත් ශාන්ත වෙයි. එහෙත් යම් කලක ශාස්තෘන් වහන්සේ කෙරෙන් හේ බැහැරට යයි නම්, ගරු කටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙන් හේ බැහැරට යයි නම්, එකල්හී හේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් රජුන් රාජ මහාමාත්‍යයන් තීර්ථකයන් තීර්ථක ශ්‍රාවකයන් සමඟ ඇලී ගැලී වසයි. එසේ එකට ඇලී විශ්වාසය ඇති ව නොදැමුණු ඉඳුරන් ඇති ව කතාවෙහි ම යෙදෙමින් වාසය කරද්දී ඔහුගේ සිත රාගය විසින් යට කරයි. රාගයෙන් මැඩුණු සිතින් යුතු හේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

සෙය්‍යථාපි ආවුසෝ ගෝණෝ කිට්ඨාදෝ දාමේන වා බද්ධෝ වජේ වා ඕරුද්ධෝ, යෝ නු ඛෝ ආවුසෝ ඒවං වදෙය්‍ය: “න දානායං ගෝණෝ කිට්ඨාදෝ පුනදේව කිට්ඨං ඕතරිස්සතී”ති. සම්මා නු ඛෝ සෝ ආවුසෝ වදමානෝ වදෙය්‍යාති? නෝ හිදං ආවුසෝ, ඨානං හේතං ආවුසෝ විජ්ජති යං සෝ ගෝණෝ කිට්ඨාදෝ දාමං වා ඡෙත්වා වජං වා භින්දිත්වා පුනදේව කිට්ඨං ඕතරෙය්‍යාති. ඒවමේවං ඛෝ ආවුසෝ ඉධේකච්චෝ පුග්ගලෝ තාවදේව සෝරතසෝරතෝ හෝති නිවාතනිවාතෝ හෝති උපසන්තුපසන්තෝ හෝති යාව සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානීයං සබ්‍රහ්මචාරිං. යතෝ ච ඛෝ සෝ වපකස්සතේව සත්ථාරා, වපකස්සති ගරුට්ඨානීයේහි සබ්‍රහ්මචාරීහි. සෝ සංසට්ඨෝ විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකේහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තේහි තිත්ථියේහි තිත්ථියසාවකේහි. තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතෝ රාගෝ චිත්තං අනුද්ධංසේති. සෝ රාගානුද්ධංසේන චිත්තේන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. වැඩෙන ගොයම් කන ගවයෙක් කඹයෙන් හෝ බඳිනා ලද්දේ, ගවමඩුවෙහි හෝ අහුරන ලද්දේ වෙයි ද, ආයුෂ්මත්නි, මේ ගවයා නැවත ගොයම් කන්නට නොබසින්නේ ය කියා මෙසේ කියන්නේ නම් ආයුෂ්මත්නි, ඔහු මනාකොට කියන්නෙක් ද?” “ආයුෂ්මත, එය නොවේ ම ය. ආයුෂ්මත, ඒ ගවයා කඹය හෝ සිඳගෙන, ගවමඩුව හෝ සිඳගෙන යළි නිල්ගොයමට බසින්නේ යන කරුණ විද්‍යමාන දෙයකි.”

“එසෙයින් ම ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් යම්තාක් ශාස්තෘන් වහන්සේ හෝ අන්‍ය වූ ගරුකටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වෙසෙත් නම් ඒ තාක් හේ කීකරුකමෙනුත් කීකරු වෙයි. යටහත්කමෙනුත් යටහත් වෙයි. ශාන්ත බවෙනුත් ශාන්ත වෙයි. එහෙත් යම් කලක ශාස්තෘන් වහන්සේ කෙරෙන් හේ බැහැරට යයි නම්, ගරු කටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙන් හේ බැහැරට යයි නම්, එකල්හී හේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් රජුන් රාජ මහාමාත්‍යයන් තීර්ථකයන් තීර්ථක ශ්‍රාවකයන් සමඟ ඇලී ගැලී වසයි. එසේ එකට ඇලී විශ්වාසය ඇති ව නොදැමුණු ඉඳුරන් ඇති ව කතාවෙහි ම යෙදෙමින් වාසය කරද්දී ඔහුගේ සිත රාගය විසින් යට කරයි. රාගයෙන් මැඩුණු සිතින් යුතු හේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

(2) ඉධ පනාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ විවිච්චේව කාමේහි ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. “සෝ ලාභීම්හි පඨමස්ස ඣානස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි ….(පෙ)…. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

2. ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම ප්‍රථම ධ්‍යානය ලැබුවෙක් වෙමි’ යි සිතා භික්ෂූන් ….(පෙ)…. එක් ව ගැලී වාසය කරයි. ….(පෙ)…. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

සෙය්‍යථාපි ආවුසෝ චාතුම්මහාපථේ ථුල්ලඵුසිතකෝ දේවෝ වස්සන්තෝ රජං අන්තරධාපෙය්‍ය, චික්ඛල්ලං පාතුකරෙය්‍ය, යෝ නු ඛෝ ආවුසෝ ඒවං වදෙය්‍ය: “න දානාමුස්මිං චාතුම්මහාපථේ පුනදේව රාජෝ පාතුභවිස්සතී”ති. සම්මා නු ඛෝ සෝ ආවුසෝ වදමානෝ වදෙය්‍යාති. නෝ හිදං ආවුසෝ. ඨානං හේතං ආවුසෝ විජ්ජති යං අමුස්මිං චාතුම්මහාපථේ මනුස්සා වා අතික්කමෙය්‍යුං, ගෝපසු වා අතික්කමෙය්‍යුං, වාතාතපෝ වා ස්නේහගතං පරියාදියෙය්‍ය. අථ පුනදේව රාජෝ පාතුභවෙය්‍යාති. ඒවමේවං ඛෝ ආවුසෝ ඉධේකච්චෝ පුග්ගලෝ විවිච්චේව කාමේහි (විවිච්ච අකුසලේහි ධම්මේහි) ….(පෙ)…. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ “ලාභීම්හි පඨමස්ස ඣානස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි ….(පෙ)…. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. සතර මංසන්ධියක මහත් දිය බිඳු ඇති වැස්ස වසින කල්හී දුහුවිලි නොපෙනී යයි. මඩ මතුවෙයි. ආයුෂ්මත්නි, යමෙක් මෙසේ කියන්නේ නම්, ‘මේ සතර මංසන්ධියෙහි යළිත් දුහුවිලි පහළ නොවෙන්නේ ය’ කියා, ආයුෂ්මත්නි, එය මනා වූ කීමක් ද?” “ආයුෂ්මත, එය නොවේ ම ය. ආයුෂ්මත, ඒ සතර මංසන්ධියෙහි මිනිස්සු හෝ මඩ පාගා යති. ගව ආදී සත්තු මඩ පාගා යති. අව් වා සුළඟින් හෝ තෙත් ගතිය සිඳ දමන්නේ ය. එකල්හී යළිත් දුහුවිලි පහළ වෙයි.”

“ආයුෂ්මත්නි එසෙයින් ම මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම ප්‍රථම ධ්‍යානය ලැබුවෙක් වෙමි’ යි සිතා භික්ෂූන් ….(පෙ)…. එක් ව ගැලී වාසය කරයි. ….(පෙ)…. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

(3) ඉධ පනාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ “ලාභීම්හි දුතියස්ස ඣානස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි ….(පෙ)…. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

3. ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම දෙවෙනි ධ්‍යානය ලැබුවෙක් වෙමි’ යි සිතා භික්ෂූන් ….(පෙ)…. එක් ව ගැලී වාසය කරයි. ….(පෙ)…. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

සෙය්‍යථාපි ආවුසෝ ගාමස්ස වා නිගමස්ස වා අවිදූරේ මහන්තං තළාකං, තත්ථ ථුල්ලඵුසිතකෝ දේවෝ වස්සන්තෝ සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි අන්තරධාපෙය්‍ය, යෝ නු ඛෝ ආවුසෝ ඒවං වදෙය්‍ය: න දානාමුස්මිං තළාකේ පුනදේව සිප්පිසම්බුකා වා සක්ඛරකඨලා වා පාතුභවිස්සන්තීති. සම්මා නු ඛෝ සෝ ආවුසෝ වදමානෝ වදෙය්‍යාති. නෝ හිදං ආවුසෝ. ඨානං හේතං ආවුසෝ විජ්ජති යං අමුස්මිං තළාකේ මනුස්සා වා පිවෙය්‍යුං, ගෝපසු වා පිවෙය්‍යුං, වාතාතපෝ වා ස්නේහගතං පරියාදියෙය්‍ය, අථ පුනදේව සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි පාතුභවෙය්‍යුන්ති. ඒවමේව ඛෝ ආවුසෝ ඉධේකච්චෝ පුග්ගලෝ විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ “ලාභීම්හි දුතියස්ස ඣානස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි ….(පෙ)…. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. ගමක හෝ නියම්ගමක හෝ නුදුරින් ලොකු පොකුණක් තිබෙයි. මහත් දියබිඳු ඇති වැස්ස වසිද්දී එහි සිප්පි බෙල්ලන්, සක් බෙල්ලන්, කැට කැබලිති ආදිය නොපෙනී යයි. ආයුෂ්මත්නි, යමෙක් මෙසේ කියන්නේ නම්, ‘දැන් මේ පොකුණෙහි සිප්පි බෙල්ලන්, සක් බෙල්ලන්, කැට කැබලිති ආදිය නැවත මතු නොවන්නේ ය’ කියා ආයුෂ්මත්නි, එය මැනැවින් කියන කීමක් ද?” “ආයුෂ්මත, එය නොවේ ම ය. ආයුෂ්මත, යම් කලක ඒ පොකුණෙහි මිනිස්සු හෝ පැන් පානය කරන්නාහු ය. ගව ආදී සත්තු හෝ පැන් පානය කරන්නාහු ය. අව් වා සුළං හෝ ඒ තෙත් ගතිය ගෙවා දමන්නේ ය. එකල්හී නැවත ත් සිප්පි බෙලි, සක් බෙලි, කැට කැබලිති ආදිය දකින්නට ලැබෙන්නේ ය.”

“ආයුෂ්මත්නි, එසෙයින් ම මෙහිලා ඇතැම් පුද්ගලයෙක් විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම දෙවෙනි ධ්‍යානය ලැබුවෙක් වෙමි’ යි සිතා භික්ෂූන් ….(පෙ)…. එක් ව ගැලී වාසය කරයි. ….(පෙ)…. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

(4) ඉධ පනාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ පීතියාච විරාගා ….(පෙ)…. තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සෝ “ලාභීම්හි තතියස්ස ඣානස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි ….(පෙ)…. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

4. ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතියට ද නොඇල්මෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම තුන්වෙනි ධ්‍යානය ලැබුවෙක් වෙමි’ යි සිතා භික්ෂූන් ….(පෙ)…. එක් ව ගැලී වාසය කරයි. ….(පෙ)…. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

සෙය්‍යථාපි ආවුසෝ පුරිසං පණීතභෝජනං භුත්තාවිං ආභිදෝසියං භෝජනං නච්ඡාදෙය්‍ය, යෝ නු ඛෝ ආවුසෝ ඒවං වදෙය්‍ය: “න දානාමුං පුරිසං පුනදේව භෝජනං ඡාදෙස්සතී”ති. සම්මා නු ඛෝ සෝ ආවුසෝ වදමානෝ වදෙය්‍යාති. නෝ හිදං ආවුසෝ, “ඨානං හේතං ආවුසෝ විජ්ජති අමුං හාවුසෝ පුරිසං පණීතභෝජනං භුත්තාවිං යාවස්ස සා ඕජා කායේ ඨස්සති තාව න අඤ්ඤං භෝජනං ඡාදෙස්සති. යතෝ ච ඛ්වස්ස සා ඕජා අන්තරධායිස්සති, අථ පුනදේව තං භෝජනං ඡාදෙය්‍යාති. ඒවමේව ඛෝ ආවුසෝ ඉධේකච්චෝ පුග්ගලෝ පීතියා ච විරාගා ….(පෙ)…. තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ “ලාභීම්හි තතියස්ස ඣානස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි ….(පෙ)…. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. ප්‍රණීත බොජුනක් වැළඳූ පුරුෂයෙකු හට පැහැදිලි දොස් ඇති ළාමක බොජුන රුචි නොවන්නේ ම ය. ආයුෂ්මත්නි, එවිට යමෙක් මෙසේ කියන්නේ නම්, ‘දැන් මේ පුරුෂයා හට නැවත භෝජනයක් රුචි නොවන්නේ ය’ කියා, ඒ කියමන මනා වූ කීමක් ද?” “ආයුෂ්මත, එය නොවේ ම ය. ආයුෂ්මත, ප්‍රණීත භෝජනය වැළඳූ ඒ පුරුෂයා හට යම්තාක් පරිදි ඒ ඕජාව තිබෙයි නම්, ඒ තාක් අන්‍ය වූ භෝජනයක් රුචි නොවෙයි. යම් විටක ඒ ඕජාව ඔහු තුළින් නැති වෙයි ද, එවිට හේ නැවත ත් බොජුනක් රුචි වන්නේ ය.”

“එසෙයින් ම ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතියට ද නොඇල්මෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම තුන්වෙනි ධ්‍යානය ලැබුවෙක් වෙමි’ යි සිතා භික්ෂූන් ….(පෙ)…. එක් ව ගැලී වාසය කරයි. ….(පෙ)…. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

(5) ඉධ පනාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, සෝ “ලාභිම්හි චතුත්ථස්ස ඣානස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි ….(පෙ)…. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

5. ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සැපය ද ප්‍රහාණය කොට දුක ද ප්‍රහාණය කොට ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම සතරවෙනි ධ්‍යානය ලැබුවෙක් වෙමි’ යි සිතා භික්ෂූන් ….(පෙ)…. එක් ව ගැලී වාසය කරයි. ….(පෙ)…. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

සෙය්‍යථාපි ආවුසෝ පබ්බතසංඛේපේ උදකරහදෝ නිවාතෝ විගතඌමිකෝ, යෝ නු ඛෝ ආවුසෝ ඒවං වදෙය්‍ය: “න දානාමුස්මිං උදකරහදේ පුනදේව ඌමී පාතුභවිස්සතී”ති. සම්මා නු ඛෝ සෝ ආවුසෝ වදමානෝ වදෙය්‍යාති. නෝ හිදං ආවුසෝ. ඨානං හේතං ආවුසෝ විජ්ජති යා පුරත්ථිමාය දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි සා තස්මිං උදකරහදේ ඌමිං ජනෙය්‍ය, යා පච්ඡිමාය දිසාය ආගච්ඡෙය්‍ය ….(පෙ)…. යා උත්තරාය දිසාය ආගච්ඡෙය්‍ය ….(පෙ)…. යා දක්ඛිණාය දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි සා තස්මිං උදකරහදේ ඌමිං ජනෙය්‍යාති. ඒවමේව ඛෝ ආවුසෝ ඉධේකච්චෝ පුග්ගලෝ සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ “ලාභීම්හි චතුත්ථස්ස ඣානස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි ….(පෙ)…. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. පර්වත බෑවුමක දියවිලක් ඇත්තේ ය. සුළඟින් පහස නොලබන දිය රැළි රහිත ව ඒ දිය විල තිබෙයි. එවිට කෙනෙක් මෙසේ කියයි. ‘දැන් මේ දිය විලෙහි යළි ත් දිය රැළි නම් පහළ නොවන්නේ ය’ කියා. ආයුෂ්මත්නි, එය මනාකොට කීමක් ද?” “ආයුෂ්මත, එය නොවේ ම ය. ආයුෂ්මත, යම් විටක පෙරදිග දිශාවෙන් බලවත් වැසි සුළං හමා එයි නම්, එය දියවිලෙහි රළ උපදවන්නේ ම ය. බටහිර දිශාවෙන් යම් වැසි සුළං ….(පෙ)…. උතුරු දිශාවෙන් යම් වැසි සුළං ….(පෙ)…. දකුණු දිශාවෙන් යම් වැසි සුළං හමා එයි නම් එය දියවිලෙහි රළ උපදවන්නේ ම ය.”

“එසෙයින් ම ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සැපය ද ප්‍රහාණය කොට දුක ද ප්‍රහාණය කොට ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම සතරවෙනි ධ්‍යානය ලැබුවෙක් වෙමි’ යි සිතා භික්ෂූන් ….(පෙ)…. එක් ව ගැලී වාසය කරයි. ….(පෙ)…. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

(6) ඉධ පනාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධිං උපසම්පජ්ජ විහරති, සෝ “ලාභීම්හි අනිමිත්තස්ස චේතෝසමාධිස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකේහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තේහි තිත්ථියේහි තිත්ථියසාවකේහි, තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතෝ රාගෝ චිත්තං අනුද්ධංසේති. සෝ රාගානුද්ධංසිතේන චිත්තේන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.

6. ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සියලු නිමිති මෙනෙහි නොකොට අනිමිත්ත චේතෝ සමාධිය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම අනිමිත්ත චේතෝ සමාධිය ලැබුවෙක්මි’ යි සිතා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් රජුන් රාජ මහාමාත්‍යයන් තීර්ථකයන් තීර්ථක ශ්‍රවකයන් සමඟ ඇලී ගැලී වසයි. එසේ එකට ඇලී විශ්වාසය ඇති ව නොදැමුණු ඉඳුරන් ඇති ව කතාවෙහි ම යෙදෙමින් වාසය කරද්දී ඔහුගේ සිත රාගය විසින් යට කරයි. රාගයෙන් මැඩුණු සිතින් යුතු හේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.

සෙය්‍යථාපි ආවුසෝ රාජා වා රාජමහාමත්තෝ වා චතුරංගිනියා සේනාය අද්ධානමග්ගප්පටිපන්නෝ අඤ්ඤතරස්මිං වනසණ්ඬේ ඒකරත්තිවාසං උපගච්ඡෙය්‍ය, තත්ථ හත්ථිසද්දේන අස්සසද්දේන රථසද්දේන පත්තිසද්දේන භේරිපණවසංඛතිණවනින්නාදසද්දේන චීරිලියසද්දෝ අන්තරධායෙය්‍ය, යෝ නු ඛෝ ආවුසෝ ඒවං වදෙය්‍ය: “න දානමුස්මිං වනසණ්ඬේ පුනදේව චීරිලියසද්දෝ පාතුභවිස්සතීති, සම්මා නු ඛෝ සෝ ආවුසෝ වදමානෝ වදෙය්‍යාති. නෝ හිදං ආවුසෝ. ඨානං හේතං ආවුසෝ විජ්ජති යං සෝ රාජා වා රාජමහාමත්තෝ වා තම්හා වනසණ්ඩා පක්කමෙය්‍ය, අථ පුනදේව චීරිලියසද්දෝ පාතුභවෙය්‍යාති. ඒවමේව ඛෝ ආවුසෝ ඉධේකච්චෝ පුග්ගලෝ සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝසමාධිං උපසම්පජ්ජ විහරති. සෝ “ලාභීම්හි අනිමිත්තස්ස චේතෝසමාධිස්සා”ති සංසට්ඨෝ විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකේහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තේහි තිත්ථියේහි තිත්ථියසාවකේහි, තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතෝ රාගෝ චිත්තං අනුද්ධංසේති. සෝ රාගානුද්ධංසිතේන චිත්තේන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තතී’ති.

ආයුෂ්මත්නි, එය මෙබඳු දෙයකි. රජෙක් හෝ රාජමහාමාත්‍යයෙක් හෝ සිව්රඟ සේනාව සමඟ දීර්ඝ මාර්ගයට පිළිපන්නේ වෙයි. එහිදී එක්තරා වන ලැහැබකට පැමිණ එක රැයක් නැවතීම පිණිස එළඹෙයි. එකල්හී හස්ති ශබ්දයෙන්, අශ්ව ශබ්දයෙන්, රථ ශබ්දයෙන්, පාබල ශබ්දයෙන්, බෙර – පනාබෙර – සක් බෙර – ගැට බෙර හඬින් රැහැයියන්ගේ හඬ නෑසෙන්නේ ය. එවිට ආයුෂ්මත්නි, යමෙක් මෙසේ කියයි. ‘දැන් මේ වන ලැහැබෙන් යළි ත් රැහැයියන්ගේ හඬක් පහළ නොවන්නේ ය’ කියා, ආයුෂ්මත්නි, ඒ කීම මනාකොට කීමක් ද?” “ආයුෂ්මත, එය නොවේ ම ය. ආයුෂ්මත, ඒ රජු හෝ රාජ මහාමාත්‍යයා හෝ ඒ වන ගැබින් නික්ම යයි ද, එකල්හී යළි ත් රැහැයියන්ගේ හඬ ඇසෙන්නේ ය.”

“එසෙයින් ම ආයුෂ්මත්නි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සියලු නිමිති මෙනෙහි නොකොට අනිමිත්ත චේතෝ සමාධිය උපදවාගෙන වාසය කරයි. හේ ‘මම අනිමිත්ත චේතෝ සමාධිය ලැබුවෙක්මි’ යි සිතා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් රජුන් රාජ මහාමාත්‍යයන් තීර්ථකයන් තීර්ථක ශ්‍රවකයන් සමඟ ඇලී ගැලී වසයි. එසේ එකට ඇලී විශ්වාසය ඇති ව නොදැමුණු ඉඳුරන් ඇති ව කතාවෙහි ම යෙදෙමින් වාසය කරද්දී ඔහුගේ සිත රාගය විසින් යට කරයි. රාගයෙන් මැඩුණු සිතින් යුතු හේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙයි.”

අථ ඛෝ ආයස්මා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ අපරේන සමයේන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්ති. අථ ඛෝ චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ යේනායස්මා කොට්ඨිතෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා ආයස්මන්තං මහාකොට්ඨිතං ඒතදවෝචුං: කින්නු ඛෝ ආයස්මතා මහාකොට්ඨිතේන චිත්තෝ හත්ථිසාරිපුත්තෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ ඉමාසං ච ඉමාසං ච විහාරසමාපත්තීනං චිත්තෝ හත්ථිසාරිපුත්තෝ ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතීති. උදාහු දේවතා ඒතමත්ථං ආරෝචේසුං චිත්තෝ භන්තේ හත්ථිසාරිපුත්තෝ ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’ති.

එකල්හී හත්ථිසාරිපුත්ත ආයුෂ්මත් චිත්ත තෙරහු පසුකලක ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටුණාහ. ඉක්බිති හත්ථිසාරිපුත්ත චිත්ත තෙරුන්ගේ මිත්‍ර භික්ෂූහු ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේට මෙය පැවසූහ.

“කිම, ආයුෂ්මත් මහා කොට්ඨිතයෙනි, හත්ථිසාරිපුත්ත චිත්ත තෙමේ මේ මේ විහාර සමාපත්තිලාභී කෙනෙකි යි, එනමුත් ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙන්නේ යැයි ඔහුගේ සිත තම සිතින් පිරිසිඳ දැකගන්නා ලද්දේ ද? එසේ නැතහොත් දේවතාවෝ මෙකරුණ සැළ කළාහු ද? එනම් ‘ස්වාමීනී, හත්ථිසාරිපුත්ත චිත්ත තෙමේ මේ මේ විහාර සමාපත්ති ලාභියෙකි. එනමුත් ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙන්නේ ය’ කියා.”

චේතසා චේතෝ පරිච්ච විදිතෝ මේ ආවුසෝ චිත්තෝ හත්ථිසාරිපුත්තෝ ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’ති. දේවතාපි මේ ඒතමත්ථං ආරෝචේසුං “චිත්තෝ භන්තේ හත්ථිසාරිපුත්තෝ ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතී”ති.

“ආයුෂ්මත්නි, හත්ථිසාරිපුත්ත චිත්ත තෙමේ මේ මේ විහාර සමාපත්ති ලාභියෙකි. එනමුත් ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙන්නේ ය යනුවෙන් ඔහුගේ සිත මා සිතින් පිරිසිඳ දැකගන්නා ලද්දේ ය. එමෙන් ම ආයුෂ්මත්නි, ‘ස්වාමීනී, හත්ථිසාරිපුත්ත චිත්ත තෙමේ මේ මේ විහාර සමාපත්ති ලාභියෙකි. එනමුත් ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටෙන්නේ ය’ කියා දේවතාවෝ ද මෙකරුණ සැළ කළාහු ය.”

අථ ඛෝ චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: චිත්තෝ භන්තේ හත්ථිසාරිපුත්තෝ ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෝ’ති.

ඉක්බිති හත්ථිසාරිපුත්ත චිත්තයන්ගේ යහළු භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

“ස්වාමීනී, හත්ථිසාරිපුත්ත චිත්ත තෙමේ මේ මේ විහාර සමාපත්ති ලාභියෙකි. එනමුත් ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට වැටුණේ ය.”

න භික්ඛවේ චිත්තෝ චිරං සරිස්සති නෙක්ඛම්මස්සා’ති.

“මහණෙනි, චිත්ත තෙමේ වැඩිකල් නොයා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් සිහි කරන්නේ ය.”

අථ ඛෝ චිත්තෝ හත්ථිසාරිපුත්තෝ න චිරස්සේව කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. අථ ඛෝ ආයස්මා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ න චිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ච පනායස්මා චිත්තෝ හත්ථිසාරිපුත්තෝ අරහතං අහෝසී’ති.

ඉක්බිති හත්ථිසාරිපුත්ත චිත්ත තෙමේ නොබෝ කලකින් කෙස් රැවුල් බහා කසාවත් පොරොවා ගිහි ගෙයින් නික්ම අනගාරික ව බුදු සසුනෙහි පැවිදි වූයේ ය. එකල්හී ආයුෂ්මත් හත්ථිසාරිපුත්ත චිත්ත තෙරණුවෝ තනි ව හුදෙකලාවෙහි අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යය ඇති ව දහමට දිවි පුදා වාසය කරන්නාහු යම් අරුතක් උදෙසා කුලපුත්‍රයෝ ගිහි ගෙයි අත්හැර මනාකොට අනගාරික ව පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි අවසානය වන අනුත්තර නිර්වාණය මේ ජීවිතයේ දී ම නොබෝ කලකින් ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළහ. ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අනෙකක් නැතැ’යි අවබෝධ කරගත්හ. ආයුෂ්මත් හත්ථිසාරිපුත්ත චිත්ත තෙරණුවෝ වනාහී රහතුන් අතුරින් කෙනෙක් වූහ.

සාදු! සාදු!! සාදු!!!

හත්ථිසාරිපුත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M