අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.1.5. දාරුකම්මික සුත්තං

6.2.1.5. දාරුකම්මික ගෘහපතියාට වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා නාදිකේ විහරති ගිඤ්ජකාවසථේ. අථ ඛෝ දාරුකම්මිකෝ ගහපති යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ දාරුකම්මිකං ගහපතිං භගවා ඒතදවෝච: අපි නු තේ ගහපති කුලේ දානං දීයතීති. දීයති මේ භන්තේ කුලේ දානං. තං ච ඛෝ යේ තේ භික්ඛූ ආරඤ්ඤකා පිණ්ඩපාතිකා පංසුකූලිකා අරහන්තෝ වා අරහත්තමග්ගං වා සමාපන්නා. තථාරූපේසු මේ භන්තේ භික්ඛුසු දානං දීයතීති.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නාදිකාවෙහි ගෙඩිගෙයි වැඩවසන සේක. එකල්හී දාරුකම්මික ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් දාරුකම්මික ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිය, ඔබ නිවසෙහි දන් දෙනවා ද?”

“ස්වාමීනී, මාගේ නිවසෙහි දන් දෙයි. එමෙන් ම යම් මේ භික්ෂූහු අරණ්‍යවාසීහු වෙත් ද, පිණ්ඩපාතික වෙත් ද, පංශුකූලික වෙත් ද, අරහත් වෙත් ද, අරහත් මගට පිළිපන්නාහු වෙත් ද, ස්වාමීනී, එබඳු වූ භික්ෂූන් හට මවිසින් දන් දෙනු ලැබෙයි.”

දුජ්ජානං ඛෝ ඒතං ගහපති තයා ගිහිනා කාමභෝගිනා පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තේන කාසිකචන්දනං පච්චනුභොන්තේන මාලාගන්ධවිලේපනං ධාරයන්තේන ජාතරූපරජතං සාදියන්තේන “ඉමේ වා අරහන්තෝ, ඉමේ වා අරහත්තමග්ගං සමාපන්නා”ති.

“ගෘහපතිය, කම්සැප අනුභව කරන, දරුවන්ගේ කරදර මැද සිටින, කසී සඳුන් දරණ, මල් සුවඳ විලවුන් දරණ, රන් රිදී මිල ඉවසන ගිහි වූ ඔබ විසින් මොවුහු රහතන් වහන්සේලා ය කියා හෝ මොවුහු රහත් මගට පිළිපන්නෝ ය කියා හෝ දැනගත නොහැක්කේ ය.

(1) ආරඤ්ඤකෝ චේපි ගහපති භික්ඛු හෝති උද්ධතෝ උන්නලෝ චපලෝ මුඛරෝ විකිණ්ණවාචෝ මුට්ඨස්සති අසම්පජානෝ අසමාහිතෝ විබ්භන්තචිත්තෝ පාකතින්ද්‍රියෝ, ඒවං සෝ තේනංගේන ගාරය්හෝ. ආරඤ්ඤකෝ චේපි ගහපති භික්ඛු හෝති අනුද්ධතෝ අනුන්නලෝ අචපලෝ අමුඛරෝ අවිකිණ්ණවාචෝ උපට්ඨිතසති සම්පජානෝ, සමාහිතෝ ඒකග්ගචිත්තෝ සංවුතින්ද්‍රියෝ, ඒවං සෝ තේනංගේන පාසංසෝ.

1. ගෘහපතිය, ආරණ්‍යවාසී වුවත් භික්ෂුවක් උඬගු නම්, ඔසොවාගත් මාන නළයෙන් යුක්ත නම්, චපල නම්, මුඛරි නම්, විසිරුණු වචන ඇත්තේ නම්, මුළා සිහි ඇති නම්, නුවණින් තොර නම්, අසමාහිත නම්, භ්‍රාන්ත සිතින් යුතු නම්, අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, ආරණ්‍යවාසී වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ඔසොවාගත් මාන නළයෙන් නැත්නම්, චපල නැත්නම්, මුඛරි නැත්නම්, විසිරුණු වචන නැත්තේ නම්, පිහිටුවාගත් සිහි ඇති නම්, නුවණින් යුක්ත නම්, සමාහිත නම්, ඒකාග්‍ර සිතින් යුතු නම්, සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

(2) ගාමන්තවිහාරී චේපි ගහපති භික්ඛු හෝති උද්ධතෝ ….(පෙ)…. (පාකතින්ද්‍රියෝ), ඒවං සෝ තේනංගේන ගාරය්හෝ. ගාමන්තවිහාරී චේපි ගහපති භික්ඛු හෝති අනුද්ධතෝ ….(පෙ)…. (සංවුතින්ද්‍රියෝ), ඒවං සෝ තේනංගේන පාසංසෝ.

2. ගෘහපතිය, ගමෙහි වසන්නේ වුවත් භික්ෂුවක් උඬගු නම්, ….(පෙ)… අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, ගමෙහි වසන්නේ වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ….(පෙ)…. සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

(3) පිණ්ඩපාතිකෝ චේපි ගහපති භික්ඛු හෝති උද්ධතෝ ….(පෙ)…. (පාකතින්ද්‍රියෝ), ඒවං සෝ තේනංගේන ගාරය්හෝ. පිණ්ඩපාතිකෝ චේපි ගහපති භික්ඛු හෝති අනුද්ධතෝ ….(පෙ)…. (සංවුතින්ද්‍රියෝ), ඒවං සෝ තේනංගේන පාසංසෝ.

3. ගෘහපතිය, පිණ්ඩපාතික වුවත් භික්ෂුවක් උඬගු නම්, ….(පෙ)… අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, පිණ්ඩපාතික වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ….(පෙ)…. සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

(4) නේමන්තනිකෝ චේපි ගහපති භික්ඛු හෝති උද්ධතෝ ….(පෙ)…. (පාකතින්ද්‍රියෝ), ඒවං සෝ තේනංගේන ගාරය්හෝ. නේමන්තනිකෝ චේපි ගහපති භික්ඛු හෝති අනුද්ධතෝ ….(පෙ)…. (සංවුතින්ද්‍රියෝ), ඒවං සෝ තේනංගේන පාසංසෝ.

4. ගෘහපතිය, ඇරයුම් පිළිගන්නේ වුවත් භික්ෂුවක් උඬගු නම්, ….(පෙ)… අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, ඇරයුම් පිළිගන්නේ වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ….(පෙ)…. සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

(5) පංසුකූලිකෝ චේපි ගහපති භික්ඛු හෝති උද්ධතෝ ….(පෙ)…. (පාකතින්ද්‍රියෝ), ඒවං සෝ තේනංගේන ගාරය්හෝ. පංසුකූලිකෝ චේපි ගහපති භික්ඛු හෝති අනුද්ධතෝ ….(පෙ)…. (සංවුතින්ද්‍රියෝ), ඒවං සෝ තේනංගේන පාසංසෝ.

5. ගෘහපතිය, පංශුකූලික වුවත් භික්ෂුවක් උඬගු නම්, ….(පෙ)… අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, පංශුකූලික වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ….(පෙ)…. සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

(6) ගහපති චීවරධරෝ චේපි ගහපති භික්ඛු හෝති උද්ධතෝ උන්නලෝ චපලෝ මුඛරෝ විකිණ්ණවාචෝ මුට්ඨස්සති අසම්පජානෝ අසමාහිතෝ විබ්භන්තචිත්තෝ පාකතින්ද්‍රියෝ, ඒවං සෝ තේනංගේන ගාරය්හෝ. ගහපතිචීවරධරෝ චේපි ගහපති භික්ඛු හෝති අනුද්ධතෝ අනුන්නලෝ අචපලෝ අමුඛරෝ අවිකිණ්ණවාචෝ උපට්ඨිතසති සම්පජානෝ, සමාහිතෝ ඒකග්ගචිත්තෝ සංවුතින්ද්‍රියෝ, ඒවං සෝ තේනංගේන පාසංසෝ.

6. ගෘහපතිය, ගිහියන් පුදන සිවුරු දැරුවේ වුවත් භික්ෂුවක් උඬගු නම්, ඔසොවාගත් මාන නළයෙන් යුක්ත නම්, චපල නම්, මුඛරි නම්, විසිරුණු වචන ඇත්තේ නම්, මුළා සිහි ඇති නම්, නුවණින් තොර නම්, අසමාහිත නම්, භ්‍රාන්ත සිතින් යුතු නම්, අසංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, ගිහියන් පුදන සිවුරු දැරුවේ වුවත් භික්ෂුවක් උඬගු නැත්නම්, ඔසොවාගත් මාන නළයෙන් නැත්නම්, චපල නැත්නම්, මුඛරි නැත්නම්, විසිරුණු වචන නැත්තේ නම්, පිහිටුවාගත් සිහි ඇති නම්, නුවණින් යුක්ත නම්, සමාහිත නම්, ඒකාග්‍ර සිතින් යුතු නම්, සංවර ඉඳුරන් ඇත්තේ නම් මෙසේ ඒ අංගයෙන් හේ පැසසිය යුත්තේ ය.

ඉංඝ ත්වං ගහපති සංඝේ දානං දේහි. සංඝේ තේ දානං දදතෝ චිත්ත පසීදිස්සති. සෝ ත්වං පසන්නචිත්තෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සසීති.

ගෘහපතිය, එහෙයින් ඔබ සංඝයා උදෙසා දන් පිරිනමව. ඔබ සංඝයා උදෙසා දන් පිරිනමන කල්හී සිත පැහැදෙන්නේ ය. ඒ ඔබ පහන් සිතින් යුතු වූයේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ය.”

ඒසාහං භන්තේ අජ්ජතග්ගේ සංඝේ දානං දස්සාමීති.

“ස්වාමීනී, ඒ මම අද පටන් සංඝයා උදෙසා දන් පූජා කරන්නෙමි.”

සාදු! සාදු!! සාදු!!!

දාරුකම්මික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M