අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.1.2. ඵග්ගුණ සුත්තං

6.2.1.2. ඵග්ගුණ තෙරුන්ට වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

තේන ඛෝ පන සමයේන ආයස්මා ඵග්ගුණෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ. අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච:

එසමයෙහි ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ රෝගී ව, දුකට පත් ව, බොහෝ සේ ගිලන් වූවාහු වෙති. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.

“ආයස්මා භන්තේ ඵග්ගුණෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ, සාධු භන්තේ භගවා යේනායස්මා ඵග්ගුණෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායා”ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන.

“ස්වාමීනී, ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ රෝගී ව, දුක්ට පත් ව, බොහෝ සේ ගිලන් ව සිටිති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණයන් කරා අනුකම්පා උපදවා වඩිනා සේක් නම් මැනැවි.”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ බවින් යුතුව එය පිළිගත් සේක.

අථ ඛෝ භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේනායස්මා ඵග්ගුණෝ තේනුපසංකමි. අද්දසා ඛෝ ආයස්මා ඵග්ගුණෝ භගවන්තං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චකේ සමඤ්චෝසි. අථ ඛෝ භගවා ආයස්මන්තං ඵග්ගුණං ඒතදවෝච: අලං ඵග්ගුණ, මා ත්වං මඤ්චකේ සමඤ්චෝසි. සන්තිමානි ආසනානි පුරේ පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමීති. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. නිසජ්ජ ඛෝ භගවා ආයස්මන්තං ඵග්ගුණං ඒතදවෝච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරා වැඩි සේක. ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ව දුටහ. දැක ඇඳෙන් නැගිටින්නට උත්සාහ කළහ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්ට මෙය වදාළ සේක.

“ඵග්ගුණයෙනි, කම් නැත. ඔබ ඇඳෙන් නැගිටින්නට උත්සාහ නොකරව. කලින් පණවන ලද මේ ආසන තිබෙනවා නොවැ. එහි මම හිඳගන්නෙමි.”

භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්ගෙන් මෙය ඇසූ සේක.

“කච්චි තේ ඵග්ගුණ ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති, නෝ අභික්කමන්ති, පටික්කමෝසානං පඤ්ඤායති, නෝ අභික්කමෝති.

“කිම? ඵග්ගුණයෙනි, ඔබට ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? කිම, දුක් වේදනා සංසිඳී යයි ද? වැඩි නොවෙයි ද? සංසිඳීමක් පෙනෙයි ද? වැඩිවීමක් නොපෙනෙයි ද?”

න මේ භන්තේ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති, නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති, නෝ පටික්කමෝති.

“ස්වාමීනී, මට ඉවසිය නොහැකි ය. යැපිය නොහැකි ය. මාගේ දැඩි වූ දැඩි වූ දුක් වේදනාවෝ වැඩී යති. නොසංසිඳෙති. වැඩිවීමක් ම පෙනෙයි. සංසිඳීමක් නොපෙනෙයි.

සෙය්‍යථාපි භන්තේ, බලවා පුරිසෝ තිණ්හේන සිඛරේන මුද්ධානං අභිමත්ථෙය්‍ය, ඒවමේවං ඛෝ මේ භන්තේ, අධිමත්තා වාතා මුද්ධානං හනන්ති. න මේ භන්තේ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති, නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති, නෝ පටික්කමෝති.

ස්වාමීනී, යම් සේ බලවත් පුරුෂයෙක් තියුණු ආයුධයකින් හිස් මුදුන මඩින්නේ ද, එසෙයින් ම ස්වාමීනී, අධිමාත්‍ර වූ වාතයෝ මාගේ හිස් මුදුන පෙළත්.

ස්වාමීනී, මට ඉවසිය නොහැකි ය. යැපිය නොහැකි ය. මාගේ දැඩි වූ දුක් වේදනාවෝ වැඩී යති. නොසංසිඳෙති. වැඩිවීමක් ම පෙනෙයි. සංසිඳීමක් නොපෙනෙයි.

සෙය්‍යථාපි භන්තේ, බලවා පුරිසෝ දළ්හේන වරත්තඛන්ධේන සීසේ සීසවේඨනං දදෙය්‍ය, ඒවමේව ඛෝ මේ භන්තේ, අධිමත්තෝ සීසේ සීසවේදනා, න මේ භන්තේ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති, නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති, නෝ පටික්කමෝති.

ස්වාමීනී, යම් සේ බලවත් පුරුෂයෙක් දැඩි වූ වරපටින් හිස වෙලා දැඩි ලෙස තද කරයි ද, එසෙයින් ම ස්වාමීනී, මාගේ හිසෙහි අධිමාත්‍ර වූ වේදනාවෝ හටගනිති.

ස්වාමීනී, මට ඉවසිය නොහැකි ය. යැපිය නොහැකි ය. මාගේ දැඩි වූ දුක් වේදනාවෝ වැඩී යති. නොසංසිඳෙති. වැඩිවීමක් ම පෙනෙයි. සංසිඳීමක් නොපෙනෙයි.

සෙය්‍යථාපි භන්තේ, දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා තිණ්හේන ගෝවිකන්තනේන කුච්ඡිං පරිකන්තෙය්‍ය, ඒවමේව ඛෝ මේ භන්තේ, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මේ භන්තේ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති, නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති, නෝ පටික්කමෝති.

ස්වාමීනී, යම් සේ දක්ෂ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙකු හෝ ගවයන් කපන සැතින් කුස සිඳින්නේ යම් සේ ද, එසෙයින් ම ස්වාමීනී, මාගේ කුස අධිමාත්‍ර වාතයෝ සිඳිති.

ස්වාමීනී, මට ඉවසිය නොහැකි ය. යැපිය නොහැකි ය. මාගේ දැඩි වූ දුක් වේදනාවෝ වැඩී යති. නොසංසිඳෙති. වැඩිවීමක් ම පෙනෙයි. සංසිඳීමක් නොපෙනෙයි.

සෙය්‍යථාපි භන්තේ, බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අංගාරකාසුයා සන්තාපෙය්‍යුං පරිතාපෙය්‍යුං, ඒවමේව ඛෝ මේ භන්තේ, අධිමත්තෝ කායස්මිං ඩාහෝ. න මේ භන්තේ ඛමනීයං න යාපනීයං, බාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති, නෝ පටික්කමන්ති, අභික්කමෝසානං පඤ්ඤායති, නෝ පටික්කමෝති.

ස්වාමීනී, යම් සේ බලවත් පුරුෂයෝ දුර්වල පුරුෂයෙකු වෙන වෙන ම අත් පා වලින් ගෙන අඟුරු වලක දමා දවත් ද, දැඩි ලෙස දවත් ද, එසෙයින් ම ස්වාමීනී, මාගේ කයෙහි අධිමාත්‍ර වූ දාහයක් ඇත්තේ ය.

ස්වාමීනී, මට ඉවසිය නොහැකි ය. යැපිය නොහැකි ය. මාගේ දැඩි වූ දුක් වේදනාවෝ වැඩී යති. නොසංසිඳෙති. වැඩිවීමක් ම පෙනෙයි. සංසිඳීමක් නොපෙනෙයි.”

අථ ඛෝ භගවා ආයස්මන්තං ඵග්ගුණං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්ට ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උත්සාහවත් කරවා, සතුටු කරවා හුනස්නෙන් නැගිට නික්ම වැඩි සේක.

අථ ඛෝ ආයස්මා ඵග්ගුණෝ අචිරපක්කන්තස්ස භගවතෝ කාලමකාසි. තම්හි චස්ස සමයේ මරණකාලේ ඉන්ද්‍රියානි විප්පසීදිංසු.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ කළුරිය කළහ. මරණයට පත්වන සමයෙහි උන්වහන්සේගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්න ව තිබුණාහු ය.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “ආයස්මා භන්තේ ඵග්ගුණෝ අචිරපක්කන්තස්ස භගවතෝ කාලමකාසි. තම්හි චස්ස සමයේ මරණකාලේ ඉන්ද්‍රියානි විප්පසීදිංසූති.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැළ කළහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ කළුරිය කළහ. මරණයට පත්වන සමයෙහි උන්වහන්සේගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්න ව තිබුණාහු ය.”

කිං හානන්ද ඵග්ගුණස්ස භික්ඛුනෝ ඉන්ද්‍රියානි නප්පසීදිස්සන්ති, ඵග්ගුණස්ස ආනන්ද භික්ඛුනෝ පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං අවිමුත්තං අහෝසි. තස්ස තං ධම්මදේසණං සුත්වා පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං විමුත්තං.

“ආනන්දයෙනි, කිම? ඵග්ගුණ භික්ෂුවගේ ඉන්ද්‍රියයෝ ප්‍රසන්න නොවී තිබෙත් ද? ආනන්දයෙනි, ඵග්ගුණ භික්ෂුවගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් නොවී තිබුණේ ය. ඒ ධර්ම දේශනාව ඇසීමෙනුයි ඔහුගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් වූයේ.

ඡයිමේ ආනන්ද ආනිසංසා කාලේන ධම්මසවණේ, කාලේන අත්ථූපපරික්ඛාය. කතමේ ඡ:

ආනන්දයෙනි, සුදුසු අවස්ථාවෙහි ධර්මය ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි අරුත් විමසීමෙහි අනුසස් හයකි. ඒ කවර අනුසස් සයක් ද යත්,

(1) ඉධානන්ද භික්ඛුනෝ පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං අවිමුත්තං හෝති. සෝ තම්හි සමයේ මරණකාලේ ලභති තථාගතං දස්සනාය. තස්ස තථාගතෝ ධම්මං දේසේති: ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සව්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්‍රහ්මචරියං පකාසේති. තස්ස තං ධම්මදේසනං සුත්වා පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං විමුච්චති. අයං ආනන්ද පඨමෝ ආනිසංසෝ කාලේන ධම්මස්සවණේ.

1. ආනන්දයෙනි, මෙහිලා භික්ෂුවගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් නොවූයේ වෙයි. ඒ භික්ෂුව මැරෙන අවස්ථාවෙහි තථාගතයන් වහන්සේගේ දර්ශනය ලබයි. තථාගතයන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කරති. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ ත්, පැහැදිලි ප්‍රකාශනයෙන් යුක්ත වූත්, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග ප්‍රකාශ කරති. ඒ ධර්ම දේශනාව අසා ඔහුගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් වෙයි. ආනන්දයෙනි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි ඇති පළමු ආනිශංසය මෙය යි.

(2) පුන ච පරං ආනන්ද භික්ඛුනෝ පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං අවිමුත්තං හෝති. සෝ තම්හි සමයේ මරණකාලේ න හේව ඛෝ ලභති තථාගතං දස්සනාය, අපි ච ඛෝ තථාගතසාවකං ලභති දස්සනාය. තස්ස තථාගතසාවකෝ ධම්මං දේසේති: ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සව්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්‍රහ්මචරියං පකාසේති. තස්ස තං ධම්මදේසනං සුත්වා පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං විමුච්චති. අයං ආනන්ද දුතියෝ ආනිසංසෝ කාලේන ධම්මස්සවණේ.

2. තව ද ආනන්දයෙනි, භික්ෂුවගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් නොවූයේ වෙයි. ඒ භික්ෂුව මැරෙන අවස්ථාවෙහි තථාගතයන් වහන්සේගේ දර්ශනය නොලබයි. එනමුත් තථාගත ශ්‍රාවකයෙකුගේ දර්ශනය ලබයි. තථාගත ශ්‍රාවකයා ඔහුට ධර්මය දේශනා කරයි. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ ත්, පැහැදිලි ප්‍රකාශනයෙන් යුක්ත වූත්, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග ප්‍රකාශ කරයි. ඒ ධර්ම දේශනාව අසා ඔහුගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් වෙයි. ආනන්දයෙනි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි ඇති දෙවෙනි ආනිශංසය මෙය යි.

(3) පුන ච පරං ආනන්ද භික්ඛුනෝ පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං අවිමුත්තං හෝති. සෝ තම්හි සමයේ මරණකාලේ න හේව ඛෝ ලභති තථාගතං දස්සනාය, නපි තථාගතසාවකං ලභති දස්සනාය. අපි ච ඛෝ යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති, අනුවිචාරේති, මනසානුපෙක්ඛති. තස්ස යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ මනසානුපෙක්ඛතෝ පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං විමුච්චති. අයං ආනන්ද තතියෝ ආනිසංසෝ කාලේන ධම්මසවණේ කාලේන අත්ථූපපරික්ඛාය.

3. තව ද ආනන්දයෙනි, භික්ෂුවගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් නොවූයේ වෙයි. ඒ භික්ෂුව මැරෙන අවස්ථාවෙහි තථාගතයන් වහන්සේගේ දර්ශනය නොලබයි. එමෙන් ම තථාගත ශ්‍රාවකයෙකුගේ දර්ශනය ද නොලබයි. එනමුත් ඇසූ පරිදි, හැදෑරූ පරිදි ධර්මය සිතෙන් අනුවිතර්ක කරයි. අනුවිචාර කරයි. මනසින් විමසා බලයි. ඇසූ අයුරින්, හැදෑරූ අයුරින් ඒ ධර්මය සිතෙන් විතර්ක කරන, නැවත නැවත විචාර කරන, මනසින් විමසා බලන ඔහුගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් වෙයි. ආනන්දයෙනි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි අරුත් විමසීමෙහි ඇති තෙවෙනි ආනිශංසය මෙය යි.

(4) ඉධානන්ද භික්ඛුනෝ පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං විමුත්තං හෝති, අනුත්තරේ ච ඛෝ උපධිසංඛයේ චිත්තං අවිමුත්තං හෝති. සෝ තම්හි සමයේ මරණකාලේ ලභති තථාගතං දස්සනාය, තස්ස තථාගතෝ ධම්මං දේසේති: ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං ….(පෙ)…. බ්‍රහ්මචරියං පකාසේති. තස්ස තං ධම්මදේසණං සුත්වා අනුත්තරේ ඛෝ උපධිසංඛයේ චිත්තං විමුච්චති. අයං ආනන්ද චතුත්ථෝ ආනිසංසෝ කාලේන ධම්මස්සවණේ.

4. ආනන්දයෙනි, මෙහිලා භික්ෂුවගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් වූයේ වෙයි. අනුත්තර වූ නිර්වාණය අරමුණු කොට කෙලෙස් උපධීන් ගෙවීමෙන් සිත නිදහස් නොවූයේ වෙයි. ඒ භික්ෂුව මැරෙන අවස්ථාවෙහි තථාගතයන් වහන්සේගේ දර්ශනය ලබයි. තථාගතයන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කරති. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, ….(පෙ)…. නිවන් මග ප්‍රකාශ කරති. ඒ ධර්ම දේශනාව අසා අනුත්තර වූ නිර්වාණය අරමුණු කොට කෙලෙස් උපධීන් ගෙවීමෙන් සිත නිදහස් වෙයි. ආනන්දයෙනි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි ඇති සිව්වෙනි ආනිශංසය මෙය යි.

(5) පුන ච පරං ආනන්ද භික්ඛුනෝ පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං විමුත්තං හෝති. අනුත්තරේ ච ඛෝ උපධිසංඛයේ චිත්තං අවිමුත්තං හෝති. සෝ තම්හි සමයේ මරණකාලේ න හේව ඛෝ ලභති තථාගතං දස්සනාය, අපි ච ඛෝ තථාගතසාවකං ලභති දස්සනාය. තස්ස තථාගතසාවකෝ ධම්මං දේසේති: ආදිකල්‍යාණං ….(පෙ)…. පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. තස්ස තං ධම්මදේසණං සුත්වා අනුත්තරේ උපධිසංඛයේ චිත්තං විමුච්චති. අයං ආනන්ද පඤ්චමෝ ආනිසංසෝ කාලේන ධම්මස්සවණේ.

5. තව ද ආනන්දයෙනි, භික්ෂුවගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් වූයේ වෙයි. අනුත්තර වූ නිර්වාණය අරමුණු කොට කෙලෙස් උපධීන් ගෙවීමෙන් සිත නිදහස් නොවූයේ වෙයි. ඒ භික්ෂුව මැරෙන අවස්ථාවෙහි තථාගතයන් වහන්සේගේ දර්ශනය නොලබයි. එනමුත් තථාගත ශ්‍රාවකයෙකුගේ දර්ශනය ලබයි. තථාගත ශ්‍රාවකයා ඔහුට ධර්මය දේශනා කරයි. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, ….(පෙ)…. නිවන් මග ප්‍රකාශ කරති. ඒ ධර්ම දේශනාව අසා අනුත්තර වූ නිර්වාණය අරමුණු කොට කෙලෙස් උපධීන් ගෙවීමෙන් සිත නිදහස් වෙයි. ආනන්දයෙනි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි ඇති පස්වෙනි ආනිශංසය මෙය යි.

(6) පුන ච පරං ආනන්ද භික්ඛුනෝ පඤ්චහි ඕරම්භාගියේහි සඤ්ඤෝජනේහි චිත්තං විමුත්තං හෝති. අනුත්තරේ ච ඛෝ උපධිසංඛයේ චිත්තං අවිමුත්තං හෝති. සෝ තම්හි සමයේ මරණකාලේ න හේව ඛෝ ලභති තථාගතං දස්සනාය, නපි තථාගතසාවකං ලභති දස්සනාය. අපි ච ඛෝ යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. තස්ස යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ මනසානුපෙක්ඛතෝ අනුත්තරේ උපධිසංඛයේ චිත්තං විමුච්චති. අයං ආනන්ද ඡට්ඨෝ ආනිසංසෝ කාලේන ධම්මසවණේ කාලේන අත්ථූපපරික්ඛාය.

6. තව ද ආනන්දයෙනි, භික්ෂුවගේ සිත පංච ඕරම්භාගීය සංයෝජනයන්ගෙන් නිදහස් වූයේ වෙයි. ඒ භික්ෂුව මැරෙන අවස්ථාවෙහි තථාගතයන් වහන්සේගේ දර්ශනය නොලබයි. එමෙන් ම තථාගත ශ්‍රාවකයෙකුගේ දර්ශනය ද නොලබයි. එනමුත් ඇසූ පරිදි, හැදෑරූ පරිදි ධර්මය සිතෙන් අනුවිතර්ක කරයි. අනුවිචාර කරයි. මනසින් විමසා බලයි. ඇසූ අයුරින්, හැදෑරූ අයුරින් ඒ ධර්මය සිතෙන් විතර්ක කරන, නැවත නැවත විචාර කරන, මනසින් විමසා බලන ඔහුගේ සිත අනුත්තර වූ නිර්වාණය අරමුණු කොට කෙලෙස් උපධීන් ගෙවීමෙන් නිදහස් වෙයි. ආනන්දයෙනි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි අරුත් විමසීමෙහි ඇති සයවෙනි ආනිශංසය මෙය යි.

ඉමේ ඛෝ ආනන්ද ඡ ආනිසංසා කාලේන ධම්මස්සවණේ කාලේන අත්ථූපපරික්ඛායාති.

ආනන්දයෙනි, මේ වනාහී සුදුසු අවස්ථාවෙහි ධර්මය ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි අරුත් විමසීමෙහි අනුසස් හය යි.

සාදු! සාදු!! සාදු!!!

ඵග්ගුණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M