අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.2.1.1. සෝණ සුත්තං

6.2.1.1. සෝණ තෙරුන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ. තේන ඛෝ පන සමයේන ආයස්මා සෝණෝ රාජගහේ විහරති සීතවනස්මිං.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ රජගහ නුවර සීතවනයෙහි වාසය කරති.

අථ ඛෝ ආයස්මතෝ සෝණස්ස රහෝගතස්ස පතිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: “යේ ඛෝ කේචි භගවතෝ සාවකා ආරද්ධවීරියා විහරන්ති, අහං තේසං අඤ්ඤතරෝ. අථ ච පන මේ න අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චති. සංවිජ්ජන්ති ඛෝ පන මේ කුලේ භෝගා. සක්කා භෝගේ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යන්නූනාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භෝගේ ච භුඤ්ජෙය්‍යං, පුඤ්ඤානි ච කරෙය්‍යන්ති.”

එකල්හී හුදෙකලාවේ භාවනාවෙන් සිටි ආයුෂ්මත් සෝණ තෙරුන්ට මෙබඳු චිත්ත පරිවිතර්කයක් හටගත්තේ ය. ‘භාග්‍යවතුන් වහන්සේගේ පටන්ගත් වීරිය ඇති යම්කිසි ශ්‍රාවකවරු වෙත් නම්, මම් ද ඔවුන් අතර කෙනෙක්මි. නමුත් මාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් නොවෙයි. මාගේ නිවසෙහි භෝග සම්පත් ද ඇත්තේ ය. ඒ භෝග සම්පත් අනුභව කරන්නට ත්, පින් කරගන්නට ත් හැකියාව තිබෙයි. එහෙයින් මම ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට පැමිණ භෝගයන් ද අනුභව කරන්නෙම් නම්, පින් ද කරන්නෙම් නම් මැනැවැ’ යි.

අථ ඛෝ භගවා ආයස්මතෝ සෝණස්ස චේතසා චේතෝ පරිවිතක්කමඤ්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය, ඒවමේවං ගිජ්ඣකූටේ පබ්බතේ අන්තරහිතෝ සීතවනේ ආයස්මතෝ සෝණස්ස පමුඛේ පාතුරහෝසි. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ. ආයස්මාපි ඛෝ සෝණෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං සෝණං භගවා ඒතදවෝච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තම සිතින් ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ සිතෙහි වූ කල්පනාව දැන යම් සේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින්නේ වෙයි ද, දික් කළ අතක් හකුලන්නේ වෙයි ද, එපමණ සුළු කලකින් ගිජ්ඣකූට පර්වතයෙන් නොපෙනී ගොස් සීතවනයෙහි ආයුෂ්මත් සෝණ තෙරුන් ඉදිරියෙහි පහළ වූ සේක.

භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් සෝණ තෙරුන් ද භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් සෝණ තෙරුන් ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

නනු තේ සෝණ, රහෝගතස්ස පතිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: “යේ ඛෝ කේචි භගවතෝ සාවකා ආරද්ධවීරියා විහරන්ති, අහං තේසං අඤ්ඤතරෝ, අථ ච පන මේ න අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චති. සංවිජ්ජන්ති ඛෝ පන මේ කුලේ භෝගා. සක්කා භෝගේච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යන්නූනාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භෝගේ ච භුඤ්ජෙය්‍යං, පුඤ්ඤානි ච කරෙය්‍යන්ති.”

“සෝණයෙනි, හුදෙකලාවේ භාවනාවෙන් සිටි ඔබට මෙබඳු චිත්ත පරිවිතර්කයක් හටගත්තේ නොවේ ද? එනම් ‘භාග්‍යවතුන් වහන්සේගේ පටන්ගත් වීරිය ඇති යම්කිසි ශ්‍රාවකවරු වෙත් නම්, මම් ද ඔවුන් අතර කෙනෙක්මි. නමුත් මාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් නොවෙයි. මාගේ නිවසෙහි භෝග සම්පත් ද ඇත්තේ ය. ඒ භෝග සම්පත් අනුභව කරන්නට ත්, පින් කරගන්නට ත් හැකියාව තිබෙයි. එහෙයින් මම ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට පැමිණ භෝගයන් ද අනුභව කරන්නෙම් නම්, පින් ද කරන්නෙම් නම් මැනැවැ’ යි යනුවෙන්?”

ඒවං භන්තේ.

“එසේ ය, ස්වාමීනී.”

තං කිං මඤ්ඤසි, සෝණ කුසලෝ ත්වං පුබ්බේ ආගාරිකභූතෝ වීණාය තන්තිස්සරේති.

“සෝණයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? පෙර ඔබ නිවසේ සිටිය දී වීණාවෙහි තත්සරයන් පිළිබඳ ව දක්ෂ වූයෙහි ද?”

ඒවං භන්තේ.

“එසේ ය, ස්වාමීනී.”

තං කිං මඤ්ඤේසි, සෝණ යදා තේ වීණාය තන්තියෝ අච්චායතා හොන්ති, අපි නු තේ වීණා තස්මිං සමයේ සරවතී වා හෝති, කම්මඤ්ඤා වාති.

“සෝණයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? යම් කලක ඔබගේ වීණාවෙහි තත් ඉතා දැඩි ව තිබෙයි නම්, එසමයෙහි ඔබගේ වීණාවේ ස්වරවත් බව හෝ කර්මණ්‍ය බව හෝ වෙයි ද?”

නෝ හේතං භන්තේ.

“ස්වාමීනී, එය නොවේ ම ය.”

තං කිං මඤ්ඤසි, සෝණ යදා තේ වීණාය තන්තියෝ අතිසිථිලා හොන්ති, අපි නු තේ වීණා තස්මිං සමයේ සරවතී වා හෝති කම්මඤ්ඤා වාති. නෝ හේතං භන්තේ.

“සෝණයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? යම් කලක ඔබගේ වීණාවෙහි තත් ඉතා ලිහිල් ව තිබෙයි නම්, එසමයෙහි ඔබගේ වීණාවේ ස්වරවත් බව හෝ කර්මණ්‍ය බව හෝ වෙයි ද?”

“ස්වාමීනී, එය නොවේ ම ය.”

යදා පන තේ සෝණ වීණාය තන්තියෝ න අච්චායතා හොන්ති න අතිසිථිලා, සමේ ගුණේ පතිට්ඨිතා, අපි නු තේ වීණා තස්මිං සමයේ සරවතී වා හෝති කම්මඤ්ඤා වාති.

“සෝණයෙනි, යම් කලක ඔබගේ වීණාවෙහි තත් ඉතා දැඩි ත් නොවෙයි නම්, ඉතා ලිහිල් ද නෙවෙයි නම්, සම ගුණයෙහි පිහිටා ඇත්නම්, එසමයෙහි ඔබගේ වීණාව ස්වරවත් හෝ වෙයි ද? කර්මණ්‍ය බව හෝ වෙයි ද?”

ඒවං භන්තේ.

“එසේ ය, ස්වාමීනී.”

ඒවමේවං ඛෝ සෝණ අච්චාරද්ධං විරියං උද්ධච්චාය සංවත්තති. අතිලීනං විරියං කෝසජ්ජාය සංවත්තති. තස්මාතිහ ත්වං සෝණ, විරියසමථං අධිට්ඨහ, ඉන්ද්‍රියානං ච සමතං පටිවිජ්ඣ, තත්ථ ච නිමිත්තං ගණ්හාහීති.

“එසෙයින් ම සෝණයෙනි, අතිශයින් දැඩි වූ වීර්යය සිතෙහි විසිරීම පිණිස පවතියි. අතිශයින් ම හැකිලී ගිය වීර්යය කුසීත බව පිණිස පවතියි. එහෙයින් සෝණයෙනි, ඔබ වීර්යය සම කරගැනීමට අධිෂ්ඨාන කරව. ඉන්ද්‍රියයන්ගේ සම බව අවබෝධ කරගනුව. එහි නිමිති ත් ගනුව.”

“ඒවං භන්තේති ඛෝ ආයස්මා සෝණෝ භගවතෝ පච්චස්සෝසි.

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

අථ ඛෝ භගවා ආයස්මන්තං සෝණං ඉමිනා ඕවාදේන ඕවදිත්වා සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය. පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය, ඒවමේව ඛෝ සීතවනේ අන්තරහිතෝ ගිජ්ඣකූටේ පබ්බතේ පාතුරහෝසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ට මේ අවවාදයෙන් අවවාද කොට යම් සේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින්නේ වෙයි ද, දික් කළ අතක් හකුලන්නේ වෙයි ද, එපමණ සුළු කලකින් සීතවනයෙන් නොපෙනී ගොස් ගිජ්ඣකූට පර්වතයෙහි පහළ වූ සේක.

අථ ඛෝ ආයස්මා සෝණෝ අපරේන සමයේන විරියසමථං අධිට්ඨාසි ඉන්ද්‍රියානඤ්ච සමතං පටිවිජ්ඣි. තත්ථ ච නිමිත්තං අග්ගහේසි. අථ ඛෝ ආයස්මා සෝණෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ න චිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනාගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. “ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරෝ ච පනායස්මා සෝණෝ අරහතං අහෝසි.

එවිට ආයුෂ්මත් සෝණ තෙරණුවෝ පසුකාලයෙහි වීර්යය සම කොට ගැනීමට අධිෂ්ඨාන කළහ. ඉන්ද්‍රියයන්ගේ සම බව අවබෝධ කළහ. එහි නිමිත්ත ද ගත්හ. ඉක්බිති ආයුෂ්මත් සෝණ තෙරණුවෝ තනි ව හුදෙකලාවෙහි අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යය ඇති ව දහමට දිවි පුදා වාසය කරන්නාහු යම් අරුතක් උදෙසා කුලපුත්‍රයෝ ගිහි ගෙයි අත්හැර මනාකොට අනගාරික ව පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි අවසානය වන අනුත්තර නිර්වාණය මේ ජීවිතයේ දී ම නොබෝ කලකින් ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළහ. ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අනෙකක් නැතැ’යි අවබෝධ කරගත්හ. ආයුෂ්මත් සෝණ තෙරණුවෝ වනාහී රහතුන් අතුරින් කෙනෙක් වූහ.

අථ ඛෝ ආයස්මතෝ සෝණස්ස අරහත්තප්පත්තස්ස ඒතදහෝසි: “යන්නූනාහං යේන භගවා තේනුපසංකමෙය්‍යං, උපසංකමිත්වා භගවතෝ සන්තිකේ අඤ්ඤං ව්‍යාකරෙය්‍යන්ති.” අථ ඛෝ ආයස්මා සෝණෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සෝණෝ භගවන්තං ඒතදවෝච:

ඉක්බිති අරහත්වයට පත් වූ ආයුෂ්මත් සෝණ තෙරුන් හට මේ අදහස ඇති විය. ‘යම් හෙයකින් මම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙම් නම්, පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අරහත්වය ප්‍රකාශ කරන්නෙම් නම් මැනැවැ’ යි.

එකල්හී ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පවසා සිටියහ.

යෝ සෝ භන්තේ භික්ඛු අරහං ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසංයෝජනෝ සම්මදඤ්ඤාවිමුත්තෝ, සෝ ඡ ඨානානි අධිමුත්තෝ හෝති: නෙක්ඛම්මාධිමුත්තෝ හෝති. පවිවේකාධිමුත්තෝ හෝති. අබ්‍යාපජ්ජාධිමුත්තෝ හෝති. තණ්හක්ඛයාධිමුත්තෝ හෝති. උපාදානක්ඛයාධිමුත්තෝ හෝති. අසම්මෝහාධිමුත්තෝ හෝති.

“ස්වාමීනී, යම් ඒ භික්ෂුවක් අරහත් වූයේ ද, ඛීණාශ්‍රව වූයේ ද, බඹසර වැස නිම වූයේ ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර බහා තැබුවේ ද, පිළිවෙලින් පත් අරහත්වය ඇත්තේ ද, භව සංයෝජනයන් ක්ෂය කළේ වෙයි ද, මනා අවබෝධයෙන් විමුක්තියට පත්වූයේ වෙයි ද, හේ සය තැනකින් අවබෝධය ලැබුවේ වෙයි. එනම් නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ ව ද අවබෝධය ලැබුවේ වෙයි. හුදෙකලා විවේකය පිළිබඳ ව ද අවබෝධය ලැබුවේ වෙයි. අව්‍යාපාදය පිළිබඳ ව ද අවබෝධය ලැබුවේ වෙයි. තෘෂ්ණාව ක්ෂය වීම පිළිබඳ ව ද අවබෝධය ලැබුවේ වෙයි. උපාදාන ක්ෂය වීම පිළිබඳ ව ද අවබෝධය ලැබුවේ වෙයි. මුලා නොවීම පිළිබඳ ව ද අවබෝධය ලැබුවේ වෙයි.

(1) සියා ඛෝ පන භන්තේ, ඉධේකච්චස්ස ආයස්මතෝ ඒවමස්ස: ‘කේවලං සද්ධාමත්තකං නූන අයමායස්මා නිස්සාය නෙක්ඛම්මාධිමුත්තෝ’ති. න ඛෝ පනේතං භන්තේ, ඒවං දට්ඨබ්බං. ඛීණාසවෝ භන්තේ, භික්ඛු වුසිතවා කතකරණීයෝ, කරණීයං අත්තනෝ අසමනුපස්සන්තෝ කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා නෙක්ඛම්මාධිමුත්තෝ හෝති. ඛයා දෝසස්ස වීතදෝසත්තා නෙක්ඛම්මාධිමුත්තෝ හෝති, ඛයා මෝහස්ස වීතමෝහත්තා නෙක්ඛම්මාධිමුත්තෝ හෝති.

1. ස්වාමීනී, මෙහිලා ඇතැම් ආයුෂ්මත් කෙනෙකුට මෙබඳු අදහසක් ඇතිවන්නට පුළුවනි. එනම්, හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් ම මේ ආයුෂ්මත් තෙමේ නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ ව අවබෝධය ලැබුවේ ය කියා. ස්වාමීනී, එය එසේ නොදැක්ක යුතුය. ස්වාමීනී, ඛීණාශ්‍රව වූ, වසන ලද බඹසර ඇති, කළ යුත්ත කරන ලද භික්ෂුව කළ යුතු දෙයක් තමා තුළ නැවත කිරීමක් නොදකින්නේ, කරන ලද දෙයෙහි නැවත කිරීමකුත් නොදකින්නේ රාගය ක්ෂය වීමෙන් වීතරාගී වූ බැවින් නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. ද්වේෂය ක්ෂය වීමෙන් වීතදෝෂී වූ බැවින් නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. මෝහය ක්ෂය වීමෙන් වීතමෝහී වූ බැවින් නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි.

(2) සියා ඛෝ පන භන්තේ, ඉධේකච්චස්ස ආයස්මතෝ ඒවමස්ස: “ලාභසක්කාරසිලෝකං නූන අයමායස්මා නිකාමයමානෝ පවිවේකාධිමුත්තෝ”ති. න ඛෝ පනේතං භන්තේ, ඒවං දට්ඨබ්බං. ඛීණාසවෝ භන්තේ, භික්ඛු වුසිතවා කතකරණීයෝ, කරණීයං අත්තනෝ අසමනුපස්සන්තෝ කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා පවිවේකාධිමුත්තෝ හෝති, ඛයා දෝසස්ස වීතදෝසත්තා පවිවේකාධිමුත්තෝ හෝති, ඛයා මෝහස්ස වීතමෝහත්තා පවිවේකාධිමුත්තෝ හෝති.

2. ස්වාමීනී, මෙහිලා ඇතැම් ආයුෂ්මත් කෙනෙකුට මෙබඳු අදහසක් ඇතිවන්නට පුළුවනි. එනම්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට ආශාවෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙකලා විවේකය පිළිබඳ ව අවබෝධය ලැබුවේ ය කියා. ස්වාමීනී, එය එසේ නොදැක්ක යුතුය. ස්වාමීනී, ඛීණාශ්‍රව වූ, වසන ලද බඹසර ඇති, කළ යුත්ත කරන ලද භික්ෂුව කළ යුතු දෙයක් තමා තුළ නැවත කිරීමක් නොදකින්නේ, කරන ලද දෙයෙහි නැවත කිරීමකුත් නොදකින්නේ රාගය ක්ෂය වීමෙන් වීතරාගී වූ බැවින් හුදෙකලා විවේකය පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. ද්වේෂය ක්ෂය වීමෙන් වීතදෝෂී වූ බැවින් හුදෙකලා විවේකය පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. මෝහය ක්ෂය වීමෙන් වීතමෝහී වූ බැවින් හුදෙකලා විවේකය පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි.

(3) සියා ඛෝ පන භන්තේ, ඉධේකච්චස්ස ආයස්මතෝ ඒවමස්ස: “සීලබ්බතපරාමාසං නූන අයමායස්මා සාරතෝ පච්චාගච්ඡන්තෝ අබ්‍යාපජ්ජාධිමුත්තෝ හෝති.” න ඛෝ පනේතං භන්තේ, ඒවං දට්ඨබ්බං. ඛීණාසවෝ භන්තේ, භික්ඛු වුසිතවා කතකරණීයෝ, කරණීයං අත්තනෝ අසමනුපස්සන්තෝ කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා අබ්‍යාපජ්ජාධිමුත්තෝ හෝති, ඛයා දෝසස්ස වීතදෝසත්තා, අබ්‍යාපජ්ජාධිමුත්තෝ හෝති, ඛයා මෝහස්ස වීතමෝහත්තා අබ්‍යාපජ්ජාධිමුත්තෝ හෝති. ….(පෙ)….

3. ස්වාමීනී, මෙහිලා ඇතැම් ආයුෂ්මත් කෙනෙකුට මෙබඳු අදහසක් ඇතිවන්නට පුළුවනි. එනම්, සීලබ්බත පරාමාසයන් සාර වශයෙන් ගැනීමෙන් මේ ආයුෂ්මත් තෙමේ අව්‍යාපාදය පිළිබඳ ව අවබෝධය ලැබුවේ ය කියා. ස්වාමීනී, එය එසේ නොදැක්ක යුතුය. ස්වාමීනී, ඛීණාශ්‍රව වූ, වසන ලද බඹසර ඇති, කළ යුත්ත කරන ලද භික්ෂුව කළ යුතු දෙයක් තමා තුළ නැවත කිරීමක් නොදකින්නේ, කරන ලද දෙයෙහි නැවත කිරීමකුත් නොදකින්නේ රාගය ක්ෂය වීමෙන් වීතරාගී වූ බැවින් අව්‍යාපාදය පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. ද්වේෂය ක්ෂය වීමෙන් වීතදෝෂී වූ බැවින් අව්‍යාපාදය පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. මෝහය ක්ෂය වීමෙන් වීතමෝහී වූ බැවින් අව්‍යාපාදය පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි.

(4) ඛයා රාගස්ස වීතරාගත්තා තණ්හක්ඛයාධිමුත්තෝ හෝති, ඛයා දෝසස්ස වීතදෝසත්තා තණ්හක්ඛයාධිමුත්තෝ හෝති, ඛයා මෝහස්ස වීතමෝහත්තා තණ්හක්ඛයාධිමුත්තෝ හෝති. ….(පෙ)….

4. ….(පෙ)…. රාගය ක්ෂය වීමෙන් වීතරාගී වූ බැවින් තණ්හාව ක්ෂය වීම පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. ද්වේෂය ක්ෂය වීමෙන් වීතදෝෂී වූ බැවින් තණ්හාව ක්ෂය වීම පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. මෝහය ක්ෂය වීමෙන් වීතමෝහී වූ බැවින් තණ්හාව ක්ෂය වීම පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි.

(5) ඛයා රාගස්ස වීතරාගත්තා උපාදානක්ඛයාධිමුත්තෝ හෝති, ඛයා දෝසස්ස වීතදෝසත්තා උපාදානක්ඛයාධිමුත්තෝ හෝති, ඛයා මෝහස්ස වීතමෝහත්තා උපාදානක්ඛයාධිමුත්තෝ හෝති. ….(පෙ)….

5. ….(පෙ)…. රාගය ක්ෂය වීමෙන් වීතරාගී වූ බැවින් උපාදාන ක්ෂය වීම පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. ද්වේෂය ක්ෂය වීමෙන් වීතදෝෂී වූ බැවින් උපාදාන ක්ෂය වීම පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. මෝහය ක්ෂය වීමෙන් වීතමෝහී වූ බැවින් උපාදාන ක්ෂය වීම පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි.

(6) ඛයා රාගස්ස වීතරාගත්තා අසම්මෝහාධිමුත්තෝ හෝති, ඛයා දෝසස්ස වීතදෝසත්තා අසම්මෝහාධිමුත්තෝ හෝති, ඛයා මෝහස්ස වීතමෝහත්තා අසම්මෝහාධිමුත්තෝ හෝති.

6. ….(පෙ)…. රාගය ක්ෂය වීමෙන් වීතරාගී වූ බැවින් සිහි මුළා නොවීම පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. ද්වේෂය ක්ෂය වීමෙන් වීතදෝෂී වූ බැවින් සිහි මුළා නොවීම පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි. මෝහය ක්ෂය වීමෙන් වීතමෝහී වූ බැවින් සිහි මුළා නොවීම පිළිබඳ ව අවබෝධය ලැබුවේ වෙයි.

ඒවං සම්මාවිමුත්තචිත්තස්ස, භන්තේ, භික්ඛුනෝ භුසා චේපි චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා චක්ඛුස්ස ආපාථමාගච්ඡන්ති, නේවස්ස චිත්තං පරියාදියන්ති, අමිස්සීකතමේවස්ස චිත්තං හෝති, ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයඤ්චස්සානුපස්සති. භුසා චේපි සෝතවිඤ්ඤෙය්‍යා සද්දා (සෝතස්ස ආපාථමාගච්ඡන්ති) ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා (ඝානස්ස අපාථමාගච්ඡන්ති) ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා (ජිව්හාය අපාථමාගච්ඡන්ති) ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා (කායස්ස ආපාථමාගච්ඡන්ති) ….(පෙ)…. මනෝවිඤ්ඤෙය්‍යා ධම්මා මනස්ස ආපාථමාගච්ඡන්ති, නේවස්ස චිත්තං පරියාදියන්ති, අමිස්සීකතමේවස්ස චිත්තං හෝති, ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයඤ්චස්සානුපස්සති.

ස්වාමීනී, මෙසේ මැනැවින් නිදහස් වූ සිත් ඇති භික්ෂුවට බොහෝ සෙයින් නමුත් ඇසින් දත යුතු රූපයෝ ඇස් හමුවට පැමිණෙත් නම්, ඒ රූපයෝ ඒ භික්ෂුවගේ සිත යට කොට නොයත්. ඔහුගේ සිත ඒ රූප හා මිශ්‍ර නොවුණේ වෙයි. ස්ථිර ව පිහිටා සිටියේ, අකම්පිත ව සිටියේ වෙයි. ඒ සියල්ලෙහි අනිත්‍ය දකියි. බොහෝ සෙයින් නමුත් කනින් ඇසිය යුතු ශබ්දයෝ කන ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් නාසයෙන් දත යුතු ගන්ධයෝ නාසය ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් දිවෙන් දත යුතු රසයෝ දිව ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් කයින් දත යුතු ස්පර්ශයෝ කය ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් මනසින් දත යුතු ආරම්මණයෝ මනස හමුවට පැමිණෙත් නම්, ඒ ආරම්මණයෝ ඒ භික්ෂුවගේ සිත යට කොට නොයත්. ඔහුගේ සිත ඒ ආරම්මණ හා මිශ්‍ර නොවුණේ වෙයි. ස්ථිර ව පිහිටා සිටියේ, අකම්පිත ව සිටියේ වෙයි. ඒ සියල්ලෙහි අනිත්‍ය දකියි.

සෙය්‍යථාපි භන්තේ සේලෝ පබ්බතෝ අච්ඡිද්දෝ අසුසිරෝ ඒකඝනෝ. අථ පුරත්ථිමාය චේපි දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි නේව තං සංකම්පෙය්‍ය, න සම්පකම්පෙය්‍ය, න සම්පවේධෙය්‍ය, අථ පච්ඡිමාය චේපි දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි ….(පෙ)…. අථ උත්තරාය චේපි දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි ….(පෙ)…. අථ දක්ඛිණාය චේපි දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි නේව තං සංකම්පෙය්‍ය, න සම්පකම්පෙය්‍ය, න සම්පවේධෙය්‍ය.

ස්වාමීනී, එය මෙබඳු දෙයකි. සිදුරු නැති, පැළුම් නැති, ඒකඝන වූ ගල් පර්වතයක් තිබෙයි. එකල්හී පෙරදිග දිශාවෙනුත් බලවත් සේ හමන්නා වූ වැසි සුළඟ ඒ පර්වතය කම්පා නොකරයි. විශේෂයෙන් කම්පා නොකරයි. නොවෙව්ළුවයි. එමෙන් ම බටහිර දිශාවෙනුත් බලවත් සේ හමන්නා වූ වැසි සුළඟ ….(පෙ)…. එමෙන් ම උතුරු දිශාවෙනුත් බලවත් සේ හමන්නා වූ වැසි සුළඟ ….(පෙ)…. එමෙන් ම දකුණු දිශාවෙනුත් බලවත් සේ හමන්නා වූ වැසි සුළඟ ඒ පර්වතය කම්පා නොකරයි. විශේෂයෙන් කම්පා නොකරයි. නොවෙව්ළුවයි.

ඒවමේව ඛෝ භන්තේ, ඒවං සම්මාවිමුත්තචිත්තස්ස භික්ඛුනෝ භුසා චේපි චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා චක්ඛුස්ස ආපාථමාගච්ඡන්ති, නේවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමේවස්ස චිත්තං හෝති ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයං චස්සානුපස්සති. භුසා චේපි සෝතවිඤ්ඤෙය්‍යා සද්දා ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ….(පෙ)…. මනෝවිඤ්ඤෙය්‍යා ධම්මා මනස්ස ආපාථමාගච්ඡන්ති, නේවස්ස චිත්තං පරියාදියන්ති, අමිස්සීකතමේවස්ස චිත්තං හෝති ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයං චස්සානුපස්සතී’ති.

එසෙයින් ම ස්වාමීනී, මෙසේ මැනැවින් නිදහස් වූ සිත් ඇති භික්ෂුවට බොහෝ සෙයින් නමුත් ඇසින් දත යුතු රූපයෝ ඇස් හමුවට පැමිණෙත් නම්, ඒ රූපයෝ ඒ භික්ෂුවගේ සිත යට කොට නොයත්. ඔහුගේ සිත ඒ රූප හා මිශ්‍ර නොවුණේ වෙයි. ස්ථිර ව පිහිටා සිටියේ, අකම්පිත ව සිටියේ වෙයි. ඒ සියල්ලෙහි අනිත්‍ය දකියි. බොහෝ සෙයින් නමුත් කනින් ඇසිය යුතු ශබ්දයෝ කන ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් නාසයෙන් දත යුතු ගන්ධයෝ නාසය ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් දිවෙන් දත යුතු රසයෝ දිව ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් කයින් දත යුතු ස්පර්ශයෝ කය ඉදිරියට පැමිණෙත් නම්, ….(පෙ)…. බොහෝ සෙයින් නමුත් මනසින් දත යුතු ආරම්මණයෝ මනස හමුවට පැමිණෙත් නම්, ඒ ආරම්මණයෝ ඒ භික්ෂුවගේ සිත යට කොට නොයත්. ඔහුගේ සිත ඒ ආරම්මණ හා මිශ්‍ර නොවුණේ වෙයි. ස්ථිර ව පිහිටා සිටියේ, අකම්පිත ව සිටියේ වෙයි. ඒ සියල්ලෙහි අනිත්‍ය දකියි.

(ගාථා)

නෙක්ඛම්මං අධිමුත්තස්ස පවිවේකඤ්ච චේතසෝ
අබ්‍යාපජ්ජාධිමුත්තස්ස උපාදානක්ඛයස්ස ච.

නෙක්ඛම්ම පිළිබඳ අවබෝධය ත්, චිත්ත විවේකය පිළිබඳ අවබෝධය ත්, අව්‍යාපාදය පිළිබඳ අවබෝධය ත්, උපාදාන ක්ෂය වීම පිළිබඳ අවබෝධය ත්,

තණ්හක්ඛයාධිමුත්තස්ස අසම්මෝහඤ්ච චේතසෝ
දිස්වා ආයතනුප්පාදං සම්මාචිත්තං විමුච්චති.

තණ්හාව ක්ෂය වීම පිළිබඳ අවබෝධය ත්, සිහි මුලා නොවීම පිළිබඳ අවබෝධය ත් යන අවබෝධයෙන් යුතුව නිවන නම් වූ අසංඛත ආයතනය දැක මැනැවින් සිත උපාදානයෙන් නිදහස් වෙයි.

තස්ස සම්මාවිමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ
කතස්ස පතිචයෝ නත්ථි කරණීයං න විජ්ජති.

ඒ මැනැවින් මිදුණු සිත් ඇති ශාන්ත සිත් ඇති භික්ෂුව හට කළ දෙය යළි කිරීමක් නැත්තේ ය. නිවන පිණිස කළ යුතු දෙයක් ද නැත්තේ ය.

සේලෝ යථා ඒකග්ඝනෝ වාතේන න සමීරති
ඒවං රූපා රසා සද්දා ගන්ධා ඵස්සා ච කේවලා.

යම් සේ ඒකඝන ගල් කුලක් සුළඟින් නොසෙල්වී තිබෙයි ද, එසෙයින් ම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන සියල්ලෙන් රහත් භික්ෂුව නොසැලී සිටියි.

ඉට්ඨා ධම්මා අනිට්ඨා ච නප්පවේධෙන්ති තාදිනෝ
ඨිතං චිත්තං විප්පමුත්තං වයං චස්සානුපස්සතී’ති.

තාදී සිත් ඇති ඒ රහතුන්ගේ සිත ඉෂ්ට වූ ධර්මයෙනුත්, අනිෂ්ට වූ ධර්මයෙනුත් නොසැලෙයි. මැනැවින් පිහිටි සිත් ඇති, මැනැවින් මිදුණු සිත් ඇති ඒ රහත් භික්ෂුව එහි අනිත්‍යය දකියි.

සාදු! සාදු!! සාදු!!!

සෝණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M