අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.5.9. ආනන්ද සුත්තං

6.1.5.9. අනඳ තෙරුන් වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතා සාරිපුත්තේන සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච:

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට වැඩියහ. වැඩම කොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය වදාළහ.

කිත්තාවතා නු ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛු අස්සුතඤ්චේව ධම්මං සුණාති, සුතා චස්ස ධම්මා න සම්මෝසං ගච්ඡන්ති, යේ චස්ස ධම්මා පුබ්බේ චේතසා සම්ඵුට්ඨපුබ්බා, තේ ච සමුදාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතීති.

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, භික්ෂුවක් නොඇසූ ධර්මයනුත් අසන්නේ නම්, ඇසූ ධර්මය ත් වැනසීමට නොයන්නේ නම් යම් ඒ ධර්මයන් ඔහු විසින් කලින් සිතෙන් ස්පර්ශ කරන ලද්දේ නම්, ඒවා ත් මතකයට එන්නේ නම්, නොදත් කරුණු ත් අවබෝධ වන්නේ නම්, ඒ කවර කරුණු මත ද?”

ආයස්මා ඛෝ ආනන්දෝ බහුස්සුතෝ, පටිභාතු ආයස්මන්තඤ්ඤේව ආනන්දන්ති.

“ආයුෂ්මත් ආනන්දයෝ බහුශ්‍රැත නොවැ. ආයුෂ්මත් ආනන්දයන්ට ම මෙකරුණ වැටහේවා!”

තේනහාවුසෝ සාරිපුත්ත සුණාහි සාධුකං මනසිකරෝහි භාසිස්සාමීති. ඒවමාවුසෝති ඛෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසි. ආයස්මා ආනන්දෝ ඒතදවෝච:

“එසේ වී නම් ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අසනු මැනැව. මැනැවින් මෙනෙහි කළ මැනැව. පවසන්නෙමි.”

“එසේ ය, ආයුෂ්මත” යි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මෙය වදාළහ.

ඉධාවුසෝ සාරිපුත්ත භික්ඛු ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වේදල්ලං. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන පරේසං දේසේති. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන පරේසං වාචේති. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන සජ්ඣායං කරෝති. යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති, අනුවිචාරේති, මනසානුපෙක්ඛති. යස්මිං ආවාසේ ථේරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තස්මිං ආවාසේ වස්සං උපේති. තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: ඉදං භන්තේ කථං? ඉමස්ස ක්වත්ථෝ’ති? තස්ස තේ ආයස්මන්තෝ අවිවටඤ්චේව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනේකවිහිතේසු ච කංඛාඨානියේසු ධම්මේසු කංඛං පටිවිනෝදෙන්ති:

“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙහිලා භික්ෂුවක් ධර්මය හදාරයි. සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි. අසන ලද්දේ යම් අයුරින් ද, හදාරණ ලද්දේ යම් අයුරින් ද, අන්‍යයන්ට ධර්මය විස්තර වශයෙන් දේශනා කරයි. අසන ලද්දේ යම් අයුරින් ද, හදාරණ ලද්දේ යම් අයුරින් ද, අන්‍යයන්ට ධර්මය විස්තර වශයෙන් කටපාඩම් කරවයි. අසන ලද්දේ යම් අයුරින් ද, හදාරණ ලද්දේ යම් අයුරින් ද, ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි. අසන ලද්දේ යම් අයුරින් ද, හදාරණ ලද්දේ යම් අයුරින් ද, ඒ ධර්මය සිතින් විමසයි. විචාරා බලයි. මනසින් මෙනෙහි කරයි. යම් ආවාසයක බහුශ්‍රැත වූ, හදාරණ ලද සූත්‍ර ඇති ධර්මධර, විනයධර, මාතෘකාධර ස්ථවිර භික්ෂූහු වසත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලින් කලට ඒ ස්ථවිර භික්ෂූන් කරා එළඹ ‘ස්වාමීනී, මෙය කෙසේ ද? ස්වාමීනී, මෙහි අර්ථ කෙසේ දැ’ යි ප්‍රශ්න කරයි. යළි යළි විමසයි. එකල්හී ඒ ආයුෂ්මත්වරු ඔහුට විවෘත නොවූ දෑ විවෘත කරති. අප්‍රකට දෑ ප්‍රකට කරති. සැකයට කරුණු වූ අනේක ධර්මයන් පිළිබඳ ව සැකය ද දුරු කරති.

එත්තාවතා නු ඛෝ ආවුසෝ සාරිපුත්ත භික්ඛු අස්සුතඤ්චේව ධම්මං සුණාති. සුතා චස්ස ධම්මා න සම්මෝසං ගච්ඡන්ති. යේ චස්ස ධම්මා පුබ්බේ චේතසා සම්ඵුට්ඨපුබ්බා තේ ච සමුදාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතීති.

සාරිපුත්තයෙනි, මෙපමණකින් භික්ෂුවක් නොඇසූ ධර්මයනුත් අසන්නේ වෙයි. ඇසූ ධර්මය ත් වැනසීමට නොයන්නේ වෙයි. යම් ඒ ධර්මයන් ඔහු විසින් කලින් සිතෙන් ස්පර්ශ කරන ලද්දේ නම්, ඒවා ත් මතකයට එන්නේ වෙයි. නොදත් කරුණු ත් අවබෝධ වන්නේ වෙයි.”

අච්ඡරියං ආවුසෝ, අබ්භුතං ආවුසෝ, යාව සුභාසිතමිදං ආයස්මතා ආනන්දේන. ඉමේහි ච මයං ඡහි ධම්මේහි සමන්නාගතං ආයස්මන්තං ආනන්දං ධාරේම. (1) ආයස්මා හි ආනන්දෝ ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වේදල්ලං. (2) ආයස්මා ආනන්දෝ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන පරේසං දේසේති. (3) ආයස්මා ආනන්දෝ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන පරේසං වාචේති. (4) ආයස්මා ආනන්දෝ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරේන සජ්ඣායං කරෝති. (5) ආයස්මා ආනන්දෝ යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති, අනුවිචාරේති, මනසානුපෙක්ඛති. (6) ආයස්මා ආනන්දෝ යස්මිං ආවාසේ ථේරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තස්මිං ආවාසේ වස්සං උපේති. තේ ආයස්මා ආනන්දෝ, කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති, පරිපඤ්හති “ඉදං භන්තේ කථං, ඉමස්ස ක්වත්ථෝ”ති. තේ ආයස්මතෝ ආනන්දස්ස අවිවටඤ්චේව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනේකවිහිතේසු ච කංඛාඨානීයේසු ධම්මේසු කංඛං පටිවිනෝදෙන්තී’ති.

“ආයුෂ්මත, ආශ්චර්යයකි. ආයුෂ්මත, අද්භූතයෙකි. ආයුෂ්මත් ආනන්දයන් විසින් පවසන ලද්දේ මොනතරම් සුභාෂිතයක් ද? අපි ආයුෂ්මත් ආනන්දයන් මේ සය කරුණෙන් සමන්විත යැයි දරමු.

1. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ධර්මය හදාරති. සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙනි.

2. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අසන ලද්දේ යම් අයුරින් ද, හදාරණ ලද්දේ යම් අයුරින් ද, අන්‍යයන්ට ධර්මය විස්තර වශයෙන් දේශනා කරති.

3. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අසන ලද්දේ යම් අයුරින් ද, හදාරණ ලද්දේ යම් අයුරින් ද, අන්‍යයන්ට ධර්මය විස්තර වශයෙන් කටපාඩම් කරවති.

4. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අසන ලද්දේ යම් අයුරින් ද, හදාරණ ලද්දේ යම් අයුරින් ද, ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරති.

5. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අසන ලද්දේ යම් අයුරින් ද, හදාරණ ලද්දේ යම් අයුරින් ද, ඒ ධර්මය සිතින් විමසති. විචාරා බලති. මනසින් මෙනෙහි කරති.

6. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ යම් ආවාසයක බහුශ්‍රැත වූ, හදාරණ ලද සූත්‍ර ඇති ධර්මධර, විනයධර, මාතෘකාධර ස්ථවිර භික්ෂූහු වසත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙති. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කලින් කලට ඒ ස්ථවිර භික්ෂූන් කරා එළඹ ‘ස්වාමීනී, මෙය කෙසේ ද? ස්වාමීනී, මෙහි අර්ථ කෙසේ දැ’ යි ප්‍රශ්න කරති. යළි යළි විමසති. එකල්හී ඒ ආයුෂ්මත්වරු ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට විවෘත නොවූ දෑ විවෘත කරති. අප්‍රකට දෑ ප්‍රකට කරති. සැකයට කරුණු වූ අනේක ධර්මයන් පිළිබඳ ව සැකය ද දුරු කරති.”

සාදු! සාදු!! සාදු!!!

ආනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M