සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඉන්ද්‍රිය සංවරය නොමැති කල්හී, ඉන්ද්‍රිය සංවරය නැති තැනැත්තා හට සීලයට හේතුවන දෙය නැසුණේ වෙයි. සීලය නොමැති කල්හී, සිල් නැති තැනැත්තා හට සම්මා සමාධියට හේතුවන දෙය නැසුණේ වෙයි. සම්මා සමාධිය නොමැති කල්හී, සම්මා සමාධිය නැති තැනැත්තා හට යථාභූත ඥානදර්ශනයට හේතුවන දෙය නැසුණේ වෙයි. යථාභූත ඥාන දර්ශනය නොමැති කල්හී, යථාභූත ඥාන දර්ශනය නැති තැනැත්තා හට නිබ්බිදා විරාගයට හේතුවන දෙය නැසුණේ වෙයි. නිබ්බිදා විරාගය නොමැති කල්හී, නිබ්බිදා විරාගය නැති තැනැත්තා හට විමුක්ති ඥානදර්ශනයට හේතුවන දෙය නැසුණේ වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. ගිලිහී ගිය අතුඉති ඇති, ගිලිහී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි ගැලවුණු පොතු ත් වැඩී පිරිපුන් බවට නොයයි. ඇතුල් සිවිය ත් වැඩී පිරිපුන් බවට නොයයි. එළය ත් වැඩී පිරිපුන් බවට නොයයි. අරටුව ත් වැඩී පිරිපුන් බවට නොයයි. එසෙයින් ම මහණෙනි, ඉන්ද්‍රිය සංවරය නැති කල්හී, ඉන්ද්‍රිය සංවරය නැති තැනැත්තා හට සීලයට හේතුවන දෙය නැසුණේ වෙයි. ….(පෙ)…. විමුක්ති ඥානදර්ශනයට හේතුවන දෙය නැසුණේ වෙයි.
මහණෙනි, ඉන්ද්‍රිය සංවරය ඇති කල්හී, ඉන්ද්‍රිය සංවරය ඇති තැනැත්තා හට සීලයට හේතුවන දෙය ඇත්තේ වෙයි. සීලය ඇති කල්හී, සිල්වත් තැනැත්තා හට සම්මා සමාධියට හේතුවන දෙය ඇත්තේ වෙයි. සම්මා සමාධිය ඇති කල්හී, සම්මා සමාධිය ඇති තැනැත්තා හට යථාභූත ඥානදර්ශනයට හේතුවන දෙය ඇත්තේ වෙයි. යථාභූත ඥානදර්ශනය ඇති කල්හී, යථාභූත ඥානදර්ශනය ඇති තැනැත්තා හට නිබ්බිදා විරාගයට හේතුවන දෙය ඇත්තේ වෙයි. නිබ්බිදා විරාගය ඇති කල්හී, නිබ්බිදා විරාගය ඇති තැනැත්තා හට විමුක්ති ඥානදර්ශනයට හේතුවන දෙය ඇත්තේ වෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. මැනැවින් වැඩී ගිය අතුඉති ඇති, මැනැවින් වැඩී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි පිට පොතු ත් වැඩී පිරිපුන් බවට යයි. ඇතුල් සිවිය ත් වැඩී පිරිපුන් බවට යයි. එළය ත් වැඩී පිරිපුන් බවට යයි. අරටුව ත් වැඩී පිරිපුන් බවට යයි. එසෙයින් ම මහණෙනි, ඉන්ද්‍රිය සංවරය ඇති කල්හී, ඉන්ද්‍රිය සංවරය ඇති තැනැත්තා හට සීලයට හේතුවන දෙය ඇත්තේ වෙයි. ….(පෙ)…. විමුක්ති ඥාන දර්ශනයට හේතුවන දෙය ඇත්තේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ඉන්ද්‍රිය සංවර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M