අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.5.7. ඛේම සුත්තං

6.1.5.7. ඛේම තෙරුන්ට වදාළ දෙසුම

49. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා ච බේමෝ ආයස්මා ච සුමනෝ සාවත්ථියං විහරන්ති අන්ධවනස්මිං. අථ ඛෝ ආයස්මා ච බේමෝ ආයස්මා ච සුමනෝ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා බේමෝ භගවන්තං ඒතදවෝච:

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් ඛේම තෙරුන් ද, ආයුෂ්මත් සුමන තෙරුන් ද සැවැත් නුවර අන්ධවනයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ත්, ආයුෂ්මත් සුමන තෙරණුවෝ ත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ඛේම තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

යෝ සෝ භන්තේ භික්ඛු අරහං ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසඤ්ඤෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ, තස්ස න ඒවං හෝති “අත්ථි මේ සෙය්‍යෝති වා අත්ථි මේ සදිසෝති වා අත්ථි මේ හීනෝති වා”ති.

“ස්වාමීනී, යම් මේ භික්ෂුවක් අරහත් ද, ඛීණාශ්‍රව වූයේ ද, නිමකළ බඹසර ඇත්තේ ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර බැහැර තැබුවේ ද, පිළිවෙලින් පැමිණි අරහත්වය ඇත්තේ ද, ක්ෂය කරන ලද භව සංයෝජන ඇත්තේ ද, මනා අවබෝධයෙන් යුතුව විමුක්තියට පත් වූයේ ද, ඒ භික්ෂුවට මෙසේ නොසිතෙයි. එනම් ‘මට වඩා උතුම් අය සිටියි. මා හා සමාන අය සිටියි. මට වඩා හීන අය සිටියි’ යනුවෙනි.”

ඉදමවෝචායස්මා බේමෝ සමනුඤ්ඤෝ සත්ථා අහෝසි. අථ ඛෝ ආයස්මා බේමෝ සමනුඤ්ඤෝ මේ සත්ථාති උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

ආයුෂ්මත් ඛේම තෙරණුවෝ මෙය පැවසූහ. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළ සේක. ඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ‘ශාස්තෘන් වහන්සේ මාගේ වචනය අනුමත කළ සේකැ’යි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියේ ය.

අථ ඛෝ ආයස්මා සුමනෝ අචිරපක්කන්තේ ආයස්මන්තේ බේමේ භගවන්තං ඒතදවෝච:

එකල්හී ආයුෂ්මත් ඛේම තෙරුන් නික්ම වැඩි නොබෝ වේලාවකින් ආයුෂ්මත් සුමන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“යෝ සෝ භන්තේ භික්ඛු අරහං ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසඤ්ඤෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ, තස්ස න ඒවං හෝති: ‘නත්ථි මේ සෙය්‍යෝති වා, නත්ථි මේ සදිසෝති වා, නත්ථි මේ හීනෝති වා”ති.

“ස්වාමීනී, යම් මේ භික්ෂුවක් අරහත් ද, ඛීණාශ්‍රව වූයේ ද, නිමකළ බඹසර ඇත්තේ ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර බැහැර තැබුවේ ද, පිළිවෙලින් පැමිණි අරහත්වය ඇත්තේ ද, ක්ෂය කරන ලද භව සංයෝජන ඇත්තේ ද, මනා අවබෝධයෙන් යුතුව විමුක්තියට පත් වූයේ ද, ඒ භික්ෂුවට මෙසේ නොසිතෙයි. එනම් ‘මට වඩා උතුම් අය නොසිටියි. මා හා සමාන අය නොසිටියි. මට වඩා හීන අය නොසිටියි’ යනුවෙනි.”

ඉදමවෝචායස්මා සුමනෝ සමනුඤ්ඤෝ සත්ථා අහෝසි. අථ ඛෝ ආයස්මා සුමනෝ සමනුඤ්ඤෝ මේ සත්ථාති උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

ආයුෂ්මත් සුමන තෙරණුවෝ මෙය පැවසූහ. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළ සේක. ඉක්බිති ආයුෂ්මත් සුමන තෙරණුවෝ ‘ශාස්තෘන් වහන්සේ මාගේ වචනය අනුමත කළ සේකැ’යි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියේ ය.

අථ ඛෝ භගවා අචිරපක්කන්තේ ආයස්මන්තේ ච බේමේ ආයස්මන්තේ ච සුමනේ භික්ඛූ ආමන්තේසි: ඒවං ඛෝ භික්ඛවේ කුලපුත්තා අඤ්ඤං ව්‍යාකරොන්ති, අත්ථෝ ච වුත්තෝ, අත්තා ච අනුපනීතෝ. අථ ච පන ඉධේකච්චේ මෝඝපුරිසා හසමානකා මඤ්ඤේ අඤ්ඤං ව්‍යාකරොන්ති. තේ පච්ඡා විඝාතං ආපජ්ජන්තීති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඛේම තෙරුන් ද, ආයුෂ්මත් සුමන තෙරුන් ද නික්ම ගිය සුළු වේලාවකින් භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මෙසේ ත් කුලපුත්‍රයෝ අරහත්වය ප්‍රකාශ කරති. අර්ථය ද පවසන ලද්දේ වෙයි. තමා ව ද ඉස්මතු නොකරන ලද්දේ වෙයි. එනමුදු මෙහිලා ඇතැම් හිස් පුරුෂයෝ සිනාසෙන පරිද්දෙන් සිතා අරහත්වය ප්‍රකාශ කරත්. ඔවුහු පසු ව දුකට පත් වන්නාහ.”

(ගාථාවකි)

න උස්සේසු න ඕමේසු සමත්තේ නෝපනීයරේ
ඛීණා සඤ්ජාති වුසිතං බ්‍රහ්මචරියං චරන්ති සඤ්ඤෝජනවිප්පමුත්තාති.

උසස් පුද්ගලයන් කෙරෙහි ද, හීන පුද්ගලයන් කෙරෙහි ද, සම පුද්ගලයන් කෙරෙහි ද රහත්හු මාන්නයෙන් නොසිතති. ඉපදීම ක්ෂය කළ, බඹසර වැස නිමකළ ඒ රහත්හු සංයෝජනයන්ගෙන් නිදහස් ව හැසිරෙති.

සාදු! සාදු!! සාදු!!!

ඛේම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M