සැවැත් නුවර දී ය …..
එකල්හී එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්මය සන්දිට්ඨික ය, ධර්මය සන්දිට්ඨික ය’ වශයෙන් කියනු ලැබේ. ස්වාමීනී, ධර්මය සන්දිට්ඨික වන්නේ ත්, අකාලික වන්නේ ත්, ඒහිපස්සික වන්නේ ත්, ඕපනයික වන්නේ ත්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන්නේ ත් කවර කරුණු මත ද?”
“එසේ වී නම් බ්‍රාහ්මණය, මෙහිලා ඔබෙන් ම විමසන්නෙමි. ඔබ කැමති වන්නේ යම් පරිද්දෙන් ද, එපරිද්දෙන් පිළිතුරු දෙව. බ්‍රාහ්මණය, ඒ කිමැයි හඟනෙහි ද? තමා තුළ තිබෙන්නා වූ රාගය පිළිබඳ ව ‘මා තුළ රාගය ඇත්තේ ය’ යි දන්නෙහි ද? තමා තුළ නොතිබෙන්නා වූ රාගය පිළිබඳ ව ‘මා තුළ රාගය නැත්තේ ය’ යි දන්නෙහි ද?”
“එසේ ය, භවත.”
“බ්‍රාහ්මණය, යම් හෙයකින් තමා තුළ තිබෙන්නා වූ රාගය පිළිබඳ ව ‘මා තුළ රාගය ඇත්තේ ය’ යි දන්නෙහි නම්, තමා තුළ නොතිබෙන්නා වූ රාගය පිළිබඳ ව ‘මා තුළ රාගය නැත්තේ ය’ යි දන්නෙහි නම්, බ්‍රාහ්මණය, මෙසේ ධර්මය සන්දිට්ඨික වෙයි. ….(පෙ)….
බ්‍රාහ්මණය, ඒ කිමැයි හඟනෙහි ද? තමා තුළ තිබෙන්නා වූ ද්වේෂය පිළිබඳ ව ….(පෙ)…. තමා තුළ තිබෙන්නා වූ මෝහය පිළිබඳ ව ….(පෙ)…. තමා තුළ තිබෙන්නා වූ කයින් සිදුවන අකුසල් දොස් පිළිබඳ ව ….(පෙ)…. තමා තුළ තිබෙන්නා වූ වචනයෙන් සිදුවන අකුසල් දොස් පිළිබඳ ව ….(පෙ)…. තමා තුළ තිබෙන්නා වූ මනසින් සිදුවන අකුසල් දොස් පිළිබඳ ව ‘මා තුළ මනසින් සිදුවන අකුසල් දොස් ඇත්තේ ය’ යි දන්නෙහි ද? තමා තුළ නොතිබෙන්නා වූ මනසින් සිදුවන අකුසල් දොස් පිළිබඳ ව ‘මා තුළ මනසින් සිදුවන අකුසල් දොස් නැත්තේ ය’ යි දන්නෙහි ද?”
“එසේ ය, භවත.”
“බ්‍රාහ්මණය, යම් හෙයකින් තමා තුළ තිබෙන්නා වූ මනසින් සිදුවන අකුසල් දොස් පිළිබඳ ව ‘මා තුළ මනසින් සිදුවන අකුසල් දොස් ඇත්තේ ය’ යි දන්නෙහි නම්, තමා තුළ නොතිබෙන්නා වූ මනසින් සිදුවන අකුසල් දොස් පිළිබඳ ව ‘මා තුළ මනසින් සිදුවන අකුසල් දොස් නැත්තේ ය’ යි දන්නෙහි නම්, බ්‍රාහ්මණය, මෙසේ ධර්මය සන්දිට්ඨික වෙයි. අකාලික වෙයි. ඒහිපස්සික වෙයි. ඕපනයික වෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
දුතිය සන්දිට්ඨික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M