අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.5.5. පඨම සන්දිට්ඨික සුත්තං

6.1.5.5. සන්දිට්ඨික ධර්මය ගැන වදාළ පළමු දෙසුම

සාවත්ථිනිදානං…..

සැවැත් නුවර දී ය …..

අථ ඛෝ මෝලියසීවකෝ පරිබ්බාජකෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ මෝලියසීවකෝ පරිබ්බාජකෝ භගවන්තං ඒතදවෝච:

එකල්හී මෝලිය සීවක පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් මෝලිය සීවක පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

‘සන්දිට්ඨිකෝ ධම්මෝ, සන්දිට්ඨිකෝ ධම්මෝ’ති භන්තේ වුච්චති. කිත්තාවතා නු ඛෝ භන්තේ සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති, අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති?

“ස්වාමීනී, ‘ධර්මය සන්දිට්ඨික ය, ධර්මය සන්දිට්ඨික ය’ වශයෙන් කියනු ලැබේ. ස්වාමීනී, ධර්මය සන්දිට්ඨික වන්නේ ත්, අකාලික වන්නේ ත්, ඒහිපස්සික වන්නේ ත්, ඕපනයික වන්නේ ත්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වන්නේ ත් කවර කරුණු මත ද?”

තේන හි සීවක තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තේ ඛමෙය්‍ය තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ්ඤසි සීවක සන්තං වා අජ්ඣත්තං ලෝභං “අත්ථි මේ අජ්ඣත්තං ලෝභෝති” පජානාසි, අසන්තං වා අජ්ඣත්තං ලෝභං “නත්ථි මේ අජ්ඣත්තං ලෝභෝති” පජානාසීති.

“එසේ වී නම් සීවකය, මෙහිලා ඔබෙන් ම විමසන්නෙමි. ඔබ කැමති වන්නේ යම් පරිද්දෙන් ද, එපරිද්දෙන් පිළිතුරු දෙව. සීවකය, ඒ කිමැයි හඟනෙහි ද? තමා තුළ තිබෙන්නා වූ ලෝභය පිළිබඳ ව ‘මා තුළ ලෝභය ඇත්තේ ය’ යි දන්නෙහි ද? තමා තුළ නොතිබෙන්නා වූ ලෝභය පිළිබඳ ව ‘මා තුළ ලෝභය නැත්තේ ය’ යි දන්නෙහි ද?”

ඒවං භන්තේ.

“එසේ ය, ස්වාමීනී.”

යං ඛෝ ත්වං සීවක සන්තං වා අජ්ඣත්තං ලෝභං “අත්ථි මේ අජ්ඣත්තං ලෝභෝති පජානාසි. අසන්තං වා අජ්ඣත්තං ලෝභං “නත්ථි මේ අජ්ඣත්තං ලෝභෝති” පජානාසි. ඒවම්පි ඛෝ සීවක සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති ….(පෙ)…..

“සීවකය, යම් හෙයකින් තමා තුළ තිබෙන්නා වූ ලෝභය පිළිබඳ ව ‘මා තුළ ලෝභය ඇත්තේ ය’ යි දන්නෙහි නම්, තමා තුළ නොතිබෙන්නා වූ ලෝභය පිළිබඳ ව ‘මා තුළ ලෝභය නැත්තේ ය’ යි දන්නෙහි නම්, සීවකය, මෙසේ ධර්මය සන්දිට්ඨික වෙයි. ….(පෙ)….

තං කිං මඤ්ඤසි සීවක සන්තං වා අජ්ඣත්තං දෝසං ….(පෙ)…. සන්තං වා අජ්ඣත්තං මෝහං ….(පෙ)…. සන්තං වා අජ්ඣත්තං ලෝභධම්මං ….(පෙ)…. සන්තං වා අජ්ඣත්තං දෝසධම්මං ….(පෙ)…. සන්තං වා අජ්ඣත්තං මෝහධම්මං “අත්ථි මේ අජ්ඣත්තං මෝහධම්මෝති” පජානාසි, අසන්තං වා අජ්ඣත්තං මෝහධම්මං, “නත්ථි මේ අජ්ඣත්තං මෝහධම්මෝති” පජානාසීති.

සීවකය, ඒ කිමැයි හඟනෙහි ද? තමා තුළ තිබෙන්නා වූ ද්වේෂය පිළිබඳ ව ….(පෙ)…. තමා තුළ තිබෙන්නා වූ මෝහය පිළිබඳ ව ….(පෙ)…. තමා තුළ තිබෙන්නා වූ ලෝභ ධර්මය පිළිබඳ ව ….(පෙ)…. තමා තුළ තිබෙන්නා වූ ද්වේෂ ධර්මය පිළිබඳ ව ….(පෙ)…. තමා තුළ තිබෙන්නා වූ මෝහ ධර්මය පිළිබඳ ව ‘මා තුළ මෝහ ධර්මය ඇත්තේ ය’ යි දන්නෙහි ද? තමා තුළ නොතිබෙන්නා වූ මෝහ ධර්මය පිළිබඳ ව ‘මා තුළ මෝහ ධර්මය නැත්තේ ය’ යි දන්නෙහි ද?”

ඒවං භන්තේ.

“එසේ ය, ස්වාමීනී.”

යං ඛෝ ත්වං සීවක සන්තං වා අජ්ඣත්තං මෝහධම්මං “අත්ථි මේ අජ්ඣත්තං මෝහධම්මෝති පජානාසි, අසන්තං වා අජ්ඣත්තං මෝහධම්මං “නත්ථි මේ අජ්ඣත්තං මෝහධම්මෝති” පජානාසි.

ඒවං ඛෝ සීවක සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති.

“සීවකය, යම් හෙයකින් තමා තුළ තිබෙන්නා වූ මෝහ ධර්මය පිළිබඳ ව ‘මා තුළ මෝහ ධර්මය ඇත්තේ ය’ යි දන්නෙහි නම්, තමා තුළ නොතිබෙන්නා වූ මෝහ ධර්මය පිළිබඳ ව ‘මා තුළ මෝහ ධර්මය නැත්තේ ය’ යි දන්නෙහි නම්, සීවකය, මෙසේ ධර්මය සන්දිට්ඨික වෙයි. අකාලික වෙයි. ඒහිපස්සික වෙයි. ඕපනයික වෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙයි.”

අභික්කන්තං ….(පෙ)…. උපාසකං මං භන්තේ භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

“ඉතා මනහර ය. ….(පෙ)…. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

පඨම සන්දිට්ඨික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M