අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.5.11. අප්පමාද සුත්තං

6.1.5.11. අප්‍රමාදය ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

අථ ඛෝ අඤ්ඤතරෝ බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච:

එකල්හී එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

අත්ථි නු ඛෝ භෝ ගෝතම ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ යෝ උභෝ අත්ථේ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චේව අත්ථං, යෝ ච අත්ථෝ සම්පරායිකෝති.

“භවත් ගෞතමයන් වහන්ස, යම් එක ම ධර්මයක් භාවිත කළ විට, බහුල ව ප්‍රගුණ කළ විට, මෙලොව ජීවිතයේ අර්ථය සළසයි නම්, යම් අර්ථයක් පරලොව දී සළසයි නම්, ඒ උභයාර්ථය ලබා දෙන එබඳු එක ම ධර්මයක් තිබේ ද?”

අත්ථි ඛෝ බ්‍රාහ්මණ, ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ යෝ උභෝ අත්ථේ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චේව අත්ථං, යෝ ච අත්ථෝ සම්පරායිකෝති.

“තිබේ ය බ්‍රාහ්මණය. යම් එක ම ධර්මයක් භාවිත කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ මෙලොව අර්ථය ත්, පරලොව අර්ථය ත් යන උභයාර්ථය සළසයි නම් එබඳු එක ම ධර්මයක් ඇත්තේ ය.”

කතමෝ පන භෝ ගෝතම ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ යෝ උභෝ අත්ථේ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චේව අත්ථං, යෝ ච අත්ථෝ සම්පරායිකෝති.

“භවත් ගෞතමයන් වහන්ස, යම් එක ම ධර්මයක් භාවිත කළ විට, බහුල ව ප්‍රගුණ කළ විට, මෙලොව ජීවිතයේ අර්ථය සළසයි නම්, යම් අර්ථයක් පරලොව දී සළසයි නම්, ඒ උභයාර්ථය ලබා දෙන එබඳු එක ම ධර්මය කුමක් ද?”

අප්පමාදෝ ඛෝ බ්‍රාහ්මණ, ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ උභෝ අත්ථේ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චේව අත්ථං, යෝ ච අත්ථෝ සම්පරායිකෝති.

“බ්‍රාහ්මණය, යම් එක ම ධර්මයක් භාවිත කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ මෙලොව අර්ථය ත්, පරලොව අර්ථය ත් යන උභයාර්ථය සළසයි නම් එබඳු එක ම ධර්මය නම් අප්‍රමාදී බව යි.

(1) සෙය්‍යථාපි බ්‍රාහ්මණ, යානි කානිචි ජංගමානං පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදේ සමෝධානං ගච්ඡන්ති. හත්ථිපදං තේසං අග්ගමක්ඛායති යදිදං මහත්තේන. ඒවමේව ඛෝ බ්‍රාහ්මණ අප්පමාදෝ ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ උභෝ අත්ථේ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චේව අත්ථං, යෝ ච අත්ථෝ සම්පරායිකෝ.

1. බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. යම් සේ ඇවිද යන්නා වූ යම් කිසි ප්‍රාණීන්ගේ පා සටහන් වෙත් ද, ඒ සියල්ල හස්තියාගේ පා සටහනට ඇතුළත් වෙයි. ඇත් පියවර ඔවුන් අතර විශාලත්වයෙන් අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම බ්‍රාහ්මණය, අප්‍රමාදය නම් වූ එක ම ධර්මය භාවිත කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ මෙලොව අර්ථය ත්, පරලොව අර්ථය ත් යන උභයාර්ථය සළසයි.

(2) සෙය්‍යථාපි බ්‍රාහ්මණ, කූටාගාරස්ස යා කාචි ගෝපානසියෝ සබ්බා තා කූටංගමා කූටනින්නා කූටසමෝසරණා, කූටං තාසං අග්ගමක්ඛායති. ඒවමේව ඛෝ බ්‍රාහ්මණ, (අප්පමාදෝ) ….(පෙ)…..

2. බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. යම් සේ උස් මුදුන් වහළ ඇති ගොඩනැගිල්ලක යම්තාක් පරාලයෝ වෙත් ද, ඒ හැම කැණිමඬලට යොමු වූ, කැණිමඩල දෙසට නැමී, කැණිමඬල හා එක් ව පවතින්නාහු ය. කැණිමඬල ඒ හැමට අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම බ්‍රාහ්මණය, අප්‍රමාදය නම් වූ එක ම ධර්මය ….(පෙ)…. උභයාර්ථය සළසයි.

(3) සෙය්‍යථාපි බ්‍රාහ්මණ, බබ්බජලායකෝ බබ්බජං ලායිත්වා අග්ගේ ගහෙත්වා ඕධුනාති, නිදධුනාති, නිච්ඡාදේති. ඒවමේව ඛෝ බ්‍රාහ්මණ (අප්පමාදෝ) ….(පෙ)…..

3. බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. යම් සේ බුබුස් තණ නෙළන්නෙක් ඒ බුබුස් තණ නෙළා ගෙන එහි කොණෙන් අල්ලා ගෙන යටිකුරු කොට ගසයි නම්, දෙපසට ගසයි නම්, රුක් කඳෙහි ත් ගසයි නම්, එසෙයින් ම බ්‍රාහ්මණය, අප්‍රමාදය නම් වූ එක ම ධර්මය ….(පෙ)…. උභයාර්ථය සළසයි.

(4) සෙය්‍යථාපි බ්‍රාහ්මණ, අම්බපිණ්ඩියා වණ්ටච්ඡින්නාය යානි කානිචි අම්බානි වණ්ටුපනිබන්ධනානි, සබ්බානි තානි තදන්වයානි භවන්ති. ඒවමේව ඛෝ බ්‍රාහ්මණ (අප්පමාදෝ) ….(පෙ)…..

4. බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. යම් සේ අඹ පොකුරක් නටුවෙන් සිඳී ගියේ වෙයි ද, එකල්හී ඒ නටුව හා බැඳුණු යම්තාක් අඹ ඇද්ද, ඒ සියළු අඹ ඒ අනුව ම වැටෙයි. එසෙයින් ම බ්‍රාහ්මණය, අප්‍රමාදය නම් වූ එක ම ධර්මය ….(පෙ)…. උභයාර්ථය සළසයි.

(5) සෙය්‍යථාපි බ්‍රාහ්මණ, යේ කේචි කුඩ්ඩරාජානෝ සබ්බේ තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා භවන්ති, රාජා තේසං චක්කවත්ති අග්ගමක්ඛායති. ඒවමේව ඛෝ බ්‍රාහ්මණ (අප්පමාදෝ) ….(පෙ)…..

5. බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. යම් සේ කුඩා ප්‍රදේශයන්ට අයත් රජවරු සිටිත් ද, ඒ සියල්ලෝ සක්විති රජු අනුව යන්නාහු වෙති. සක්විති රජ තෙමේ ඒ හැමට අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම බ්‍රාහ්මණය, අප්‍රමාදය නම් වූ එක ම ධර්මය ….(පෙ)…. උභයාර්ථය සළසයි.

(6) සෙය්‍යථාපි බ්‍රාහ්මණ, යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දප්පභාය කලං නාග්ඝන්ති සෝළසිං, චන්දප්පභා තාසං අග්ගමක්ඛායති. ඒවමේව ඛෝ බ්‍රාහ්මණ, අප්පමාදෝ ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ උභෝ අත්ථේ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චේව අත්ථං, යෝ චත්ථෝ සම්පරායිකෝ.

6. බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. යම් සේ තරුවලින් නිකුත් වෙන යම්කිසි ආලෝකයක් ඇත්නම්, ඒ සියල්ල සඳින් නිකුත් වෙන එළියෙන් සොළොස් වන පංගුවක් වත් නොඅගනේ ය. සඳ එළිය ඒ තරු එළියට අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම බ්‍රාහ්මණය, එසෙයින් ම බ්‍රාහ්මණය, අප්‍රමාදය නම් වූ එක ම ධර්මය භාවිත කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ මෙලොව අර්ථය ත්, පරලොව අර්ථය ත් යන උභයාර්ථය සළසයි.

අයං ඛෝ බ්‍රාහ්මණ, ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ උභෝ අත්ථේ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චේව අත්ථං, යෝ චත්ථෝ සම්පරායිකෝති.

බ්‍රාහ්මණය, යම් එක ම ධර්මයක් භාවිත කරන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ මෙලොව අර්ථය ත්, පරලොව අර්ථය ත් යන උභයාර්ථය සළසයි නම් එබඳු එක ම ධර්මය මෙය යි.”

අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

අප්පමාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M