අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.5.12. ධම්මික සුත්තං

6.1.5.12. ධම්මික තෙරුන්ට වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ. තේන ඛෝ පන සමයේන ආයස්මා ධම්මිකෝ ජාතිභූමියං ආවාසිකෝ හෝති සබ්බසෝ ජාතිභූමියං සත්තසු ආවාසේසු.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් ධම්මික තෙරණුවෝ ජාතිභූමියෙහි ජාතිභූමියට අයත් සෑම ආවාස සතෙහි ම නේවාසික ව සිටිති.

තත්‍ර සුදං ආයස්මා ධම්මිකෝ ආගන්තුකේ භික්ඛූ අක්කෝසති, පරිභාසති, විහිංසති, විතුදති රෝසේති වාචාය. තේ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකේන අක්කෝසියමානා පරිභාසියමානා විහේසියමානා විතුදියමානා රෝසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති රිඤ්චන්ති ආවාසං.

එකල්හී ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. පරිභව කරති. වෙහෙසති. මුඛය නැමැති ආයුධයෙන් පහර දෙති. වචනයෙන් නුරුස්නා දේ කියති. එවිට ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති.

අථ ඛෝ ජාතිභූමකානං උපාසකානං ඒතදහෝසි: මයං ඛෝ භික්ඛුසංඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරේන. අථ ච පන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං. කෝ නු ඛෝ හේතු, කෝ පච්චයෝ යේන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති, න සණ්ඨන්ති, රිඤ්චන්ති ආවාසන්ති?

එකල්හී ජාතිභූමිවාසී උපාසකවරුන්ට මේ අදහස ඇතිවිය. ‘අපි වනාහී භික්ෂු සංඝයාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කරමු. එසේ නමුත් මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා නික්ම වඩිනවා නොවැ. වැඩ නොසිටිනවා නොවැ. ආවාසය අත්හරිනවා නොවැ. ආගන්තුක භික්ෂූන් වහන්සේලා යම් හෙයකින් නික්ම වඩිත් නම්, වැඩ නොසිටිත් නම්, ආවාසය අත්හරිත් නම්, මෙයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?’ යි.

අථ ඛෝ ජාතිභූමකානං උපාසකානං ඒතදහෝසි: “අයං ඛෝ ආයස්මා ධම්මිකෝ ආගන්තුකේ භික්ඛූ අක්කෝසති, පරිභාසති, විහිංසති, විතුදති, රෝසේති වාචාය. තේ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකේන අක්කෝසියමානා පරිභාසියමානා විහේසියමානා විතුදියමානා රෝසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං. යන්නූන මයං ආයස්මන්තං ධම්මිකං පබ්බාජෙය්‍යාමා”ති.

එවිට ජාතිභූමිවාසී උපාසකවරුන් මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් ධම්මික තෙරහු වනාහී ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. පරිභව කරති. වෙහෙසති. මුඛය නැමැති ආයුධයෙන් පහර දෙති. වචනයෙන් නුරුස්නා දේ කියති. එනිසා ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් මේ ආවාසයෙන් බැහැර කරන්නෙමු නම් මැනැවි’ යි.

අථ ඛෝ ජාතිභූමකා උපාසකා යේනායස්මා ධම්මිකෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා ආයස්මන්තං ධම්මිකං ඒතදවෝචුං: “පක්කමතු භන්තේ ආයස්මා ධම්මිකෝ ඉමම්හා ආවාසා, අලං තේ ඉධ වාසේනා”ති.

ඉක්බිති ජාතිභූමිවාසී උපාසකවරු ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආයුෂ්මත් ධම්මික තෙරහු මේ ආවාසයෙන් නික්ම වඩිත්වා. ඔබවහන්සේ මෙහි සිටීමෙන් වැඩක් නැත.”

එකල්හී ආයුෂ්මත් ධම්මික තෙරහු ඒ ආවාසයෙන් වෙනත් ආවාසයකට ගියහ.

අථ ඛෝ ආයස්මා ධම්මිකෝ තම්හා ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි. තත්‍රපි සුදං ආයස්මා ධම්මිකෝ ආගන්තුකේ භික්ඛූ අක්කෝසති, පරිභාසති, විහිංසති, විතුදති, රෝසේති වාචාය. තේ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකේන අක්කෝසියමානා පරිභාසියමානා විහේසියමානා විතුදියමානා රෝසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං.

එහිදී ත් ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. පරිභව කරති. වෙහෙසති. මුඛය නැමැති ආයුධයෙන් පහර දෙති. වචනයෙන් නුරුස්නා දේ කියති. එවිට ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති.

අථ ඛෝ ජාතිභූමකානං උපාසකානං ඒතදහෝසි. “මයං ඛෝ භික්ඛුසංඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරේන, අථ ච පන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං. කෝ නු ඛෝ හේතු, කෝ පච්චයෝ යේන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසන්ති.”

එකල්හී ජාතිභූමිවාසී උපාසකවරුන්ට මේ අදහස ඇතිවිය. ‘අපි වනාහී භික්ෂු සංඝයාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කරමු. එසේ නමුත් මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා නික්ම වඩිනවා නොවැ. වැඩ නොසිටිනවා නොවැ. ආවාසය අත්හරිනවා නොවැ. ආගන්තුක භික්ෂූන් වහන්සේලා යම් හෙයකින් නික්ම වඩිත් නම්, වැඩ නොසිටිත් නම්, ආවාසය අත්හරිත් නම්, මෙයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?’ යි.

අථ ඛෝ ජාතිභූමකානං උපාසකානං ඒතදහෝසි: අයං ඛෝ ආයස්මා ධම්මිකෝ ආගන්තුකේ භික්ඛූ අක්කෝසති, පරිභාසති, විහිංසති, විතුදති, රෝසේති වාචාය. තේ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකේන අක්කෝසියමානා, පරිභාසියමානා, විහේසියමානා, විතුදියමානා, රෝසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං. යන්නූන මයං ආයස්මන්තං ධම්මිකං පබ්බාජෙය්‍යාමාති.

එවිට ජාතිභූමිවාසී උපාසකවරුන් මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් ධම්මික තෙරහු වනාහී ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. පරිභව කරති. වෙහෙසති. මුඛය නැමැති ආයුධයෙන් පහර දෙති. වචනයෙන් නුරුස්නා දේ කියති. එනිසා ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් මේ ආවාසයෙන් බැහැර කරන්නෙමු නම් මැනැවි’ යි.

අථ ඛෝ ජාතිභූමකා උපාසකා යේනායස්මා ධම්මිකෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා ආයස්මන්තං ධම්මිකං ඒතදවෝචුං: “පක්කමතු භන්තේ ආයස්මා ධම්මිකෝ ඉමම්හාපි ආවාසා, අලන්තේ ඉධ වාසේනාති.”

ඉක්බිති ජාතිභූමිවාසී උපාසකවරු ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආයුෂ්මත් ධම්මික තෙරහු මේ ආවාසයෙන් නික්ම වඩිත්වා. ඔබවහන්සේ මෙහි සිටීමෙන් වැඩක් නැත.”

එකල්හී ආයුෂ්මත් ධම්මික තෙරහු ඒ ආවාසයෙන් වෙනත් ආවාසයකට ගියහ.

අථ ඛෝ ආයස්මා ධම්මිකෝ තම්හාපි ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි. තත්‍රපි සුදං ආයස්මා ධම්මිකෝ ආගන්තුකේ භික්ඛූ අක්කෝසති ….(පෙ)…. රෝසේති වාචාය. තේ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකේන අක්කෝසියමානා පරිභාසියමානා විහේසියමානා විතුදියමානා රෝසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං.

එහිදී ත් ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. ….(පෙ)…. වචනයෙන් නුරුස්නා දේ කියති. එවිට ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති.

අථ ඛෝ ජාතිභූමකානං උපාසකානං ඒතදහෝසි: මයං ඛෝ භික්ඛුසංඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරේන. අථ ඛෝ පන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති න සණ්ඨහන්ති රිඤ්චන්ති ආවාසං. කෝ නු ඛෝ හේතු, කෝ පච්චයෝ යේන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති න සණ්ඨහන්ති රිඤ්චන්ති ආවාසන්ති?

එකල්හී ජාතිභූමිවාසී උපාසකවරුන්ට මේ අදහස ඇතිවිය. ‘අපි වනාහී භික්ෂු සංඝයාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කරමු. එසේ නමුත් මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා නික්ම වඩිනවා නොවැ. වැඩ නොසිටිනවා නොවැ. ආවාසය අත්හරිනවා නොවැ. ආගන්තුක භික්ෂූන් වහන්සේලා යම් හෙයකින් නික්ම වඩිත් නම්, වැඩ නොසිටිත් නම්, ආවාසය අත්හරිත් නම්, මෙයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?’ යි.

අථ ඛෝ ජාතිභූමකානං උපාසකානං ඒතදහෝසි: “අයං ඛෝ ආයස්මා ධම්මිකෝ ආගන්තුකේ භික්ඛූ අක්කෝසති ….(පෙ)…. රෝසේති වාචාය. තේ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකේන අක්කෝසියමානා පරිභාසියමානා විහේසියමානා විතුදියමානා රෝසියමානා වාචාය, පක්කමන්ති න සණ්ඨහන්ති රිඤ්චන්ති ආවාසං. යන්නූන මයං ආයස්මන්තං ධම්මිකං පබ්බාජෙය්‍යාසබ්බසෝ ජාතිභූමියං සත්තහි ආවාසේහී”ති.

එවිට ජාතිභූමිවාසී උපාසකවරුන් මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් ධම්මික තෙරහු වනාහී ආගන්තුක භික්ෂූන්ට ආක්‍රෝශ කරති. ….(පෙ)…. වචනයෙන් නුරුස්නා දේ කියති. එනිසා ඒ ආගන්තුක භික්ෂූහු ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරන ලදු ව, පරිභව කරන ලදු ව, වෙහෙසන ලදු ව, මුඛය නැමැති ආයුධයෙන් පහර දෙන ලදු ව, වචනයෙන් නුරුස්නා දේ කියන ලදු ව එයින් නික්ම යති. වැඩ නොසිටිති. ආවාසය අත්හරිති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් ජාතිභූමියෙහි මේ හැම සප්ත ආවාසයෙන් ම බැහැර කරන්නෙමු නම් මැනැවි’ යි.

අථ ඛෝ ජාතිභූමකා උපාසකා යේනායස්මා ධම්මිකෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා ආයස්මන්තං ධම්මිකං ඒතදවෝචුං: “පක්කමතු භන්තේ ආයස්මා ධම්මිකෝ සම්බසෝ ජාතිභූමියං සත්තහි ආවාසේහී”ති.

ඉක්බිති ජාතිභූමිවාසී උපාසකවරු ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි මේ හැම සප්ත ආවාසයෙන් නික්ම වඩිත්වා.”

අථ ඛෝ ආයස්මතෝ ධම්මිකස්ස ඒතදහෝසි: “පබ්බාජිතෝ ඛොම්හි ජාතිභූමකේහි උපාසකේහි සබ්බසෝ ජාතිභූමියං සත්තහි ආවාසේහි, කහන්නුඛෝදානි ගච්ඡාමීති.” අථ ඛෝ ආයස්මතෝ ධම්මිකස්ස ඒතදහෝසි: යන්නූනාහං යේන භගවා තේනුපසංකමෙය්‍යන්ති.

එකල්හී ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මේ අදහස ඇතිවිය. ‘මම ජාතිභූමිවාසී උපාසකවරුන් විසින් ජාතිභූමියෙහි හැම සප්ත ආවාසයන්ගෙන් නෙරපා හරින ලද්දෙමි. දැන් මම කොහි යන්නෙම් ද?’

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරුන්ට මේ අදහස ඇතිවිය. ‘භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටින සේක් ද මම එතැනට යන්නෙම් නම් මැනැවි’ යි.

අථ ඛෝ ආයස්මා ධම්මිකෝ පත්තචීවරමාදාය යේන රාජගහං තේන පක්කාමි. අනුපුබ්බේන යේන රාජගහං යේන ගිජ්ඣකූටෝ පබ්බතෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං ධම්මිකං භගවා ඒතදවෝච: “හන්ද කුතෝ නු ත්වං බ්‍රාහ්මණ ධම්මික, ආගච්ඡසීති. පබ්බාජිතෝ අහං භන්තේ ජාතිභූමකේහි උපාසකේහි සබ්බසෝ ජාතිභූමියං සත්තහි ආවාසේහීති.” අලං බ්‍රාහ්මණ ධම්මික, කිං තේ ඉමිනා, යං ත්වං තතෝ තතෝ පබ්බාජෙන්ති, සෝ ත්වං තතෝ තතෝ පබ්බාජිතෝ මමේව සන්තිකං ආගච්ඡසි.

ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරුහු පා සිවුරු ගෙන රජගහනුවර බලා පිටත් වූහ. අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණ ගිජ්ඣකූට පර්වතයෙහි භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ධම්මික තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඔබ මේ කොහේ සිට එන්නෙහි ද?”

“ස්වාමීනී, මම ජාතිභූමිවාසී උපාසකවරුන් විසින් ජාතිභූමියෙහි හැම සප්ත ආවාසයන්ගෙන් නෙරපා හරින ලද්දෙමි.”

“කම් නැත, බ්‍රාහ්මණ ධම්මිකයෙනි. කිම? එහි විසීමෙන් ඔබට කවර ඵලයක් ද? යම් හෙයකින් ඔබ ඒ ඒ ආවාසයෙන් නෙරපත් නම්, ඒ ඒ වෙහෙරින් නෙරපන ලදුව මා වෙතට ආවෙහි ය.

භූතපුබ්බං, බ්‍රාහ්මණ ධම්මික, සාමුද්දිකා වාණිජා තීරදස්සිං සකුණං ගහෙත්වා නාවාය සමුද්දං අජ්ඣෝගාහන්ති. තේ අතීරදක්ඛිණියා නාවාය තීරදස්සිං සකුණං මුඤ්චන්ති. සෝ ගච්ඡතේව පුරත්ථිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං, ගච්ඡති අනුදිසං. සචේ සෝ සමන්තා තීරං පස්සති, තථාගතකෝව හෝති. සචේ පන සෝ සමන්තා තීරං න පස්සති, තමේව නාවං පච්චාගච්ඡති. ඒවමේව ඛෝ බ්‍රාහ්මණ ධම්මික, යං ත්වං තතෝ තතෝ පබ්බාජෙන්ති, සෝ ත්වං තතෝ තතෝ පබ්බාජිතෝ මමේව සන්තිකං ආගච්ඡසි.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. මුහුදු ගමන් යන වෙළෙන්දෝ එතෙර දකිනා කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදු මැදට යති. ඔවුහු පරතෙරක් නොදැක එතෙර දකිනා කුරුල්ලා මුදති. එවිට ඒ කුරුල්ලා පෙරදිගට ත් යන්නේ ම ය. බටහිර දෙසට ත් යන්නේ ම ය. උතුරු දෙසට ත් යන්නේ ම ය. දකුණු දෙසට ත් යන්නේ ම ය. උඩු අතට ත් යයි. අනුදිශාවලට ත් යයි. ඉදින් හේ හාත්පස එතෙරක් දකියි නම් එසෙයින් ගියේ ම වෙයි. ඉදින් හේ හාත්පස එතෙරක් නොදකින්නේ නම් නැවත හැරී නැවට ම පැමිණෙයි. එසෙයින් ම බ්‍රාහ්මණ ධම්මකයෙනි, යම් හෙයකින් ඔබ ඒ ඒ ආවාසයෙන් නෙරපත් නම්, ඒ ඒ වෙහෙරින් නෙරපන ලදුව මා වෙතට ආවෙහි ය.

භූතපුබ්බං, බ්‍රාහ්මණ ධම්මික, රඤ්ඤෝ කෝරබ්‍යස්ස සුප්පතිට්ඨෝ නාම නිග්‍රෝධරාජා අහෝසි පඤ්චසාඛෝ සීතච්ඡායෝ මනෝරමෝ. සුප්පතිට්ඨෝ ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, නිග්‍රෝධරාජස්ස ද්වාදසයෝජනානි අභිනිවේසෝ අහෝසි, පඤ්චයෝජනානි මූලකසන්තානකානං. සුප්පතිට්ඨස්ස ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, නිග්‍රෝධරාජස්ස තාව මහන්තානි ඵලානි අහේසුං සෙය්‍යථාපි නාම ආළ්හකථාලිකා, ඒවමස්ස සාදූනි ඵලානි අහේසුං සෙය්‍යථාපි නාම ඛුද්දමධුං අනේලකං. සුප්පතිට්ඨස්ස ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, නිග්‍රෝධරාජස්ස ඒකං ඛන්ධං රාජා පරිභුඤ්ජති සද්ධිං ඉත්ථාගාරේන. ඒකං ඛන්ධං බලකායෝ පරිභුඤ්ජති. ඒකං ඛන්ධං නේගමජානපදා පරිභුඤ්ජන්ති. ඒකං ඛන්ධං සමණබ්‍රාහ්මණා පරිභුඤ්ජන්ති. ඒකං ඛන්ධං මිගපක්ඛිනෝ පරිභුඤ්ජන්ති. සුප්පතිට්ඨස්ස ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, නිග්‍රෝධරාජස්ස න කෝචි ඵලානි රක්ඛති. න ච සුදං අඤ්ඤමඤ්ඤස්ස ඵලානි හිංසන්ති.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. කෝරව්‍ය රජතුමාට සුප්පතිට්ඨ නම් ශාඛා පසක් ඇති සිහිල් සෙවණැලි ඇති මනරම් මහා නුග රුකක් විය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නුග රුක් රාජයාගේ අතුපතර දොළොස් යොදුනක් විසිර පැතිර තිබුණි. පස් යොදුනක් මුල් පැතිර ගොස් තිබුණි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ සුවිසල් ගෙඩි සහල් නැළියක බත් පිසිනා තලිය බඳු වෙයි. දොස් රහිත දඬු වැල් බෑ මීයක ඇති රසවත් බව ඒ රුක් ඵලයෙහි විය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධ රජුගේ එක් කඳක් අන්තඃපුර ස්ත්‍රීන් හා රජු අනුභව කරයි. එක් කඳක් බලසෙන් අනුභව කරයි. එක් කඳක් නිගම ජනපදවාසීහු අනුභව කරති. එක් කඳක් ශ්‍රමණ බ්‍රාහ්මණවරු අනුභව කරති. එක් කඳක් මෘග පක්ෂීහු අනුභව කරති. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ ගෙඩි කිසිවෙක් නොරකියි. කිසිවෙක් එකිනෙකාගේ ඵලයන්ට හිංසා නොකරති.

අථ ඛෝ බ්‍රාහ්මණ ධම්මික, අඤ්ඤතරෝ පුරිසෝ සුප්පතිට්ඨස්ස නිග්‍රෝධරාජස්ස යාවදත්ථං ඵලානි භක්ඛිත්වා සාඛං භඤ්ජිත්වා පක්කාමි. අථ ඛෝ බ්‍රාහ්මණ ධම්මික, සුප්පතිට්ඨේ නිග්‍රෝධරාජේ අධිවත්ථාය දේවතාය ඒතදහෝසි: “අච්ඡරියං වත භෝ, අබ්භුතං වත භෝ, යාව පාපෝ මනුස්සෝ යත්‍ර හි නාම සුප්පතිට්ඨස්ස නිග්‍රෝධරාජස්ස යාවදත්ථං ඵලානි භක්ඛිත්වා සාඛං භඤ්ජිත්වා පක්කමිස්සති, යන්නූන සුප්පතිට්ඨෝ නිග්‍රෝධරාජා ආයතිං ඵලං න දදෙය්‍යා”ති. අථ ඛෝ බ්‍රාහ්මණ ධම්මික, සුප්පතිට්ඨෝ නිග්‍රෝධරාජා ආයතිං ඵලං නාදාසි.

එකල්හී බ්‍රාහ්මණ ධම්මිකයෙනි, එක්තරා පුරුෂයෙක් සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ ඵල කැමති තාක් අනුභව කොට අත්තක් බිඳ දමා නික්ම ගියේ ය. ඉක්බිති බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නුගරුක් රාජයා අරක්ගෙන සිටි දෙවියා හට මෙබඳු සිතක් ඇතිවූයේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයකි. ඒකාන්තයෙන් අද්භූතයෙකි. පාපී මිනිසෙක් මෙහි සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයාගේ යම්තාක් ඵල අනුභව කොට අත්තක් බිඳ නික්ම ගියේ නොවැ. එහෙයින් සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයා ඉදිරියට ඵල හට නොගන්නේ නම් මැනැව’ යි. එකල්හී බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයා මත්තෙහි ඵල නොදුන්නේ ය.

අථ ඛෝ බ්‍රාහ්මණ ධම්මික, රාජා කෝරබ්‍යෝ යේන සක්කෝ දේවානමින්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා සක්කං දේවානමින්දං ඒතදවෝච: “යග්ඝේ මාරිස, ජානෙය්‍යාසි, සුප්පතිට්ඨෝ නිග්‍රෝධරාජා ඵලං න දේතී”ති.

එවිට බ්‍රාහ්මණ ධම්මිකයෙනි, කෝරව්‍ය රජු සක් දෙවිඳු කරා ගියේ ය. ගොස් සක් දෙවිඳු හට මෙකරුණ සැළ කළේ ය.

‘නිදුකාණෙනි, ඔබ දන්නෙහි ද? සුප්පතිට්ඨ නිග්‍රෝධ රාජයා ඵල නොදෙන්නේ නොවැ.’

අථ ඛෝ බ්‍රාහ්මණ ධම්මික, සක්කෝ දේවානමින්දෝ තථාරූපං ඉද්ධාභිසංඛාරං අභිසංඛාසි යථා භුසා වාතවුට්ඨි ආගන්ත්වා සුප්පතිට්ඨං නිග්‍රෝධරාජං පවත්තේසි උම්මූලමකාසි.

අථ ඛෝ බ්‍රාහ්මණ ධම්මික, සුප්පතිට්ඨේ නිග්‍රෝධරාජේ අධිවත්ථා දේවතා දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා ඒකමන්තං අට්ඨාසි.

ඉක්බිති බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සක් දෙවිඳු යම් පරිද්දකින් මහා වැසි සුළඟක් නැගී අවුත් නිග්‍රෝධ රාජයා පෙරළා දමයි නම්, මුලින් උදුරා දමයි නම් එබඳු වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කළේ ය. එකල්හී බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නුගරුක් රාජයාට අධිගෘහිත දෙවියා දුකට පැමිණ, දුක් වූ සිතින්, කඳුළු වැකුණු මුහුණින් හඬමින් එකත්පස් ව සිටියේ ය.

අථ ඛෝ බ්‍රාහ්මණ ධම්මික, සක්කෝ දේවානමින්දෝ යේන සුප්පතිට්ඨේ නිග්‍රෝධරාජේ අධිවත්ථා දේවතා තේනුපසංකමි. උපසංකමිත්වා සුප්පතිට්ඨේ නිග්‍රෝධරාජේ අධිවත්ථා දේවතං ඒතදවෝච: “කින්නු ත්වං දේවතේ දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා ඒකමන්තං ඨිතා”ති.

එකල්හී බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ සුප්පතිට්ඨ නුග රුක් රාජයාට අධිගෘහිත දෙවියා වෙත ගියේ ය. ගොස් සුප්පතිට්ඨ නුගරුක් රාජයාට අධිගෘහිත දෙවියාගෙන් මෙය ඇසුවේ ය.

‘කිම? දෙවිය, ඔබ දුකට පැමිණ, දුක් වූ සිතින්, කඳුළු වැකුණු මුහුණින් හඬමින් එකත්පසක සිටින්නේ මක් නිසා ද?’

තථා හි පන මේ මාරිස, භුසා වාතවුට්ඨි ආගන්ත්වා භවනං පවත්තේසි උම්මූලමකාසීති.

‘නිදුකාණෙනි, එය එසේ ම ය. මහා වැසි සුළඟක් අවුදින් මාගේ භවන පෙරළා දැමුවේ නොවැ. මුලින් ම උදුරා දැමුවේ නොවැ.’

අපි නු ත්වං දේවතේ, රුක්ඛධම්මේ ඨිතාය භුසා වාතවුට්ඨි ආගන්ත්වා භවනං පවත්තේසි උම්මූලමකාසීති. කථං පන මාරිස, රුක්ඛෝ රුක්ඛධම්මේ ඨිතෝ හෝතීති.

‘දෙවිය, ඉදින් ඔබ වෘක්ෂ ධර්මයෙහි පිහිටා සිටිද්දීම නම් මහා වැසි සුළඟක් අවුදින් භවන හෙළා දැමුවේ ද? මුලින් උදුරා දැමුවේ ද?’

‘නිදුකාණෙනි, වෘක්ෂයක් වෘක්ෂ ධර්මයෙහි සිටින්නේ කොයි අයුරින් ද?’

ඉධ දේවතේ, රුක්ඛස්ස මූලං මූලත්ථිකා හරන්ති, තචං තචත්ථිකා හරන්ති, පත්තං පත්තත්ථිකා හරන්ති, පුප්ඵං පුප්ඵත්ථිකා හරන්ති, ඵලං ඵලත්ථිකා හරන්ති. න ච තේන දේවතාය අනත්තමනතා වා අනභිරද්ධි වා කරණීයා. ඒවං ඛෝ දේවතේ රුක්ඛෝ රුක්ඛධම්මේ ඨිතෝ හෝතීති.

‘දෙවිය, මෙහිලා වෘක්ෂයාගේ මුලින් ප්‍රයෝජන ඇති උදවිය මුල් රැගෙන යති. සිවියෙන් ප්‍රයෝජන ඇති උදවිය සිවි රැගෙන යති. පත්‍රයෙන් ප්‍රයෝජන ඇති උදවිය පත්‍ර රැගෙන යති. මලින් ප්‍රයෝජන ඇති උදවිය මල් ගෙන යති. ඵලයෙන් ප්‍රයෝජන ඇති උදවිය ඵල ගෙන යති. එහෙයින් දේවතාවා විසින් ඒ ගැන නොසතුටු නොවිය යුත්තේ ය. කෝප නොකළ යුත්තේ ය. මෙසේ දෙවිය, වෘක්ෂය වෘක්ෂ ධර්මයෙහි සිටියේ වෙයි.’

අට්ඨිතායේව ඛෝ මේ මාරිස, රුක්ඛධම්මේ භුසා වාතවුට්ඨි ආගන්ත්වා භවනං පවත්තේසි උම්මූලමකාසීති. සචේ ඛෝ ත්වං දේවතේ රුක්ඛධම්මේ තිට්ඨෙය්‍යාසි, සියා තේ භවනං යථාපුරේති. ඨස්සාමහං මාරිස රුක්ඛධම්මේ, හෝතු මේ භවනං යථාපුරේති.

‘නිදුකාණෙනි, මා වෘක්ෂ ධර්මයෙහි පිහිටා නොසිටිද්දී ම මහා වැසි සුළඟක් අවුත් භවන හෙළා දැමුවේ ය. මුලින් ම පෙරලා උදුරා දැමුවේ ය.’

‘දෙවිය, ඉදින් ඔබ වෘක්ෂ ධර්මයෙහි සිටින්නෙහි නම් ඔබගේ භවන පෙර පරිද්දෙන් ම තිබෙනු ඇති.’

‘නිදුකාණෙනි, මම වෘක්ෂ ධර්මයෙහි පිහිටන්නෙමි. මාගේ භවන පෙර පරිදි ම වේවා!’

අථ ඛෝ බ්‍රාහ්මණ ධම්මික, සක්කෝ දේවානමින්දෝ තථාරූපං ඉද්ධාභිසංඛාරං අභිසංඛාසි, යථා භුසා වාතවුට්ඨි ආගන්ත්වා සුප්පතිට්ඨං නිග්‍රෝධරාජං උස්සාපේසි. සච්ඡවීනි මූලානි අහේසුං.

එකල්හී බ්‍රාහ්මණ ධම්මිකයෙනි, යම් සේ මහා වැසි සුළඟක් අවුදින් සුප්පතිට්ඨ නුගරුක් රාජයා ඔසොවයි ද, මුල් සිවි සහිත ව තබයි ද, ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ එබඳු වූ ඉර්ධි ප්‍රාතිහාර්යයක් කළේ ය.

ඒවමේවං ඛෝ බ්‍රාහ්මණ ධම්මික, අපි නු තං සමණධම්මේ ඨිතං ජාතිභූමකා උපාසකා පබ්බාජේසුං සබ්බසෝ ජාතිභූමියං සත්තහි ආවාසේහීති. කථං පන භන්තේ සමණෝ සමණධම්මේ ඨිතෝ හෝතීති. ඉධ බ්‍රාහ්මණ ධම්මික, සමණෝ අක්කෝසන්තං න පච්චක්කෝසති. රෝසෙන්තං න පටිරෝසේති. භණ්ඩන්තං න පටිභණ්ඩති. ඒවං ඛෝ බ්‍රාහ්මණ ධම්මික, සමණෝ සමණධම්මේ ඨිතෝ හෝතීති.

එසෙයින් ම බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ශ්‍රමණ ධර්මයෙහි සිටියා වූ ම ඔබ ජාතිභූමිවාසී උපාසකවරු ජාතිභූමියෙහි සියළු සප්ත ආවාසයන්ගෙන් නෙරපුවාහු ද?”

“ස්වාමීනී, ශ්‍රමණයෙක් ශ්‍රමණ ධර්මයෙහි පිහිටා සිටින්නේ කෙසේ ද?”

“බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙහිලා ශ්‍රමණ තෙමේ ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නොකරයි. ක්‍රෝධ කරන්නහුට පෙරළා ක්‍රෝධ නොකරයි. දබර කරන්නහුට පෙරළා දබර නොකරයි. මෙසේ බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ශ්‍රමණ තෙමේ ශ්‍රමණ ධර්මයෙහි පිහිටියේ වෙයි.”

අට්ඨිතඤ්ඤේව ඛෝ මං භන්තේ සමණධම්මේ ජාතිභූමකා උපාසකා පබ්බාජේසුං සබ්බසෝ ජාතිභූමියං සත්තහි ආවාසේහීති.

“ස්වාමීනී, ශ්‍රමණ ධර්මයෙහි නොපිහිටියේ ම මා ජාතිභූමිවාසී උපාසකවරු ජාතිභූමියෙහි සියළු සප්ත ආවාසයන්ගෙන් නෙරපූහ.”

(1) භූතපුබ්බං බ්‍රාහ්මණ ධම්මික, සුනෙත්තෝ නාම සත්ථා අහෝසි තිත්ථකරෝ කාමේසු වීතරාගෝ. සුනෙත්තස්ස ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, සත්ථුනෝ අනේකානි සාවකසතානි අහේසුං. සුනෙත්තෝ සත්ථා සාවකානං බ්‍රහ්මලෝකසහව්‍යතාය ධම්මං දේසේති. යේ ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, සුනෙත්තස්ස සත්ථුනෝ බ්‍රහ්මලෝකසහව්‍යතාය ධම්මං දේසෙන්තස්ස චිත්තානි න පසාදේසුං, තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිංසු. යේ ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, සුනෙත්තස්ස සත්ථුනෝ බ්‍රහ්මලෝකසහව්‍යතාය ධම්මං දේසෙන්තස්ස චිත්තානි පසාදේසුං, තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිංසු.

1. “බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුනෙත්ත ශාස්තෘ හට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. සුනෙත්ත ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන් හට බඹලොව ඉපදීම පිණිස ධර්මය දේශනා කළේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘ කෙරෙහි සිත් නොපහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපන්හ. යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘ කෙරෙහි සිත් පහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපන්හ.

(2) භූතපුබ්බං බ්‍රාහ්මණ ධම්මික, මූගපක්ඛෝ නාම සත්ථා අහෝසි ….(පෙ)…. (3) අරණේමි නාම සත්ථා අහෝසි ….(පෙ)…. (4) කුද්දාලකෝ නාම සත්ථා අහෝසි ….(පෙ)…. (5) හත්ථිපාලෝ නාම සත්ථා අහෝසි ….(පෙ)…. (6) ජෝතිපාලෝ නාම සත්ථා අහෝසි තිත්ථකරෝ කාමේසු වීතරාගෝ. ජෝතිපාලස්ස ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, සත්ථුනෝ අනේකානි සාවකසතානි අහේසුං. ජෝතිපාලෝ සත්ථා සාවකානං බ්‍රහ්මලෝකසහව්‍යතාය ධම්මං දේසේසි. යේ ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, ජෝතිපාලස්ස සත්ථුනෝ බ්‍රහ්මලෝකසහව්‍යතාය ධම්මං දේසෙන්තස්ස චිත්තානි න පසාදේසුං, තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිංසු. යේ ඛෝ පන බ්‍රාහ්මණ ධම්මික, ජෝතිපාලස්ස සත්ථුනෝ බ්‍රහ්මලෝකසහව්‍යතාය ධම්මං දේසෙන්තස්ස චිත්තානි පසාදේසුං, තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිංසු.

2. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී මූගපක්ඛ නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. 3. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී අරණේමි නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. 4. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී කුද්දාලක නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. 5. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී හත්ථිපාල නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. 6 බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී ජෝතිපාල නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ජෝතිපාල ශාස්තෘ හට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. ජෝතිපාල ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන් හට බඹලොව ඉපදීම පිණිස ධර්මය දේශනා කළේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන ජෝතිපාල ශාස්තෘ කෙරෙහි සිත් නොපහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපන්හ. යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන ජෝතිපාල ශාස්තෘ කෙරෙහි සිත් පහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපන්හ.

තං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ ධම්මික, යෝ ඉමේ පි සත්ථාරේ තිත්ථකරේ කාමේසු වීතරාගේ අනේකසතපරිවාරේ සසාවකසංඝේ පදුට්ඨචිත්තෝ අක්කෝසෙය්‍ය, පරිභාසෙය්‍ය, බහුං සෝ අපුඤ්ඤං පසවෙය්‍යාති. ඒවං භන්තේ, යෝ ඛෝ බ්‍රාහ්මණ ධම්මික, ඉමේ ඡ සත්ථාරේ තිත්ථකරේ කාමේසු වීතරාගේ අනේකසතපරිවාරේ සසාවකසංඝේ පදුට්ඨචිත්තෝ අක්කෝසෙය්‍ය, පරිභාසෙය්‍ය, බහුං සෝ අපුඤ්ඤං පසවෙය්‍ය, යෝ ඒකං දිට්ඨිසම්පන්න පුග්ගලං පදුට්ඨචිත්තෝ අක්කෝසති පරිභාසති, අයං තතෝ බහුතරං අපුඤ්ඤං පසවති. තං කිස්ස හේතු?

නාහං බ්‍රාහ්මණ ධම්මික, ඉතෝ බහිද්ධා ඒවරූපිං ඛන්තිං වදාමි යථා මං සබ්‍රහ්මචාරීසු. තස්මාතිහ බ්‍රාහ්මණ ධම්මික, ඒවං සික්ඛිතබ්බං “න නෝ ආමසබ්‍රහ්මචාරීසු චිත්තානි පදුට්ඨානි භවිස්සන්තීති. ඒවං හි තේ බ්‍රාහ්මණ ධම්මික, සික්ඛිතබ්බන්ති.

බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? යමෙක් ආගමික මතක් පැවසූ, කාමයන්හී වීතරාගී වූ, නොයෙක් සිය ගණන් පිරිවර වූ ශ්‍රාවක සංඝයා සහිත මේ ශාස්තෘවරුන් සය දෙනා කෙරෙහි දූෂිත සිත් ඇති ව ආක්‍රෝශ කරයි නම්, පරිභව කරයි නම්, ඒ තැනැත්තා බොහෝ පව් රැස් කරන්නේ ද?”

“එසේ ය, ස්වාමීනී.”

“බ්‍රාහ්මණ ධම්මිකයෙනි, යමෙක් ආගමික මතක් පැවසූ, කාමයන්හී වීතරාගී වූ, නොයෙක් සිය ගණන් පිරිවර වූ ශ්‍රාවක සංඝයා සහිත මේ ශාස්තෘවරුන් සය දෙනා කෙරෙහි දූෂිත සිත් ඇති ව ආක්‍රෝශ කිරීමෙන්, පරිභව කිරීමෙන් ඒ තැනැත්තා බොහෝ පව් රැස් කරයි නම්, යමෙක් එක් දිට්ඨිසම්පන්න සෝවාන් පුද්ගලයෙකුට දුෂ්ට වූ සිතින් ආක්‍රෝශ කරයි ද, පරිභව කරයි ද, මෙතෙමේ එයට වඩා බොහෝ පව් රැස් කරන්නේ ය. එයට හේතුව කුමක් ද යත්, බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මාගේ සසුනෙහි සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර යම්බඳු ඉවසීමක් ඇද්ද, එබඳු වූ ඉවසීමක් මෙයින් බැහැර වූ අන් තැනක ඇතැයි මම නොකියමි. එහෙයින් බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘තම සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි දුෂ්ට වූ සිත් අපට නොවේවා’ යි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ඔය අයුරිනි.

(ගාථා)

සුනෙත්තෝ මූගපක්ඛෝ ච අරණේමි ච බ්‍රාහ්මණෝ
කුද්දාලකෝ අහු සත්ථා හත්ථිපාලෝ ච මාණවෝ.

සුනෙත්ත, මූගපක්ඛ, අරණේමි බ්‍රාහ්මණතුමා හා කුද්දාලක ශාස්තෘහු ද, හත්ථිපාල මාණවක ද,

ජෝතිපාලෝ ච ගෝවින්දෝ අහු සත්ත පුරෝහිතෝ
අහිංසෙතේ අතීතංසේ ඡ සත්ථාරෝ යසස්සිනෝ.

සත් රජුන්ට පුරෝහිත වූ ජෝතිපාල මාණවක නම් මහා ගෝවින්ද තෙමේ ද, අතීත කාලයෙහි අහිංසක ව කීර්තිධර ව සය වැදෑරුම් ශාස්තෘවරයෝ වූහ.

නිරාමගන්ධා කරුණේ විමුත්තා කාමසඤ්ඤෝජනාතිගා
කාමරාගං විරාජෙත්වා බ්‍රහ්මලෝකූපගා අහු.

ක්‍රෝධ සංඛ්‍යාත ආමගන්ධයෙන් තොර වූ, කරුණා ධ්‍යානයෙන් නීවරණයන්ගෙන් නිදහස් වූ, කාම සංයෝජනයන් මැඬලූ, කාමරාගය දුරු කොට ඔවුහු බඹලොව උපන්හ.

අහේසුං සාවකා තේසං අනේකානි සතානිපි
නිරාමගන්ධා කරුණේ විමුත්තා කාමසඤ්ඤෝජනාතිගා
කාමරාගං විරාජෙත්වා බ්‍රහ්මලෝකූපගා අහු.

ඒ ශාස්තෘවරුන්ගේ ක්‍රෝධ සංඛ්‍යාත ආමගන්ධයෙන් තොර වූ, කරුණා ධ්‍යානයෙන් නීවරණයන්ගෙන් නිදහස් වූ, කාම සංයෝජනයන් මැඬලූ, කාමරාගය දුරු කොටගත් නොයෙක් සියගණන් ශ්‍රාවකයෝ ද බඹලොව උපන්හ.

යේ තේ ඉසී බාහිරකේ වීතරාගේ සමාහිතේ
පදුට්ඨමනසංකප්පෝ යෝ නරෝ පරිභාසති,

යමෙක් ඒ වීතරාගී වූ සමාහිත සිත් ඇති බාහිර සසුනට අයත් ඍෂිවරුන් හට දූෂිත අදහසින් පරිභව කරයි ද,

බහුඤ්ච සෝ පසවති අපුඤ්ඤං තාදිසෝ නරෝ.
යෝ චේකං දිට්ඨිසම්පන්නං භික්ඛුං බුද්ධස්ස සාවකං,

එබඳු වූ පුරුෂයා බොහෝ පව් රැස් කරයි. යමෙක් බුදුරජුන්ගේ ශ්‍රාවක වූ එක් දිට්ඨි සම්පන්න භික්ෂුවකට

පදුට්ඨමනසංකප්පෝ යෝ නරෝ පරිභාසති,
අයං තතෝ බහුතරං අපුඤ්ඤං පසවේ නරෝ.

දූෂිත අදහසින් පරිභව කරයි නම්, ඒ පුරුෂයා පෙරටත් වඩා බොහෝ වූ පව් රැස් කරන්නේ ය.

න සාධුරූපං ආසීදේ දිට්ඨිට්ඨානප්පහායිනං
සත්තමෝ පුග්ගලෝ ඒසෝ අරියසංඝස්ස වුච්චති.

දෘෂ්ටි උපදින තැන් ප්‍රහාණය කරන සුළු සොඳුරු ස්වභාව ඇති ශ්‍රාවකයෙකුට හිංසා නොකරන්නේ ය. ඒ ශ්‍රාවකයා ආර්ය සංඝයා අතර සත් වෙනි පුද්ගලයා යැයි කියනු ලැබේ.

අවීතරාගෝ කාමේසු යස්ස පඤ්චින්ද්‍රියා මුදූ
සද්ධා සති ච වීරියං සමථෝ ච විපස්සනා.

කාමයන්හි අවීතරාගී වූ ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා යන මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් යමෙක් තුළ මෘදු ලෙස වැඩී ඇද්ද,

තාදිසං භික්ඛුමාසජ්ජ පුබ්බේව උපහඤ්ඤති
අත්තානං උපහන්ත්වාන පච්ඡා අඤ්ඤං විහිංසති.

එබඳු වූ භික්ෂුවට හිංසා කොට කලින් ම වැනසෙයි. පළමු ව තමන්ගේ ගුණ වනසා ගෙන පසු ව අනුන්ට හිංසා කරයි.

යෝ ච රක්ඛති අත්තානං රක්ඛිතෝ තස්ස බාහිරෝ
තස්මා රක්ඛෙය්‍ය අත්තානං අක්ඛතෝ පණ්ඩිතෝ සදාති.

යමෙක් තමා ත් රකියි නම්, බාහිර පුද්ගලයා ත් ඔහු විසින් රක්නා ලද්දේ වෙයි. එහෙයින් ගුණයෙන් නොවැනසුණු නුවණැත්තා හැමකල්හි තමා ව රැකගත යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

ධම්මික සූත්‍රය නිමා විය.

ධම්මිකවග්ගෝ පඤ්චමෝ.

පස්වෙනි ධම්මික වර්ගය අවසන් විය.

තස්සුද්දානං:

එහි පිළිවෙල උද්දානයයි :

නාග මිගසාලා ඉණං චුන්දං ද්වේව සන්දිට්ඨිකං
ඛේම ඉන්ද්‍රියා ආනන්ද ඛත්තියා අප්පමාදේන ධම්මිකෝති.

නාග සූත්‍රය, මිගසාලා සූත්‍රය, ඉණ සූත්‍රය, චුන්ද සූත්‍රය, සන්දිට්ඨික සූත්‍ර දෙක, ඛේම සූත්‍රය, ඉන්ද්‍රිය සූත්‍රය, ආනන්ද සූත්‍රය, ඛත්තිය සූත්‍රය, අප්පමාද සූත්‍රය සහ ධම්මික සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දොළොසකි.

පඨමෝ පණ්ණාසකෝ.

පළමුවෙනි පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-5-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M