සැවැත් නුවර දී ය …..
මහණෙනි, කර්මයන්ගේ හටගැනීමට පසුබිම් වූ කරුණු තුනකි. ඒ කවර කරුණු තුනක් ද යත්;
කර්මයන්ගේ හටගැනීමට ලෝභය පසුබිම් වෙයි. කර්මයන්ගේ හටගැනීමට ද්වේෂය පසුබිම් වෙයි. කර්මයන්ගේ හටගැනීමට මෝහය පසුබිම් වෙයි.
මහණෙනි, ලෝභයෙන් අලෝභය හට නොගනියි. නමුත් මහණෙනි, ලෝභයෙන් ලෝභය ම උපදියි. මහණෙනි, ද්වේෂයෙන් මෛත්‍රිය හට නොගනියි. නමුත් මහණෙනි, ද්වේෂයෙන් ද්වේෂය ම උපදියි. මහණෙනි, මෝහයෙන් ප්‍රඥාව හට නොගනියි. නමුත් මහණෙනි, මෝහයෙන් මෝහය ම උපදියි.
මහණෙනි, ලෝභයෙන් හටගත් කර්මයෙන්, ද්වේෂයෙන් හටගත් කර්මයෙන්, මෝහයෙන් හටගත් කර්මයෙන් දෙවියෝ නොපැණෙති. මිනිස්සු නොපැණෙති. යම් අන්‍ය වූ සුගතීහු ද නොපැණෙති. එනමුදු මහණෙනි, ලෝභයෙන් හටගත් කර්මයෙන්, ද්වේෂයෙන් හටගත් කර්මයෙන්, මෝහයෙන් හටගත් කර්මයෙන් නිරය පැණවෙයි. තිරිසන් යෝනිය පැණවෙයි. ප්‍රේත විෂය පැණවෙයි. යම්බඳු අන්‍ය වූ දුගතීහු පැණවෙති.
මහණෙනි, මේ වනාහී කර්මයන්ගේ හටගැනීමට පසුබිම් වූ කරුණු තුනයි.
මහණෙනි, කර්මයන්ගේ හටගැනීමට පසුබිම් වූ කරුණු තුනකි. ඒ කවර කරුණු තුනක් ද යත්;
කර්මයන්ගේ හටගැනීමට අලෝභය පසුබිම් වෙයි. කර්මයන්ගේ හටගැනීමට අද්වේෂය පසුබිම් වෙයි. කර්මයන්ගේ හටගැනීමට අමෝහය පසුබිම් වෙයි.
මහණෙනි, අලෝභයෙන් ලෝභය හට නොගනියි. නමුත් මහණෙනි, අලෝභයෙන් අලෝභය ම උපදියි. මහණෙනි, මෛත්‍රියෙන් ද්වේෂය හට නොගනියි. නමුත් මහණෙනි, මෛත්‍රියෙන් මෛත්‍රිය ම උපදියි. මහණෙනි, ප්‍රඥාවෙන් මෝහය හට නොගනියි. නමුත් මහණෙනි, ප්‍රඥාවෙන් ප්‍රඥාව ම උපදියි.
මහණෙනි, අලෝභයෙන් හටගත් කර්මයෙන්, අද්වේෂයෙන් හටගත් කර්මයෙන්, අමෝහයෙන් හටගත් කර්මයෙන් නිරය නොපැණෙයි. තිරිසන් යෝනිය නොපැණවෙයි. ප්‍රේත විෂය නොපැණවෙයි. යම්බඳු අන්‍ය වූ දුගතීහු නොපැණවෙති. එනමුදු මහණෙනි, අලෝභයෙන් හටගත් කර්මයෙන්, අද්වේෂයෙන් හටගත් කර්මයෙන්, අමෝහයෙන් හටගත් කර්මයෙන් දෙවියෝ පැණවෙති. මිනිස්සු පැණවෙති. අන්‍ය වූ සුගතීහු පැණවෙති.
මහණෙනි, මේ වනාහී කර්මයන්ගේ හටගැනීමට පසුබිම් වූ කරුණු තුනයි.
සාදු! සාදු!! සාදු!!!
කම්මනිදාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M