මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගරය අසල මිදෙල්ල වනයෙහි වැඩවෙසෙන සේක. එකල්හී ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හී සද්ධර්මය බොහෝ කලක් නොපවතින්නේ නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?”
“කිම්බිලයෙනි, මෙහිලා තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුම් නැති ව වාසය කරති. ධර්මය කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුම් නැති ව වාසය කරති. සංඝයා කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුම් නැති ව වාසය කරති. ශික්ෂාව කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුම් නැති ව වාසය කරති. අප්‍රමාදී බව කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුම් නැති ව වාසය කරති. පිළිසඳර කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුම් නැති ව වාසය කරති. කිම්බිලයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හී සද්ධර්මය බොහෝ කලක් නොපවතින්නේ නම් එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි.”
“ස්වාමීනී, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හී සද්ධර්මය බොහෝ කලක් පවතින්නේ නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍ය කුමක් ද?”
“කිම්බිලයෙනි, මෙහිලා තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවතුම් ඇති ව වාසය කරති. ධර්මය කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවතුම් ඇති ව වාසය කරති. සංඝයා කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවතුම් ඇති ව වාසය කරති. ශික්ෂාව කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවතුම් ඇති ව වාසය කරති. අප්‍රමාදී බව කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවතුම් ඇති ව වාසය කරති. පිළිසඳර කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවතුම් ඇති ව වාසය කරති. කිම්බිලයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හී සද්ධර්මය බොහෝ කලක් පවතින්නේ නම් එයට හේතුව මෙය යි. ප්‍රත්‍ය මෙය යි.”
සාදු! සාදු!! සාදු!!!
කිම්බිල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M