සැවැත් නුවර දී ය …..
එකල්හී එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, මම් වනාහී මෙබඳු දෙයක් පවසන, මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙක් වෙමි. එනම් ‘තමා කරන ක්‍රියාවක් නැත්තේ ය. අනුන් කරන ක්‍රියාවක් නැත්තේ ය’ යි.”
“බ්‍රාහ්මණය, මෙබඳු දෙයක් පවසන, මෙබඳු දෘෂ්ටියක් ඇති කෙනෙකු මට දකින්නට නොලැබේවා! එබන්ඳෙකු ගැන මට අසන්නට ත් නොලැබේවා! තමන් ඉදිරියට ගමන් කරමින්, තමන් යළි හැරී එමින් කෙසේ නම් මෙසේ කියන්නේ ද? එනම් ‘තමා කරන ක්‍රියාවක් නැත්තේ ය. අනුන් කරන ක්‍රියාවක් නැත්තේ ය’ යි.
බ්‍රාහ්මණය, ඒ කිමකැයි සිතන්නෙහි ද? යමක් පිණිස පළමුවෙන් ම කළ යුතු වීර්යයක් තිබෙනවා ද?”
“එසේ ය භවත.”
“පළමුවෙන් ම කළ යුතු වීර්යයක් ඇති කල්හී ඒ වීර්යය පළමුවෙන් ම පටන් ගන්නා වූ සත්වයෝ පැණෙත් ද?”
“එසේ ය භවත.”
“බ්‍රාහ්මණය, පළමුවෙන් ම කළ යුතු වීර්යයක් ඇති කල්හී වීර්යය අරඹන්නා වූ සත්වයෝ පැණෙති යි යන යමක් ඇද්ද, මෙය සත්වයන්ගේ තමාගේ කිරීම යි. මෙය අනුන්ගේ කිරීම යි.”
බ්‍රාහ්මණය, ඒ කිමකැයි සිතන්නෙහි ද? යමක් පිණිස අලස බවින් නැගී සිට කරන වීර්යයක් තිබෙනවා ද? ….(පෙ)…. බලවත් ව ඉදිරියට ගෙන යන වීර්යයක් තිබෙනවා ද? ….(පෙ)…. බලවත් වීර්යයක් තිබෙනවා ද? ….(පෙ)…. පිහිටි වීර්යයක් තිබෙනවා ද? ….(පෙ)…. උපක්‍රමයෙන් කරන වීර්යයක් තිබෙනවා ද?”
“එසේ ය භවත.”
“උපක්‍රමයෙන් කරන වීර්යයක් ඇති කල්හී ඒ උපක්‍රමයෙන් වීර්යය ගන්නා වූ සත්වයෝ පැණෙත් ද?”
“එසේ ය භවත.”
“බ්‍රාහ්මණය, උපක්‍රමයෙන් කරන වීර්යයක් ඇති කල්හී උපක්‍රමයෙන් වීර්යය ගන්නා වූ සත්වයෝ පැණෙති යි යන යමක් ඇද්ද, මෙය සත්වයන්ගේ තමාගේ කිරීම යි. මෙය අනුන්ගේ කිරීම යි.
බ්‍රාහ්මණය, මෙබඳු දෙයක් පවසන, මෙබඳු දෘෂ්ටියක් ඇති කෙනෙකු මට දකින්නට නොලැබේවා! එබන්ඳෙකු ගැන මට අසන්නට ත් නොලැබේවා! තමන් ඉදිරියට ගමන් කරමින්, තමන් යළි හැරී එමින් කෙසේ නම් මෙසේ කියන්නේ ද? එනම් ‘තමා කරන ක්‍රියාවක් නැත්තේ ය. අනුන් කරන ක්‍රියාවක් නැත්තේ ය’ යි.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය ….(පෙ)…. අද පටන් මා දිවි තිබෙන තුරා තෙරුවන් සරණ ගිය කෙනෙකු වශයෙන් පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
අත්තකාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M