අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.4.6. විවාදමූල සුත්තං

6.1.4.6. විවාදයන්ට මුල් වන දේ ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡයිමානි භික්ඛවේ විවාදමූලානි. කතමානි ඡ:

මහණෙනි, විවාදයන්ට මුල් වන මේ කරුණු සයකි. ඒ කවර සයක් ද යත්;

(1) ඉධ භික්ඛවේ භික්ඛු කෝධනෝ හෝති උපනාහී. යෝ සෝ භික්ඛවේ භික්ඛු කෝධනෝ හෝති උපනාහී, සෝ සත්ථරි අගාරවෝ විහරති අප්පතිස්සෝ, ධම්මේපි අගාරවෝ විහරති අප්පතිස්සෝ, සංඝේපි අගාරවෝ විහරති අප්පතිස්සෝ, සික්ඛායපි න පරිපූරකාරී හෝති. යෝ සෝ භික්ඛවේ භික්ඛු සත්ථරි අගාරවෝ විහරති අප්පතිස්සෝ, ධම්මේ අගාරවෝ විහරති අප්පතිස්සෝ, සංඝේ අගාරවෝ විහරති අප්පතිස්සෝ, සික්ඛාය න පරිපූරකාරී සෝ සංඝේ විවාදං ජනේති, යෝ හෝති විවාදෝ බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. ඒවරූපං චේ තුම්හේ භික්ඛවේ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හේ, භික්ඛවේ තස්සේව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. ඒවරූපං චේ තුම්හේ භික්ඛවේ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හේ භික්ඛවේ තස්සේව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ. ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හෝති. ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවෝ හෝති.

1. මහණෙනි, මෙහිලා භික්ෂුව ක්‍රෝධයෙන් යුක්ත වූයේ, බද්ධ වෛර ඇත්තේ වෙයි. මහණෙනි, යම් මේ භික්ෂුවක් ක්‍රෝධයෙන් යුක්ත ව බද්ධ වෛරී ව සිටියි නම්, හේ ශාස්තෘන් වහන්සේට ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. ධර්මයට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. සංඝයාට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. ශික්ෂාව ත් පිරිපුන් නොකරන්නේ වෙයි. මහණෙනි, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේට ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, ධර්මයට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, සංඝයාට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, ශික්ෂාව ත් පිරිපුන් නොකරන්නේ වෙයි ද, යම් විවාදයක් බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට දුක් පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙව් මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස හේතු වෙයි ද, සංඝයා මැද ඒ විවාදය උපදවන්නේ ඔහු ය.

මහණෙනි, ඉදින් ඔබ විවාදයට මුල් වූ මෙබඳු වූ දෙයක් තම පිරිස තුළ වේවා, බාහිර පිරිස තුළ වේවා දකින්නහු නම්, මහණෙනි, ඔබ ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය කිරීමට වීර්යය කරව්. මහණෙනි, ඉදින් ඔබ විවාදයට මුල් වූ මෙබඳු වූ දෙයක් තම පිරිස තුළ වේවා, බාහිර පිරිස තුළ වේවා නොදකින්නහු නම්, මහණෙනි, ඔබ ඒ පවිටු විවාද මූලය අනාගතයෙහි ත් හටනොගැනීම පිණිස පිළිපදිව්. මේ අයුරින් ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය වෙයි. මේ අයුරින් ඒ පවිටු විවාද මූලය අනාගතයෙහි නූපදීම වෙයි.

(2) පුන ච පරං භික්ඛවේ භික්ඛු මක්ඛී හෝති පළාසී ….(පෙ)…. (3) ඉස්සුකී හෝති මච්ඡරී ….(පෙ)…. (4) සඨෝ හෝති මායාවී ….(පෙ)…. (5) පාපිච්ඡෝ හෝති මිච්ඡාදිට්ඨි ….(පෙ)…. (6) සන්දිට්ඨිපරාමාසී හෝති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී. යෝ සෝ භික්ඛවේ භික්ඛු සන්දිට්ඨිපරාමාසී හෝති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී. සෝ සත්ථරිපි අගාරවෝ විහරති අප්පතිස්සෝ, ධම්මේපි අගාරවෝ විහරති අප්පතිස්සෝ, සංඝේපි අගාරවෝ විහරති අප්පතිස්සෝ, සික්ඛායපි න පරිපූරකාරී හෝති. යෝ සෝ භික්ඛවේ භික්ඛු සත්ථරි අගාරවෝ විහරති අප්පතිස්සෝ, ධම්මේ ….(පෙ)…. සංඝේ අගාරවෝ විහරති අප්පතිස්සෝ, සික්ඛාය න පරිපූරකාරී, සෝ සංඝේ විවාදං ජනේති, යෝ හෝති විවාදෝ බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. ඒවරූපං චේ තුම්හේ භික්ඛවේ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාථ. තත්‍ර තුම්හේ භික්ඛවේ තස්සේව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්‍යාථ. ඒවරූපං චේ තුම්හේ භික්ඛවේ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්‍යාථ, තත්‍ර තුම්හේ භික්ඛවේ තස්සේව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්‍යාථ. ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හෝති. ඒවමේතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවෝ හෝති. ඉමානි ඛෝ භික්ඛවේ ඡ විවාදමූලානී’ති.

2. තව ද මහණෙනි, භික්ෂුව ගුණමකු වූයේ, එකටඑක කරන්නේ වෙයි. ….(පෙ)…. 3. ඊර්ෂ්‍යා කරන්නේ, මසුරු වූයේ වෙයි. ….(පෙ)…. 4. වංචා ඇත්තේ, මායා ඇත්තේ වෙයි. ….(පෙ)…. 5. පවිටු ආශා ඇත්තේ, මිසදිටු ගත්තේ වෙයි. ….(පෙ)…. 6. තම දෘෂ්ටිය ම දැඩි ව ගත්තේ, තමා දැඩි ව ගත් වැරදි මතය බැහැර නොකළ හැක්කේ වෙයි. මහණෙනි, යම් මේ භික්ෂුවක් තම දෘෂ්ටිය දැඩි ව ගෙන, තමා ගත් වැරදි මතය බැහැර නොකර සිටියි නම්, හේ ශාස්තෘන් වහන්සේට ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. ධර්මයට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. සංඝයාට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි. ශික්ෂාව ත් පිරිපුන් නොකරන්නේ වෙයි. මහණෙනි, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේට ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, ධර්මයට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, සංඝයාට ද ගෞරව නැති ව, යටහත් පැවතුම් නැති ව වාසය කරයි ද, ශික්ෂාව ත් පිරිපුන් නොකරන්නේ වෙයි ද, යම් විවාදයක් බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට දුක් පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙව් මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස හේතු වෙයි ද, සංඝයා මැද විවාදය උපදවන්නේ ඔහු ය.

මහණෙනි, ඉදින් ඔබ විවාදයට මුල් වූ මෙබඳු වූ දෙයක් තම පිරිස තුළ වේවා, බාහිර පිරිස තුළ වේවා දකින්නහු නම්, මහණෙනි, ඔබ ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය කිරීමට වීර්යය කරව්. මහණෙනි, ඉදින් ඔබ විවාදයට මුල් වූ මෙබඳු වූ දෙයක් තම පිරිස තුළ වේවා, බාහිර පිරිස තුළ වේවා නොදකින්නහු නම්, මහණෙනි, ඔබ ඒ පවිටු විවාද මූලය අනාගතයෙහි ත් හටනොගැනීම පිණිස පිළිපදිව්. මේ අයුරින් ඒ පවිටු විවාද මූලය ප්‍රහාණය වෙයි. මේ අයුරින් ඒ පවිටු විවාද මූලය අනාගතයෙහි නූපදීම වෙයි.

මහණෙනි, මේ වනාහී විවාද මූලයෝ සය යි.

සාදු! සාදු!! සාදු!!!

විවාදමූල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M