අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.4.5. විජ්ජාභාගීය සුත්තං

6.1.4.5. අවබෝධ ඥානය ඇති කරවන දේ ගැන වදාළ දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

ඡයිමේ භික්ඛවේ ධම්මා විජ්ජාභාගියා. කතමේ ඡ:

මහණෙනි, මේ අවබෝධ ඥානය ඇති කරවන කරුණු සයකි. ඒ කවර සයක් ද යත්;

අනිච්චසඤ්ඤා, අනිච්චේ දුක්ඛසඤ්ඤා, දුක්බේ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරෝධසඤ්ඤා.

අනිත්‍ය සංඥාව ය. අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ය. දුකෙහි අනාත්ම සංඥාව ය. ප්‍රහාණ සංඥාව ය. විරාග සංඥාව ය. නිරෝධ සංඥාව ය.

ඉමේ ඛෝ භික්ඛවේ ඡ ධම්මා විජ්ජාභාගියාති.

මහණෙනි, මේ වනාහී අවබෝධ ඥානය ඇති කරවන කරුණු සය යි.

සාදු! සාදු!! සාදු!!!

විජ්ජාභාගීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M