අංගුත්තර නිකාය

ඡක්ක නිපාතෝ

6.1.4.2. පඨම අපරිහාන සුත්තං

6.1.4.2. නොපිරිහීම ගැන වදාළ පළමු දෙසුම

සාවත්ථිනිදානං …..

සැවැත් නුවර දී ය …..

අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ඒතදවෝච:

එකල්හී එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනහර වර්ණයෙන් යුතුව මුළු ජේතවන වෙහෙර බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“ඡයිමේ භන්තේ ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්ති. කතමේ ඡ: සත්ථුගාරවතා, ධම්මගාරවතා, සංඝගාරවතා, සික්ඛාගාරවතා, අප්පමාදගාරවතා, පටිසන්ථාරගාරවතා. ඉමේ ඛෝ භන්තේ ඡ ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්ති”

“ස්වාමීනී, මේ කරුණු සය භික්ෂුවකගේ නොපිරිහීම පිණිස පවතියි. ඒ කවර කරුණු සයක් ද යත්;

ශාස්තෘ ගෞරවයෙන් යුතු බව ය. ධර්ම ගෞරවයෙන් යුතු බව ය. සංඝ ගෞරවයෙන් යුතු බව ය. ශික්ෂා ගෞරවයෙන් යුතු බව ය. අප්‍රමාද ගෞරවයෙන් යුතු බව ය. දහම් පිළිසඳරෙහි ගෞරවයෙන් යුතු බව ය.

ස්වාමීනී, මේ වනාහී භික්ෂුවකගේ නොපිරිහීම පිණිස පවතින කරුණු සය යි.”

ඉදමවෝච සා දේවතා. සමනුඤ්ඤෝ සත්ථා අහෝසි. අථ ඛෝ සා දේවතා, සමනුඤ්ඤෝ මේ සත්ථා’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායි.

ඒ දෙවියා මෙය පැවසුවේ ය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළ සේක. ඉක්බිති ඒ දෙවි තෙමේ ශාස්තෘන් වහන්සේ මාගේ වචනය අනුමත කළ සේකැයි භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට එහිම නොපෙනී ගියේ ය.

අථ ඛෝ භගවා තස්සා රත්තියා අච්චයේන භික්ඛූ ආමන්තේසි: ඉමං භික්ඛවේ රත්තිං අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ භික්ඛවේ සා දේවතා මං ඒතදවෝච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මේ රැයෙහි එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනහර වර්ණයෙන් යුතුව මුළු ජේතවන වෙහෙර බබුළුවාගෙන මා වෙත පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස්ව සිටි ඒ දෙවියා මට මෙය සැළ කළේ ය.

“ඡයිමේ භන්තේ ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්ති. කතමේ ඡ: සත්ථුගාරවතා, ධම්මගාරවතා, සංඝගාරවතා, සික්ඛාගාරවතා, අප්පමාදගාරවතා, පටිසන්ථාරගාරවතා. ඉමේ ඛෝ භන්තේ ඡ ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්තීති.”

‘ස්වාමීනී, මේ කරුණු සය භික්ෂුවකගේ නොපිරිහීම පිණිස පවතියි. ඒ කවර කරුණු සයක් ද යත්;

ශාස්තෘ ගෞරවයෙන් යුතු බව ය. ධර්ම ගෞරවයෙන් යුතු බව ය. සංඝ ගෞරවයෙන් යුතු බව ය. ශික්ෂා ගෞරවයෙන් යුතු බව ය. අප්‍රමාද ගෞරවයෙන් යුතු බව ය. දහම් පිළිසඳරෙහි ගෞරවයෙන් යුතු බව ය.

ස්වාමීනී, මේ වනාහී භික්ෂුවකගේ නොපිරිහීම පිණිස පවතින කරුණු සය යි.’

ඉදමවෝච භික්ඛවේ සා දේවතා, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායීති.

මහණෙනි, ඒ දෙවියා මෙය පැවසුවේ ය. මෙය පවසා මා හට සකසා වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.

(ගාථා)

සත්ථුගරු ධම්මගරු සංඝේ ච තිබ්බගාරවෝ,
අප්පමාදගරු භික්ඛු පටිසන්ථාරගාරවෝ,
අභබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේති.

ශාස්තෘ ගෞරවයෙන් යුතු, ධර්ම ගෞරවයෙන් යුතු, සංඝයා කෙරෙහි ද බලවත් ගෞරවයෙන් යුතු, අප්‍රමාදයට ගෞරව ඇති, පිළිසඳර කථාවෙහි ගෞරව ඇති භික්ෂුව පිරිහීමට නුසුදුස්සෙකි. හේ නිවන සමීපයෙහි ම වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම අපරිහාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M